BREAKING
Top Ad
පරිසර

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් තනිකඩ වෙලා

T

The Leader

January 7, 2024 • 9:53 AM

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් තනිකඩ වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙහිවල සත්වෝද්‍යානයේ තම කූඩු තුළ තනිව ම ජීවත්වන සත්වයන් 15 දෙනෙකු, සහකරුවන් නොමැති
  • ඒ අනුව සතුන් තනිව ම ජීවත්වීම, හුදෙකලා බව එම සතුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව විගණනය මගින් අනාවරණය කොට තිබිණි.
  • සත්ව ශුභසාධන උපායමාර්ගයන්හි ඇතුළත් ආචාරධර්ම පද්ධතියට අනුව සත්වෝද්‍යානය තුළ සතුන්ට ස්වාභාවික හැසිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරදිය යුතු ය.
  • මේ පිළිබඳ සත්වෝද්‍යානයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මේ සඳහා විවිධ අන්තර්ජාතික සත්ව හුවමාරු වැඩසටහන් සඳහා මූලික පියවර ගනිමින් සිටින බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සත්වයන් 35 දෙනෙකු හා සහකාරියන් නොමැති සත්වයන් 21 දෙනෙකු සිටින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

දෙහිවල සත්වෝද්‍යානය තුළ වසර 15ක පමණ කාලයක සිට තනිවම ජීවත් වූ ජපන් වඳුරා නමැති ගැහැනු සත්වයා 2022 මාර්තු මස 9 වන දින මිය ගිය අතර එම සත්වයා තනිව ම ජීවත්ව සිටීම නිසා මානසික අවපීඩන තත්ත්වයකට ගොදුරුවීමෙන් වැළඳුණු පිළිකා තත්ත්වය උග්‍රවීමට බලපෑ බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වී තිබිණි.

ඒ අනුව සතුන් තනිව ම ජීවත්වීම, හුදෙකලා බව එම සතුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව විගණනය මගින් අනාවරණය කොට තිබිණි.

සත්ව ශුභසාධන උපායමාර්ගයන්හි ඇතුළත් ආචාරධර්ම පද්ධතියට අනුව සත්වෝද්‍යානය තුළ සතුන්ට ස්වාභාවික හැසිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරදිය යුතු ය.

මේ පිළිබඳ සත්වෝද්‍යානයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මේ සඳහා විවිධ අන්තර්ජාතික සත්ව හුවමාරු වැඩසටහන් සඳහා මූලික පියවර ගනිමින් සිටින බව ය.

කළු ජගුවර් සඳහා මේ වනවිට සහකරුවෙකු ලැබී ඇති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කරනු ලැබ ඇත.

(mawbima.lk- ලලිත් රුහුණගේ)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...