BREAKING
Top Ad
පරිසර

'තව අවුරුදු 10කින් යාල ඉවරයි' - හිටපු වනජීවී ප්‍රධානියෙකුගෙන් අනතුරු ඇඟවීමක්

T

The Leader

November 19, 2023 • 3:18 AM

'තව අවුරුදු 10කින් යාල ඉවරයි' - හිටපු වනජීවී ප්‍රධානියෙකුගෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාල ජාතික වනෝද්‍යානය හා බැඳුණු සංචාරක කර්මාන්තයේ පැවැත්ම තවත් වසර දහයකට සීමා වනු ඇතැයි හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්
  • එම කාලය ඇතුළත යාල සංචාරක කර්මාන්තය තීරණාත්මක අවධියකට පත්වනු ඇති බවට වන ලක්ෂණ මේ වනවිටත් පෙන්නුම් කරන බව ද ඔහු කීය.
  • මේ වනවිට යාල ආශ්‍රිතව දක්නට ලැබෙන වන සතුන් ගණන ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බවක් දක්නට ලැබෙන්නේ යැයි ද ඔහු පැවසීය.
  • යාල සෆාරි මූලිකව බැඳී ඇත්තේ වන සතුන් සමග නිසා ඒ ආශ්‍රිතව දක්නට ලැබෙන වන සතුන් ගණන ක්‍රමයෙන් අඩු වීම සංචාරක ආකර්ෂණය ගිලිහී යාමේ ප්‍රධාන හේතුවක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආචාර්ය සුමිත් පිලපිටිය පැවසීය.

එම කාලය ඇතුළත යාල සංචාරක කර්මාන්තය තීරණාත්මක අවධියකට පත්වනු ඇති බවට වන ලක්ෂණ මේ වනවිටත් පෙන්නුම් කරන බව ද ඔහු කීය.

මේ වනවිට යාල ආශ්‍රිතව දක්නට ලැබෙන වන සතුන් ගණන ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බවක් දක්නට ලැබෙන්නේ යැයි ද ඔහු පැවසීය.

යාල සෆාරි මූලිකව බැඳී ඇත්තේ වන සතුන් සමග නිසා ඒ ආශ්‍රිතව දක්නට ලැබෙන වන සතුන් ගණන ක්‍රමයෙන් අඩු වීම සංචාරක ආකර්ෂණය ගිලිහී යාමේ ප්‍රධාන හේතුවක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එක් වරක් හෝ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කළ විදේශීය සංචාරකයන් සතුව එම වනෝද්‍යානය පිළිබඳව එතරම් යහපත් ආකල්ප නොමැති බව ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රතිචාර තුළින් පෙන්නුම් කරන බව ද ඔහු කීය.

මේ කරුණු යාල සෆාරි සම්බන්ධයෙන් නුදුරේදීම යම් තීරණාත්මක සාධකයක් වන බවට පත්වනු ඇතැයිද ආචාර්ය සුමිත් පිලපිටිය අවධාරණය කළේය. 

මේ සම්බන්ධයෙන් එක් පාර්ශ්වයකට පමණක් චෝදනා කළ නොහැකි බව ද ඔහු පැවැසීය.

සංචාරක ක්ෂේත්‍රයේ නිරත අනෙකුත් සියලු පාර්ශ්ව, යාල සෆාරි ජීප් රථ රියැදුරන් සේම එහි පැමිණෙන සංචාරකයන්ද මෙහි වගකීම භාරගත යුතු බව හෙතෙම කීය.

(ඉරිදා මව්බිම)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...