විජය කුමාරතුංගලා, ජෝතිපාලලා,
එම්. එස්. ලා නැවත ඉපදුනත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් ආපහු උපදිනේත් නැත.
1977 දී දේශපාලන කරළියට පිවිසෙන ඔහු තවමත් පක්ෂය තුල නොදැවී සිටී.
( එක්සත් ජාතික පාක්ෂිකයන් ඔහුව බිංදුවට අවුට් කිරීම වෙනමම කතාවකි.)
රනිල් එදා දේශපාලනයට පිවිසෙන විට මා
සත 25 හේ බස් ටිකට් එකක් රැගෙන පාසල් ගිය දරුවෙකි.
අද වයෝවෘද්ධ වියේදී ත් රනිල් දේශපාලනය කරන විට මගේ දරුවන් පාසල් අධ්‍යාපනය පමණක් නොව උසස් අධ්‍යාපනය ද නිමවා හමාරය.
මම පැන්ෂන් යන්නත් ළගය.
රනිල් ගේ ශබ්ද කෝෂයේ එවැනි වචනයක් නැත.
ලෝකයේ වැඩිම වාර ගණනක් අගමැති වූ පුද්ගලයා රනිල් ය.
එසේම ලෝකයේ වැඩිම වාර ගණනක් පරාජයට පත් වූ පක්ෂ නායකයා ද රනිල් ය.
චන්ද්‍රිකා ගේ කාලේ මහ බැංකුවට බෝම්බ ගැහුවේ ත්‍රස්තවාදීන් ය.
රනිල් ගේ කාලේ මහ බැංකුවට බෝම්බ ගැහුවේ රනිල්ම ය.
රනිල් ට තරම් නොසැලෙන ගුණයක් ලොව කිසිදු නායකයකුට නැත.
රනිල් බාහිරින් මද සුළගටත් වැනෙන සුළු ය.
එහෙත් ඔහු ඇතුළතින් ශක්තිමත් ය.
මේ සම්මජ්ජාතියේ ඔහුව එළවා ගන්න බැරි හේතුව එයයි.
ඔහු අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනෙන විට ජ.වි.පෙ. එදා පෝස්ටර් ගැසුවේ ' රනිල් ගොනා ගෙදර පල' කියායි.
( එදා ජ.වි.පෙ. නායකයා රෝහණ විජේවීර බවත්, රෝහණ විජේවීර නායකත්වය දැරූ ජ.වි.පෙ. එ.ජා.ප. විරෝධී බවත් 1990 න් පසු උපන් පාඨකයෝ කරුණාවෙන් සලකත්වා! )
ජ.වි.පෙ. තමන්ට විරුද්ධව කොයි තරම් පෝස්ටර් ගැසුවත් රනිල් සැලුනේ නැත.
ඔහු ජ.වි.පෙ. විනාශ වන්නට ඉඩ හැර තමාට සේවය කරන ජනතා විමුක්ති පෙරමුණක් හා නායකත්වයක් නිර්මාණය කර ගත්තේය.
ලලිත්ලා, ගාමිණීලා පක්ෂය කඩාගෙන යද්දිත් රනිල් නොසැලී සිටියේය.
ටික කලෙකින් ගාමිණී ආපසු එද්දිත් රනිල් නොසැලී සිටියේය.
ගාමිණී පක්ෂ නායකයා වී, පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙද්දිත් රනිල් නොසැලී සිටියේය.
ගාමිණී ගේ වියෝවෙන් පසු ශ්‍රීමා දිසානායක පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වූ විටත් රනිල් නොසැලී පක්ෂය සමග රැදෙමින් චන්ද්‍රිකා ට උදව් කළේය.
ඉන් පසුව පක්ෂ නායකත්වයට පත් වූ රනිල් පක්ෂ නායකත්වය රැක ගත්තේ දිනන්න බැරි හැම ජන්දයකදීම පොදු අපේක්ෂකයකු යොදා ගනිමිනි.
2010, 2015, 2019 සිද්ධ වූයේ එයයි.
2010 හා 2019 දී රනිල් සරත්ට හෝ සජිත්ට ජන්දය දුන්නාදැයි දන්නේ උඩ ඉන්නා දෙයියන්ම පමණි.
රනිල් බලයේ සිටිද්දී හැසිරෙන්නේ ෆ්‍රෙඩී සිල්වා ලෙසිනි.
ඔහු විපක්ෂයේ සිටියදී හැසිරෙන්නේ ගාමිණී ෆොන්සේකා විලසිනි.
රනිල් ගේ නායකත්වයට එරෙහිව ගාමිණී අතුකෝරල ගේ පටන් සජිත් ප්‍රේමදාස දක්වා කැරළි ගණනාවක් ඇති විය.
ඒ හැම සටනකින්ම පක්ෂය විනාශ කරගෙන හෝ රනිල් ජය ගත්තේය.
රනිල් ට ජයගත හැකිව තිබූ එකම ජන්දය වූයේ 1999 පැවැති ජනාධිපතිවරණයයි.
කොටි ත්‍රස්තවාදීන් චන්ද්‍රිකා ට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා එය වැළකී ගියේය.
( කොටි ත්‍රස්තවාදීන් වුවත් ඔවුන් මේ රටට මෛත්‍රීපාල සිරිසේන ට වඩා ආදරේ බව ඔප්පු කළේ එම අවස්ථාවේදී ය.)
එදා ආර්. ප්‍රේමදාස නිසා ලලිත් හා ගාමිණී පක්ෂය කඩන් ගියහ.
මෙදා රනිල් නිසා ප්‍රේමදාස ගේ පුතා පක්ෂය කඩන් ගියේය.
අවසානයේ යූ.එන්.පී. ය එක ආසනයක්වත් දිනාගත නොහැකි තැනට ඇද වැටුණි.
එහෙත් රනිල් ඇද වැටුනේ නැත.
ඔහු ළග එන පලාත් සභා ජන්දයේදී පක්ෂය වෙනුවෙන් නායකත්වය දීමට සූදානම් ය.
සමහර විට ඔහු බස්නාහිර පලාතේ මහ ඇමැතිතුමා වීමට බලාපොරොත්තු වනවා ඇත.
එය වැරදි ගියහොත් පලාත් පාලන ජන්දය එන තෙක් පක්ෂ නායකයා වී කොළඹ නගරාධිපති තනතුර ට වුවත් ඉල්ලන්නට බැරි නැත.
රනිල් යනු එහෙව් පුත්තරයෙකි.
රනිල් මැතිදුනි,
කවදා හෝ ඔබට ජය ලැබෙන තුරු ජය වේවා!
(ඇටමැස්සා FB පිටුවෙන්)
බස්නාහිර මහ ඇමැති රනිල් ...! - ඇටමැස්සා
T
The Leader
August 18, 2020 • 11:18 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රනිල් තරම් එක්සත් ජාතික පක්ෂයට ආදරේ තවත් නායකයෙක් මේ මිහිපිට නැත.
- 1977 දී දේශපාලන කරළියට පිවිසෙන ඔහු තවමත් පක්ෂය තුල නොදැවී සිටී.
- ( එක්සත් ජාතික පාක්ෂිකයන් ඔහුව බිංදුවට අවුට් කිරීම වෙනමම කතාවකි.) රනිල් එදා දේශපාලනයට පිවිසෙන විට මා සත 25 හේ බස් ටිකට් එකක් රැගෙන පාසල් ගිය දරුවෙකි.
- එහෙත් ඔහු ඇතුළතින් ශක්තිමත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


