BREAKING
Top Ad
පරිසර

විල්පත්තු විනාශය දිගටම !

T

The Leader

January 31, 2024 • 4:16 AM

විල්පත්තු විනාශය දිගටම !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිවිල් හා පරිසර සංවිධානවලින් එල්ල වූ විරෝධය නිසා තාවකාලිකව අත් හැර දැමූ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ විල්පත්තු
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රේරක කලාපයට අයත් අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු, රාජාන්ගනය යාය 18 ප්‍රදේශයේ ගොවි ජනතාවගේ හේන් ඉඩම් ඇතුළත් වගා භූමි විනාශ කරමින් සිදු කරන ලද මහා පරිමාණ කෝමාරික ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට සුදානමක් පවතින බව “සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුව” අනාවරණය කරයි.

මේ වනවිට මෙම භූමියේ පස පෙරළමින්, කළුගල් ඉවත් කරමින් ලඳු කැලෑ විනාශ කරමින් පවතින බවත් ඔවූහු පෙන්වා දෙති.

මේ කූට කෝමාරික ව්‍යාපෘතිය 2018 ආරම්භ කර මේ වනවිට වසර 06ක් ගත වී ඇතත් එකදු කෝමාරික පැලයක් සිටුවා නැති බවත් මෙම ප්‍රශ්න ගත ව්‍යාපෘතිය තුළ ඇත්තේ කෝමාරික සිටුවීම නොව ගොවි ජනතාව සතු ඉඩම්, වනෝද්‍යාන හා රක්ෂිතවලට මායිම්ව ඇති ඉඩම් කොල්ලකෑම බව ඉතා පැහැදිලි බවත් “සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුව” සඳහන් කරයි. 

Wilpaththu 2024.01.31 6

මෙම ව්‍යාපෘතිය නීති විරෝධී මෙන්ම නිසි අවසරයකින් තොරව සිදු කරන ව්‍යාපෘතියක් නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් B/449/20 අංකය යටතේ නොච්චියාගම අධිකරණයේ මෙම ප්‍රශ්න ගත සමාගමට එරෙහිව නඩුවක්ද පවරා ඇතයි “සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුව” පෙන්වා දෙයි.

නමුත් මෙම විරෝධතා කිසිවක් මායිම් නොකළ මෙම පුද්ගලික සමාගම දැවැන්ත පරිසර විනාශයක් මෙම ප්‍රේරක කලාපයට සිදු කළ බවත් අක්කර 66ක භූමියක් කාන්තාරයක් බවට පත් කරමින් ඩෝසර් කර දමා ඇති බවත්, කහඹිලියාව වැව තමන්ට රිසි පරිදි පොකුණක් බවට පත් කර ඇති බවත් “සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුව” සඳහන් කරයි.

Wilpaththu 2024.01.31 5

ජලය ගෙන යාමට යැයි පවසමින් ගමට ඇතුළු වන මාර්ග හා අතුරු මාර්ග දෙපස කාණු කපා විනාශ කර දැමූ බවත් රක්ෂිත ප්‍රදේශයේ තිබූ ගල් පර්වත කඩා ඉවත් කළ බවත් මේ කිසිවක් සිදු කිරීමට නිසි නීත්‍යනුකූල අවසරයක් ගෙන නොමැති බවත් යළිත් එම විනාශයේම ඉදිරියට යෑමට සැරසෙමින් සිටින බවත් “සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුව” පෙන්වා දෙයි.

Wilpaththu 2024.01.31 3

“සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුව” මෙම අනාවරණය කළේ මෙයට විරෝධය පල කරමින් හා මෙම කූට ව්‍යාපෘතිය නවතා දමන ලෙසට බල කරමින් පසුගියදා අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

ඒ සඳහා සුරකිමු විල්පත්තුව සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සංජය විශ්වනාත් හා එම සංවිධානයේ සභාපති, පරිසරවේදි කුමුදු ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්වී සිටියහ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...