BREAKING
Top Ad
පරිසර

නිල්වලා ගඟේ ලවණ බාධකය ඉවත් කිරීම සහ දේශපාලන තීරණ -(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader

October 27, 2023 • 2:57 AM

නිල්වලා ගඟේ ලවණ බාධකය ඉවත් කිරීම සහ දේශපාලන තීරණ -(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විටත් මාතර පහත්බිම් මාස එක හමාරකට වැඩි කාලයක් ජලයෙන් යටවී තිබේ.
  • වර්ෂාව අඩු වන පෙබරවාරි, මාර්තු මාස වල දී කරදිය නිල්වලා ගඟ දිගේ ඉහලට ගමන් කිරීම නිසා උග්‍ර පානීය ජල ගැටලුවක් මාතර ප්‍රදේශයේ ඇති වේ.
  • එම ප්‍රශ්නයට මෙන්ම ලවන හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ අකුරැස්ස දක්වා වූ කුඹුරු වගා කිරීමට හැකියාවක් මෙම ලවණ බාධකය නිසා ඇතිවන බව ඇතැමුන්ගේ මතයයි.
  • එබැවින්  අධිවේගී මාර්ගයද ජලය බැසයාමට බාධාවක් විය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙයට විසඳුමක් ලෙස රූපවාහිනී නාලිකා, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම ජලයෙන් යට වී සිටින ජනතාවගේ ඉල්ලීමක් ලෙස දේශපාලන නායකයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සමන්විත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් පිලදූව ප්‍රදේශයේ ඇති ලවණ බාධකයේ කොටස් ඉවත් කිරීම විසඳුමක් සේ පිළිගෙන ඇත.

ලවණ බාධකය ගංවතුරට හේතුවක් වී ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශය පිළිගත් බව ජනමාධ්‍ය වල සඳහන්ව තිබුණි. එසේනම් එය ඉදිකිරීමට පෙර විශේෂඥයන් සහ රාජ්‍ය ආයතන වල නිලධාරීන් දේශපාලඥයන්, විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළේ නැද්ද යන්න ගැටලුවකි.

වර්ෂාව අඩු වන පෙබරවාරි, මාර්තු මාස වල දී කරදිය නිල්වලා ගඟ දිගේ ඉහලට ගමන් කිරීම නිසා උග්‍ර පානීය ජල ගැටලුවක් මාතර ප්‍රදේශයේ ඇති වේ. එම ප්‍රශ්නයට මෙන්ම ලවන හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ අකුරැස්ස දක්වා වූ කුඹුරු වගා කිරීමට හැකියාවක් මෙම ලවණ බාධකය නිසා ඇතිවන බව ඇතැමුන්ගේ මතයයි.



නිල්වලා ගංගා ද්‍රෝණියේ ඇතිවන ගංවතුරගැටළුව පිළිබඳව විද්‍යාත්මක ඇසකින් මුලින්ම බැලුවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක එස්.ඒ  වික්‍රමසිංහ මහතා විසිනි. 

1989 නිල්වලා නිම්නයේ ගංවතුර පාලනයට පොම්පාගාර සහ නාගරික ජල ව්‍යාපෘති ආරම්භ කරන ලද අතර ඉන්පසු  දශක තුනක පමණ කාලය තුළ මාතර සහ තදාසන්න ප්‍රදේශවල පහත් බිම් ගොඩ කරමින් විශාල ඉදිකිරීම් ප්‍රමාණයක් සිදු වී ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී  2003 වසරේ සිට මූලික අදියරේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු ආකාරයේ වෙනසක් මාර්ග සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් පසුව සිදු වූ බවත් ජලය බැසයාමට කාණු පද්ධති ඉදිකිරීමට තිබූ ඇතැම් තැන්වල එම ඉදිකිරීම් සිදු නොවූ බවත් ඇතැමුන්ගේ මතයයි. එබැවින්  අධිවේගී මාර්ගයද ජලය බැසයාමට බාධාවක් විය හැකි ය.

2014 වසරේ ආරම්භ කිරීමට යෝජිතව තිබූ ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය (Gin Nilwala Diversion Project) සඳහා එක්තරා විදේශ සමාගමකට රුපියල් බිලියන 4.1 ක මුදලක් වියදම් කොට තිබුණත් මේ දක්වා කිසිවක් සිදු නොවුනු මහා වංචාවක් බව විගනණ වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් සිදු වූ විමර්ශනවල කිසිදු ප්‍රගතියක් නැත.

ලැබෙන වාසි නිසා අපගේ නිලධාරීන් සහ දේශපාලඥයන් කොහොමත් කැඩීමටත් නැවත ගොඩ නැගීමටත් වඩාත් කැමතිය. මහා මාර්ගයක්  තැනූ පසු එය කඩා දමා නැවත ජල නල හෝ වෙනත් බට එලන්නේ අපට විධිමත් සැලැස්මක් කවදාවත් නොතිබූ නිසාය. මේ වන විට ලංකාවේ පමණක් නොව ආසන්න ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මෙන්ම චෙන්නායි වැනි නගර ද පසුගිය වසර 5ක පමණ කාලය තුළ මහා ගංවතුර වලට යට වූයේ ගෝලීය පාරිසරික වෙනස්කම් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් හේතුවෙන් ද යන්නත් පසුගිය කාලසීමාව තුළ වර්ෂාපතනයේ වර්ධනය වීමක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් ක්ෂණික තීරණවලට දේශපාලන නායකයන් එළඹීමට පෙර  සලකා බැලිය යුතුය. 

සියල්ල දත් දේශපාලන නායකයන්ගෙන් සහ නිලධාරීන් ගත් වැරදි තීරණ හේතුවෙන් අප දැනටමත් 2048 දක්වා දියුණු වීමට බලා සිටින ජාතියකි. 

සටහන :
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...