BREAKING
Top Ad
පරිසර

අක්කර 125ක් මුඩුබිම් වනාන්තර බවට පත් කිරීම ඇරඹේ

T

The Leader

September 20, 2023 • 8:42 PM

 අක්කර 125ක් මුඩුබිම් වනාන්තර බවට පත් කිරීම ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ස්වභාවික පුණර්ජනනය වේගවත් කිරීම සඳහා අක්කර 125 ක් ( හෙක්ටයාර 50ක් ) පමණ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක්
  • මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු උපදෙස් මත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් රුපියල් ලක්ෂ 500ක මුදලක් ආයෝජනය කෙරේ.
  • දේශීය පැළ වර්ග 35 000ක් පමණ මෙම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිටුවීමට සැළසුම් කර ඇත.
  • එහිදී කුඹුක්, මී, කරඳ, ඇහැළ, දං, තිඹිරි, දිවුල්, මයිල, කොහොඹ, වීර, පලු ඇතුළු ශාක නැවත වගා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පුත්තලම දිස්ත්‍රික්කයේ වීරක්කොඩිචෝලේ රක්ෂිතයේදී ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (19දා) සිදුකෙරුණි.

මෙම අත්සන්තැබීම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙනි.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු පාර්ශවය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා  අත්සන් කළ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ. එච්. ඒ. බණ්ඩාර අත්සන් තැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු උපදෙස් මත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් රුපියල් ලක්ෂ 500ක මුදලක් ආයෝජනය කෙරේ.

දේශීය පැළ වර්ග 35 000ක් පමණ මෙම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිටුවීමට සැළසුම් කර ඇත. එහිදී කුඹුක්, මී, කරඳ, ඇහැළ, දං, තිඹිරි, දිවුල්, මයිල, කොහොඹ, වීර, පලු ඇතුළු ශාක නැවත වගා කෙරේ.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙසේ පැවසුවාය.



''ගෝලීය උෂ්ණත්වය වැඩිවීමේ කාරණය නිසා ලෝකයම බියට පත්වී තිබෙනවා'' - පවිත්‍රා වන්නිආරච්චි


 “අපේ අමාත්‍යංශයේ වගකීම වනාන්තර රෝපණය කිරීමයි. මේ වෙනකොට වනාන්තර තිබෙන්නේ රටේ සමස්ත භුමියෙන් 30%ක් පමණයි. 2030 වන විට එය 32%ක් දක්වා වැඩිකරන්නට අවශ්‍යයි. ප්‍රතිපත්තිමය වශයෙන් ව්‍යාපෘතියක් විදිහට කැළෑව වවන්න මෙවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නට ලැබීම මගේ ජීවිතයේ ලැබුනු සුවිශේෂී අවස්ථාවක්.


ගෝලීය උෂ්ණත්වය වැඩිවීමේ කාරණය නිසා ලෝකයම බියට පත්වී තිබෙනවා. අපේ සම්පූර්ණ වගකීම ගහකොළ වැවීමයි. ඒ වගේම කාබන් විමෝචනය අඩු කිරීම වෙනුවෙන් අපි වෙහෙස විය යුතුයි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙහෙසීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්තුමිය, වන සංරක්ෂණ ජනරාල්, අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ සහ වන සංරක්ෂණ නිලධාරීන්ට ස්තුතිවන්ත විය යුතුයි.” යයි ඇමතිවරිය පැවසුවාය.



''ජාත්‍යන්තර තලයට ගෙන යායුතු සංකල්පයක්'' - ඔලිම්පික් කමිටු ලේකම්


 එහිදී ඔලිම්පික් කමිටු ප්‍රධාන ලේකම් මැක්වෙල් ද සිල්වා අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

“ අවුරුදු 03කට පෙර සිටම ‘ඔලිම්පික් ෆොරස්ට්’ යන සංකල්පය අපි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවත් සමඟ සාකච්ඡා කළ නමුත් එය ඉදිරියට කරගෙන යන්නට යම් යම් බාධා ඇති වුනා. නමුත් අද දවසේ ජාතික ඔලිම්පික් කමිටුව වශයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මඟපෙන්වීම මත මෙම ගිවිසුම අත්සන් තැබීමට හැකිවීම සම්බන්ධයෙන් අපි ඉතාමත් ආඩම්බර වෙනවා. මෙය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදයත් ඇතිව කරන්නට ලැබීම අපි ලැබූ ඉතාම භාග්‍යයක්.


මෙවැනි ව්‍යාපෘතියක් කරන්නට ගොඩක් රටවලට හැකියාව ලැබී නෑ. මෙවැනි අලුත් සංකල්පයක් ලංකාවෙන් බිහිකිරිම අපට ඉතා සතුටට කරුණක් කියන්න පුලුවන්. මේ සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියට ස්තූතිවන්ත වෙනවා.

එදා සිටම අපි පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කතා කළා.  අදටත් ඒ සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් මෙය ක්‍රියාවට නැංවීම ඉතා අපහසු වැඩක්. වසර තුනක මහන්සියේ ප්‍රතිඵල ලෙස අද මේ ගිවිසුම අත්සන් තැබුවා. මෙම සංකල්පය වෙනත් රටවල් සම්බන්ධ කරගනිමින් කරන්නට හැකිවේ යැයි මම හිතනවා. මෙය ජාත්‍යන්තර තලයට ගෙන යායුතු සංකල්පයක් ලෙස මම විශ්වාස කරනවා. මෙම සංකල්පය පාසල් තුළටත් ගෙනයා යුතුයි. මෙම සංකල්පය නිසි ආකාරයට ඉදිරියට ගෙනගියොත් දැන් තිබෙන පරිසර හානිය අඩු කරගන්නට හැකිවේ යැයි මම විශ්වාස කරනවා”  යැයි පැවසීය.  

එම අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා හේරත්, වන සංරක්ෂක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ, වන සංරක්ෂක කේ.ඒ.ඩී.යූ.අයි. කලංසූරිය. ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති සුරංජිත් ප්‍රේමදාස, එම කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Parisara 2023.09.21

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...