BREAKING
Top Ad
ඇට මැස්සා

තිරාණගම රතනසාර හාමුදුරුවෝ - ඇටමැස්සා (32)

T

The Leader

September 28, 2020 • 4:15 AM

තිරාණගම රතනසාර හාමුදුරුවෝ - ඇටමැස්සා  (32)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ( තිරණාගම රතනසාර හිමි තරුණ අවධියේදී )
  • තිරණාගම හාමුදුරුවෝ මට හමුවන්නේ 1980 දශකයේ දී.
  • මේ යකාගේ අතට සතයක් දමා පහල ඇති හැඬලය පෑගූ විට සතේ කටේ දමා ගන්නවා .
  • මේවා සේරම අතුරු කතා මේ ඇතුළු කතා ටික කීවේ අවසානයට සිදු වූ ඛේදවාචකය එක පාරටම කියන්න බැරි නිසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අපට ජීවිතයේ දී විවිධාකාර මිනිසුන් හමුවෙනවා.

මේ හැමෝම සුදුත් නෑ. කළුත් නෑ.

මේ අය අතුරින් සමහරුන් අද අප අතර නෑ.

ඒත් ඔවුන්ගේ මතකය තවමත් අප අතර ඉතිරිව පවතිනවා.

තිරණාගම රතනසාර හාමුදුරුවෝ එවැනි කෙනෙක්.

හාමුදුරුවෝ ගිනි පුක් කාරයා. 
හරියට තරහ යනවා.

හැබැයි ඒ තරහ දිගටම හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි ඒ හාමුදුරුවෝ.

තිරණාගම හාමුදුරුවෝ මට හමුවන්නේ 1980 දශකයේ දී.

ඒ කාලේ උන් වහන්සේ තණමල්විල පැත්තෙ පුංචි පන්සලක් හදාගෙන හිටියේ.

දුප්පත්කමේ පතුලටම ගිලිලා තිබුණු ගමක් ඒක.

පන්සලක් කිව්වට පන්සලකුත් නෙවෙයි.

පුංචි ගොඩනැගිලි දෙකක් විතරයි ඒ කාලේ තිබුනේ.

තිරණාගම රතනසාර හාමුදුරුවෝ මුල් කාලයේ වැඩ වාසය කරල තියෙන්නෙ වේරගොඩ කියන ගමේ ජයන්ති විහාරයේ.

පන්සල කිට්ටුව කන්ද උඩට වෙන්න ගෙයක් තිබුණා.

ඒකට කිව්වේ සිංහල උළු ගෙදර කියලා.

මේ ගෙදර ඉස්සරහ කාමරය වෙන් කරලා තිබුණේ තිරණාගම හාමුදුරුවන්ට.

මොකද රතනසාර හාමුදුරුවන්ට තදවෙච්ච ගමන් සේරම දමලා ගහලා යනවා.

හාමුදුරුවන්ගේ තරහ නිවෙන කන් මේ ගෙදර ඉස්සරහ කාමරේ තමයි උන්නේ.

තරහ නිවිලා ගියාට පස්සේ හෙමින් සීරුවේ හාමුදුරුවන්ව පන්සලට පිටත් කරලා හරිනවා.

හාමුදුරුවොත් මොකුත් නොවුනා වගේ ආපහු පන්සලට වැඩම කරලා ආපහු මල පනින දවසක් එනකන් වැඩ වාසය කරනවා.

මේක නිකං හරියට කැලැන්ඩරේ පිටු පෙරළෙනවා වගේ දෛනික චර්යාවක් වුණා.

ඔය ජයන්ති විහාරයේ බුදුගෙයි තවත් අපූරු දෙයක් තිබුණා.

ඒ තමයි මැටි යකෙක්.

මේ සතාව මැට්ටෙන් අඹා තිබුණේ පන්සලේ ම වැඩ වාසය කරපු මාතර හාමුදුරුවෝ.

මේ යකාගේ අතට සතයක් දමා පහල ඇති හැඬලය පෑගූ විට සතේ කටේ දමා ගන්නවා .8022 3 asiyawe bauddha kalaa 2 budu pilima
මේක හරිම නිර්මාණාත්මක පිං කැටයක්.

මේවා සේරම අතුරු කතා මේ ඇතුළු කතා ටික කීවේ අවසානයට සිදු වූ ඛේදවාචකය එක පාරටම කියන්න බැරි නිසයි.

තිරණාගම රතනසාර හාමුදුරුවෝ තණමල්විල ඒ කුඩා පන්සලත් හදාගෙන ගම්මුන්ට උදව් උපකාර කරගෙන ජීවත් වුණා.

