BREAKING
Top Ad
බුකිය

'TV ටෝක් ෂෝ'වලට යන දේශපාලකයින්ට මාලිංග ගෙන් පාඩමක්!

T

The Leader

July 8, 2019 • 10:17 AM

'TV ටෝක් ෂෝ'වලට යන දේශපාලකයින්ට මාලිංග ගෙන් පාඩමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවතට විසිවීමෙන් පසු යළි පෙරලා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගෙන් මාධ්‍යවේදීන් කටුනායක ගුවන් තොටුපොළේ දී දිගට හරහට ප්‍රශ්න කල අතර, එහිදී ලසිත් මාලිංග ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය සමාජ මාධ්‍යවල සංවාදයට ලක්වෙමින් තිබේ.
  • ඒවගේම ඔය මයික්-මාධ්‍ය සෙට් එකටත්.
  •   මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති තිලාන් ජයසේකර මෙසේ සඳහන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රුපවාහිනී 'ෂෝ' වලට යන දේශපාලනඥයින්ට ද එයින් වැදගත් පාඩමක් ලබාගත හැකි බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ කතෘ උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

ගොන් ප්‍රශ්න ඇහැව්වොත් වෙන දේ බලාගන්න මයික්-මාධ්‍යකට්ටිය. එක පාරක් මාග්‍රට් තැචර්ට චෝදනාවක් කලා "සමහරු එහෙම කියනවා" කියල. Who are they? Name them! (ඔවුන් කවුද? නම් කරන්න!) කියල තැචර් කිව්ව. වැඩේ එතනින් ඉවරයි. ඔය රූපවාහිනී ටෝක් ශෝ වලට යන දේශපාලනඥයින්ටත් මාලිංගගෙන් යමක් ඉඟෙන ගන්න තියෙනව. ඒවගේම ඔය මයික්-මාධ්‍ය සෙට් එකටත්.

uvindu post 1 

මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති තිලාන් ජයසේකර මෙසේ සඳහන් කර ඇත.

''කැමරාවයි මයික් එකයි අටවගෙන අර ආණ්ඩුවෙන් දුන්න මාධ්‍යවේදී හැඳුනුම්පත බෙල්ලෙ එල්ල ගත්තට පස්සේ ඕනි එකෙකුට මයික් එක දික් කරලා ඕනි දෙයක් අහන්න පුළුවන් කියලා හිතන මාධ්‍යවේදී උන්නැහේලා උස්සලා පොලවේ ගැහුවා වගේ වැඩක් තමා මාලිංග ඊයේ කරන්නේ.

ක්‍රිකට් දන්න මාලිංගගෙන් ක්‍රිකට් ගැන මෙලෝ මල සසරක් නොදන්න ඕපදූප පප්පෙක් හෙන ගෙං ප්‍රශ්ණ ටිකක් අහගෙන යද්දි මාලිංගට උනත් දෙන්න වෙන උත්තරයක් නෑ. කොහොම උනත් ඒ උත්තරෙන් රිදුන රූපවාහිණිය තමන් රටේ ජාතික නාලිකාව කියන එකත් අමතක කරලා නිකං ගොසිප් සයිට් එකක වගේ හෙඩිමකුත් එක්ක තමා මාලිංගගේ වීඩියෝව පල කරන්නේ.

Thilan post 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...