BREAKING
Top Ad
ඇට මැස්සා

පාස්කු බෝම්බය, බදුර්දීන්ගේ මල්ලි, චමල් රාජපක්ෂ, කමල් ගුණරත්න, කොරෝනා දෙවැනි රැල්ල හා 20. -ඇටමැස්සා (36)

T

The Leader

October 5, 2020 • 9:29 AM

පාස්කු බෝම්බය, බදුර්දීන්ගේ මල්ලි, චමල් රාජපක්ෂ, කමල් ගුණරත්න, කොරෝනා දෙවැනි රැල්ල හා 20. -ඇටමැස්සා (36)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු බෝම්බය පුපුරා ගියේ යහපාලන ආණ්ඩුව කාලයේ ය.
  • බෝම්බය පුපුරන බව කල් තියා දැන සිටි අය නිදහසේ ය.
  • කමල් ගුණරත්න බදුර්දීන්ගේ ගුණ වැයුවේ පාසල් කාලයේ මිත්‍රයකු ලෙසිනි.
  • කොරෝනා දෙවැනි රැල්ලක් නොසිතූ ලෙස ඉස්මතු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

බෝම්බය පුපුරුවා ගත් අය ස්වර්ගයේය.

බෝම්බය පිපිරවීමට උපදෙස් සහ ආධාර අනුබල දුන් අය නිදැල්ලේය.

බෝම්බය පුපුරන බව කල් තියා දැන සිටි අය නිදහසේ ය.

බෝම්බය නිසා පීඩාවට පත් ජනතාවත් ඔවුන්ගේ ඥාතීනුත් තව තවත් ගින්දරේ ය.

ඔවුන්ගේ සාධාරණත්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නට කිසිවකු නැත.

අඩුම තරමේ මව් රට ගැන ලොකු කතන්දර කියා වීඩියෝ දාන මංගල වත් නැත.

ඒ කාලේ බදුර්දීන්ගේ මල්ලි ගැන කීවේ වෙනම කතාය.
ඒ මීට මාස 5 කට පෙරය.

දැන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාය.
ඒ මාස 5 කට පසුවය.

අත්අඩංගුවට ගන්නා විට ඉර හද මෙන් පැහැදිලි සාක්කි තිබුනේ ය.

නිදහස් කරන විට සාක්කිත් නැත.
හෘද සාක්ෂියවත් නැත.

බදුර්දීන්ගේ මල්ලි නිදහස් වන ලකුණු පෙන්නුම් කළේ චමල් රාජපක්ෂ හා කමල් ගුණරත්න විසිනි.

චමල්, බදුර්දීන්ව පිළිගන්නේ මහින්ද දුටුවාක් වැනි සුහද සිතිනි.

කමල් ගුණරත්න බදුර්දීන්ගේ ගුණ වැයුවේ පාසල් කාලයේ මිත්‍රයකු ලෙසිනි.

ඒ ආසන්නයේම බදුර්දීන්ගේ සොහොයුරා සාක්කි නැතිකම උඩ නිදහස් වන්නේ චිත්‍රපටියක දසුන් පෙළක් මෙනි.
හරියටම හින්දි චිත්‍රපටියක් වගේම ය.

ඒ නිදහස් කිරීම ගැන විරෝධය හතරවටින් එල්ල වන්නට විය.

එහෙත් ඒ විරෝධයට ආයුෂ කෙටි විය.

කොරෝනා දෙවැනි රැල්ලක් නොසිතූ ලෙස ඉස්මතු විය.

දැන් බදුර්දීන්ගේ සොහොයුරා ගැන මෙලෝ  මතකයක් නැත.

මිනිසුන් සුපර් මාර්කට් පෝලිම්වලය.

බාර් පෝලිම් වලය.

සියලු දෙනාම බඩු පොදි ගැසීමේ අරගලයේ ය.

කොරෝනා දෙවැනි රැල්ල මිනුවන්ගොඩ පැත්තෙන්ම මතු වන්නේ ඒ ලයින් එක දිගට යන විට කතෝලික පසුබිමක් හසුවන නිසාම නොවන්නට පුළුවන.

එනිසාම වන්නටත් පුළුවන.

දේශපාලන ක්‍රමෝගයක් කියන්නේ මෙන්න මේවාටය.

සමහර විට රටම ලොක් ඩවුන් එකට යාමටත් පුළුවන.

එහෙත් එසේ ගියත් යළි රු. 5000/- දීමනාව නම් ලැබෙන්නේ නැත.

මක්නිසාදයත් ඡන්දයක් ලඟපාත නැති බැවිනි.

මේ ලොක් ඩවුන් එක අස්සේ සිදුවිය හැකි එකම දෙය නම් 20 ගෙන ඒම පමණය.

20 ගෙනෙනවාට ඇටමැස්සා විරුද්ධ නැත.

විරුද්ධ මෙහි අඩංගු විය යුතු ප්‍රජාතන්ත්‍රවාදී සාධක මරා දමනවාට පමණය.
මෙය සරල විග්‍රහයක් පමණි.

එසේ නොමැතිව මෙය අපේ රටේ දේශපාලන විචාරක ඔස්තාර්ලා කරන මෙලෝ රහක් නැති, මෙලෝ හරයක් නැති නිකම් වචන සෙට් එකක් පමණක් නොවේ.

මෙය පොළොවේ පය ගසා සිටින සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතේ මතුවන සැක සංකා ය.

ඒවා නිවේදන මගින් දුරු කළ හැකි නොවේ.

මේ සැක සංකා දුරු කළ හැක්කේ ක්‍රියාවෙන් ම පමණි.

2019 පුපුරා ගියේ පාස්කු බෝම්බ යයි.

2020 දැන් පුපුරා යමින් තිබෙනුයේ 69 ලක්ෂයක් ජනතාවගේ විශ්වාසයේ බෝම්බයයි.

රටේ සිදුවෙමින් පවතින දේ තේරුම් ගැනීමට වික්ටර් අයිවන් හෝ කුසල් පෙරේරා හෝ මෙන් රැවුල කක කහා ලියන මහා බරපතළ දේශපාලන විග්‍රහයන් අවශ්‍ය නොවේ.

ඇටමැස්සා ලිපියේ හෙඩිම කියවීම පමණක් ම සෑහෙයි.


(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...