BREAKING
Top Ad
ඇට මැස්සා

ටොයියා සහ බයියා -ඇටමැස්සා (39)

T

The Leader

October 8, 2020 • 4:33 AM

ටොයියා සහ බයියා -ඇටමැස්සා (39)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ වෙසෙන මිනිසුන් වර්ග දෙකකට බෙදිය හැකිය.
  • ඉස්සර නම් ටොයියා ගේ ආණ්ඩුවක් බලයේ ඇති විට ටොයියා ගත්තේ සිළුමිණ පත්තරේ ‍ය.
  • බයියා ගේ ආණ්ඩුවක් බලයේ ඇති විට බයියා ගත්තේ සිළුමිණ පත්තරය යි.
  • ඔවුන් මේ චැනල් තෝරාගෙන ඇත්තේ පෙන්වන ටෙලි නාට්‍යය මත නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එකක් ටොයියන් ය.
අනෙක බයියන් ය.

ටොයියා ප්‍රතිගාමී ය.
බයියා ප්‍රගතිශීලී ය.

ටොයියා යූ.එන්.පී. ය.

යූ.එන්.පී. එක හා අත්වැල් බැදගන්නා ඕනම පුද්ගලයකුට ඕනම පක්ෂයකට ටොයියා කැමති ය.

බයියා පොහොට්ටුවේ ය.

එහෙත් පොහොට්ටුව හා අත්වැල් බැදගන්නා හැම පුද්ගලයකුටමත්, හැම පක්ෂයකටමත් බයියා කැමති නැත.

බයියා ටොයියා ගෙන් වෙනස් වන්නේ එතැනිනි.

සුමන්තිරන්ලා, බදුර්දීන්ලා, සම්පන්දන්ලා, හකීම්ලා ට ටොයියා කැමති ය.

මොකද මේ සෙට් එක යූ.එන්.පී. ලයින් එකට පෑහෙන නිසා ය.

එහෙත් සුමන්තිරන්ලා, බදුර්දීන්ලා, සම්පන්දන්ලා, හකීම්ලා ට බයියා  කැමති නැත.

මේ සෙට් එක පොහොට්ටුවට සපෝට් කළත් බයියා ඔවුන් දෙස බලන්නේ සැකයෙනි.

ටොයියා කැමතිම ගීතය රවීන්ද්‍ර යසස් ගායනා කරන 
" කන්න දෙනවා නම්
                 අපිට බොන්න දෙනවා නම්
                 මොන කෙංගෙඩියද තව 
                 ඕනෑ කියන්නේ ....// "
නම් වූ වේදිකා නාට්‍ය ගීතය යි.

බයියා කැමතිම ගීතය මහගම සේකර පද රචනා කළ ( සේකර ලියුවේ ගේය පද නොවේ) නන්දා මාලිනි ගායනා කළ පසුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න නන්දාට ගායනා කිරීම තහනම් කළ 
  " මේ සිංහල අපගෙ රටයි
                 අප ඉපැදෙන මැරෙන රටයි
                 අප හද පණ ගැහෙන රටයි
                 මුළු ලොව ඒ රටට යටයි...."
ගීතය යි.

ටොයියා කැමතිම නාට්‍යය සාජන්ට් නල්ලතම්බි ය.

බයියා කැමතිම නාට්‍යය සිංහබාහු ය.

ඉස්සර නම් ටොයියා ගේ ආණ්ඩුවක් බලයේ ඇති විට ටොයියා ගත්තේ සිළුමිණ පත්තරේ ‍ය.

බයියා ගේ ආණ්ඩුවක් බලයේ ඇති විට බයියා ගත්තේ සිළුමිණ පත්තරය යි.

දැන් නම් මොන ආණ්ඩුව ආවත් ටොයියාවත්, බයියාවත් සිළුමිණ නම් ගන්නේ නැත.

අද ටොයියා බලන පත්තරේ ලංකාදීප ය.

බයියා බලන පත්තරේ මව්බිමය ය.

ටොයියා ගේ ටීවී එක සිරස ය.

බයියා ගේ ටීවී චැනල් එක දෙරණ හෝ හිරු ය.

ඔවුන් මේ චැනල් තෝරාගෙන ඇත්තේ පෙන්වන ටෙලි නාට්‍යය මත නොවේ.

ගහන නිව්ස් එක මතය.

යූ.එන්.පී. එක පරදින ජන්දයක දී ටොයියා කීයටවත් ජන්ද පොළට යන්නේ නැත.

දිනුවත්, පැරදුණත් බයියා උදෙන්ම ගොස් කතිරය ගසයි.

ටොයියා ආදරේ බඩට ය.

බයියා ආදරේ රටට ය.

ටොයියා ට දේශප්‍රේමයක් නැත.

බයියා බොරු දේශප්‍රේමයටත් රැවටෙයි.

ටොයියා වහලෙකි.

යහපාලන ආණ්ඩුව කාලයේ මහ බැංකු මංකොල්ලය සිදුවිය.

ජිනීවා ගොස් මවිබිමට එරෙහිව යෝජනා සම්මත කර ගැනීමට අත ඉස්සීය.

නැවත කොටි ෆෝම් කළේය.

ඔත්තු සේවා නට්ටං කර දැමුවේ ය.

පාස්කු ප්‍රහාරය සිදුවිය.

මේ සෑම ප්‍රශ්නයකදීම කොන්දේසි විරහිතව ටොයියා යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ ය.

එහෙත් බයියා වහලෙකු නොවේ.

ටොයියන් රාජපක්ෂවරුන්ට මඩ ගසන විට අතින් වියදම් කරගෙන ඒවාට ප්‍රති උත්තර බැන්දේ බයියන් විසිනි. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන සිටි බදුර්දීන්ගේ සොහොයුරා සාක්කි නැතැයි කියා නිදහස් කරන විට වැඩිම විරෝධය එල්ල කර ඇත්තේ බයියන් විසිනි. 

බයියා ට පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කළ යුතුය.

බයියා ටොයියා මෙන් ඩීසන්ට් නැත.

ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවට ඇති බරපතලම ප්‍රශ්නය කොරෝනාවෙන් ගැලවීමවත්, 20 වැනි සංශෝධනයවත්, ආර්ථික අවපාතයවත්, අපනයන වෙළෙඳාම කඩාවැටීමවත් නොවේ.

බයියන්ව බැලන්ස් කරගන්නේ කෙසේද යන්න යි.

ටොයියා හරියටම පොමනේරියන් බලු පැටවෙක් මෙනි.

බයියා පරයා ඩෝග් කෙනෙකි.

මස් කට්ට පෙන්වීමෙන් පමණක් ඌව ඇන්දිය නොහැකිය.

අර්බූද සමනය කරගැනීමට ගන්නා කාලය වැඩිවන තරමට අවශ්‍ය කරන මස් කටු ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

(ඇටමැස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...