BREAKING
Top Ad
පරිසර

ඇන්ස්ලම්: උරග සනුහරේ ක්ෂීරපායී ප්‍රේමවන්තයා

T

The Leader

September 24, 2023 • 3:15 AM

ඇන්ස්ලම්: උරග සනුහරේ ක්ෂීරපායී ප්‍රේමවන්තයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව බිහි කළ කීර්තිමත් උරග හා උභයජීවී විද්‍යාඥයකු වූ ඇන්ස්ලම් ද සිල්වා පිළිබඳ ලියැවුණු අපූරු චරිතාපදානයක් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.
  • 'ඔයා- මෙයා' කියමින් ඔවුන්ට ඇඟෑලුම්කම් පාන, වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුද බොහෝ දෙනෙකුට ප්‍රිය නොවනු ඇත.
  • එහෙත්, මේ කෘතියෙහි කතානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වාණන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප්‍රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය.
  • විස්මයෙන්ද, ත්‍රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස්‍යයෙන්ද පිරුණු මායා ප්‍රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප්‍රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණ මාධ්‍යවේදිනියක සහ ලේඛිකාවක වන නදී මාණික්කගේ විසින් රචිත මෙම කෘතිය, නබෝ ප්‍රකාශනයකි. රැස පුවත්පතෙහි කොටස් වශයෙන් පළ වූ ලිපි මාලාවක දිගුවක් වන මෙම කෘතිය පිළිබඳව රැස පුවත්පතේ හිටපු ප්‍රධාන උප කර්තෘ ජයසිරි ජයසේකර විසින් ලියන ලද විචාරාත්මක පසුවදනයි මේ.

සර්පයන්, කටුස්සන් හෝ ගෙම්බන්, මිනිසුන් තුළ ප්‍රියජනක හැඟුම් දනවන්නේ නැත. 'ඔයා- මෙයා' කියමින් ඔවුන්ට ඇඟෑලුම්කම් පාන, වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුද බොහෝ දෙනෙකුට ප්‍රිය නොවනු ඇත. ඒ මිනිසා ලෝ පතළ උරග හා උභයජීවී විද්‍යාඥයකු වුවද  එහි වෙනසක් වෙතැයි සිතීම උගහටය.

එහෙත්, මේ කෘතියෙහි කතානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වාණන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප්‍රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය. විස්මයෙන්ද, ත්‍රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස්‍යයෙන්ද පිරුණු මායා ප්‍රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප්‍රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි. ඒ වැඩි ඈතක නොව, 'රැස' නම් වූ 'මහගෙදර තරුණ කැරැල්ලේ' හිස ගසා දමන්නට පෙර, 2019 වසරේදීය.

මේ ආශ්චර්යය කළේ, සරසවියේ අවසන් අධ්‍යයන වසරේදී සිය පළමු රැකියාව ලෙස ජනමාධ්‍ය වෘත්තියට පිළිපන් නදී මාණික්කගේ නම් ලේඛිකාවයි. තොරතුරු ගවේෂණයෙහි නිපුණත්වයද, මානව සබඳතා විෂයෙහි බුහුටිකමද, නිර්මාණාත්මක ලේඛන කුසලතාවද, අරමුණ උදෙසා කැපවීමේ ගුණය හා සංස්කරණ පරිචයද මේ විස්කම සඳහා ඇය උපයෝගී කර ගත්  මායාවී මෙවලම්ය.

ans

චරිතාපදාන රචනා කලාවේ සාම්ප්‍රදායික සීමා මාඉම් කෙළිලොල් ලෙස බිඳ දමමින් අප්‍රමාණ නිදහසකින් සැරිසරන ඇය, ජනමාධ්‍ය කලාවේ වර්තමානකාලයෙන් කතන්දර කීමේ ගුණයද, සම්මුඛ සාකච්ඡා කලාව, චාරිකා විත්ති රචනය යනාදී පුවත්පත් විශේෂාංගකරණයේ විවිධ ඉසව්වලට අයත් ශිල්පෝපක්‍රමද මෙම වෘතාන්තය ගොඩනැංවීම සඳහා නිර්මාණශීලී ලෙස භාවිත කරයි.

ලොව පුරා පර්යේෂණවලින් හෙළි කරගත් උරග සහ උභයජීවී ලෝකයෙහි විස්මිත තතුද, ඇන්ස්ලම් ද සිල්වා නම් ලෝක පූජිත විද්‍යාඥයා එම විෂය සඳහා කළ සම්ප්‍රදානයද, ඔහුගේ සමකාලීනයන් හා සිසු පරපුර පිළිබඳ තතුද මෙහි මැනවින් නිරූපිතය. එය එතෙකින් නිම වන්නේ නැත. ජීවිතය යැයි නාමකරණය කළ සුලබ ආකෘතිවලට සරදම් කරන, සාකල්‍යයෙන්ම විකල්ප; අප්‍රමාණ මිනිසෙකුගේ ජීවමාන පිළිරුවක් එමගින් විදාරණය වෙයි. පාඨක හදවත් එය ආදරයෙන් වැලඳගනු ඇතැයි සිතමි.

PHOTO 2023 09 24 13 40 21(ජයසිරි ජයසේකර)
නිදහස් මාධ්‍යවේදී 

jayajayakw@gmail.com


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...