රතනසාර හාමුදුරුවෝ කියන්නේ දැන් ඉන්න ඥානසාරලා වගෙ හැලපසාරයන්ට වඩා වැඩක් කරපු ශාස්ත්‍රීය දැනුමක් තිබූ හාමුදුරු නමක්.

ආසියාවේ බුදු පිළිම ගැන රතනසාර හාමුදුරුවෝ පොත් කිහිපයක්ම පළ කළා.

උන් වහන්සේට තිබුනු එකම ආදායම් මාර්ගය වුණෙත් ඔය පොත් විකිණීමෙන් ලද සොච්චමයි.

ඔය අතරේ මේ ගමේ කොල්ලෙක් පළමු වතාවට උපාධිධාරියෙක් බවට පත්වෙනවා.

එදා තරම් හාමුදුරුවෝ සතුටු වෙච්ච දවසක් නෑ.

ඔහොම කාලයක් ගියා. හාමුදුරුවන්ගේ පන්සල ඉස්සරහම  NGO  පල්ලියක් හැදුනා.

තිරණාගම හාමුදුරුවන්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ මෙන්න මේ NGO පල්ලිය බිහි වීමත් එක්කයි.

ගමේ ඇත්තො පෝයට සිල් ගන්න එක අඩාල වෙන්න ගත්තා.

දහම් පාසල වෙත දරු දැරියන්ගේ එන එක අඩු වෙන්න ගත්තා.

මොකද හරියට පෝය දාටයි ඉරිදා දවස්වලටයි අර NGO පල්ලියේ පූජකතුමා ඇඳුම් බෙදන්න, සෞඛ්‍ය සායන පවත්වන, පාසල් උපකරණ බෙදන්න පටන් ගත්තා.

NGO පල්ලියෙන් විසි කරපු මුදල් කන්දරාව හමුවේ රතනසාර හාමුදුරුවෝ පරාද වෙනවා.

දුප්පත් ගැමියන්ට පන්සලට වඩා එක්සයිස් පොත, ඇස් කණ්ණාඩිය , බේල් ඇදුම් ටික වටින්න ගන්නවා.

මේ වෙනකොට ගමේ එකම උපාධිධාරියා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට එක් වෙනවා.

හාමුදුරුවන්ට ඔහුව එයින් ගලවා ගන්න බැරි වෙනවා.

රතනසාර හාමුදුරුවෝ එක්ක බොහෝ දෙනෙක් අමනාප වෙනවා.

හාමුදුරුවන්ගෙ ගිනිපුක් ගායත් ඒකට හේතු වෙනවා.

1988 - 1989 භීෂණ සොමිය එළඹෙන්නේ මේ කාලයේ.

හාමුදුරුවන්ට ජීවිත තර්ජන එල්ල වෙන්න ගන්නවා.

අන්තිමට මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ තිරණාගම රතනසාර හාමුදුරුවන්ව මහරගම පිහිටි සිරි වජිරඤාණ ධර්මායතනය ට කැඳවාගෙන එනවා.115772180 3125415470880737 1609636464545743527 n

රතනසාර හාමුදුරුවෝ කාලයක් මෙහි නතරවී ඉන්නවා.

ඔහොම කාලය ගෙවී යන අතරේ තණමල්විල ගමේ ගැමියන් පිරිසක් රතනසාර හාමුදුරුවෝ බලා කියාගෙන යන්න කොළඹ එනවා.

මේ උදවිය නැවත ගම් බලා යන්න සූදානම් වුණා ම රතනසාර හාමුදුරුවනුත් ඔවුන්ව පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකට ඇරලවන්න එනවා.

පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේදි හාමුදුරුවන්ගේ හිත වෙනස් වෙනවා.

උන්නාන්සේ මේ ගැමියන් එක්ක බස් එකේ නැගලා ගමේ යනවා.

එදා රෑ දෙගොඩ හරියේ හාමුදුරුවන්ගේ කුටියට කවුරුහරි තට්ටු කරන සද්දයක් ඇහෙනවා.

ඊට පස්සේ ඇහෙන්නේ වෙඩි හඬක්.

පහුවදා පාන්දර කුටිය තුල තිබූ රතනසාර හාමුදුරුවන්ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර හමු වෙනවා.

දැනට මේ සිද්ධිය වෙලා අවුරුදු 30 කටත් වැඩියි.

රතනසාර හාමුදුරුවන්ව ඝාතනය කළේ  ජ.වී.පෙ. තුවක්කු කාරයන්ද, නැත්නම් NGO  පල්ලියෙන් ද කියන එක තාමත් ප්‍රශ්නයක්.

ඒක කවදාවත් උත්තරයක් නොලැබෙන ප්‍රශ්නයක්.

ඒ වගේම කිසිම කෙනෙක් උත්තරයක් හොයාගන්න මහන්සි නොවන ප්‍රශ්නයක්.

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...