BREAKING
Top Ad
පරිසර

වඳවීගෙන යන ගස්වලට ධම්මික පෙරේරා ඇප් එකකින් වැඩක් දෙයි

T

The Leader

February 15, 2024 • 1:20 AM

වඳවීගෙන යන ගස්වලට ධම්මික පෙරේරා ඇප් එකකින් වැඩක් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ යළි සිටුවිම ගුගල් සිතියම් ගත කිරිමට මෙන්ම යළි පැළ කෙරෙන ප්‍රමාණය සංගණනය කිරීමට ජංගම දුරකථන යෙදවුමක් ධම්මික පෙරේරා එළි දක්වා තිබේ.
  • ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ 1496ක් ඇති අතර එම ශාඛ වර්ගවල පැළ කවුරුන් හෝ විසින් යළි සිටුවන්නේ නම් DP Tree Book ජංගම දුරකථන App එක ඔස්සේ එම පැළය ගුගල් සිතියමේ Tag කිරීමට හැකියාව ලැබේ.
  • "මේ ඇප් එක ඩිවලොප් කරන්න හේතුවුණේ, 2000 සිට 2019 දක්වා කාලය තුළ ගස් ලක්ෂ 5ක් වවලා තියෙනවා මම පුද්ගලිකව.
  • නමුත් ඇනලොග් විදියට වැඩ කළොත් මටම ඒ ගස් තියෙන විදිහ හොයාගන්න බෑ ඒ පොතෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 2024 පෘථිවි සමුළුවේදී (Earth Summit 2024) DP Tree Book ජංගම දුරකථන යෙදවුම, ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති ධම්මික පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 14 වැනිදා එළිදක්වන ලදී.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ 1496ක් ඇති අතර එම ශාඛ වර්ගවල පැළ කවුරුන් හෝ විසින් යළි සිටුවන්නේ නම් DP Tree Book ජංගම දුරකථන App එක ඔස්සේ එම පැළය ගුගල් සිතියමේ Tag කිරීමට හැකියාව ලැබේ.

ඊට අමතවර එම ශාඛ වර්ග යළි පැළ කෙරෙන ප්‍රමාණය සංගණනය කිරීමටත් සිතියම්ගත කිරීමටත් හැකියාව ද මෙමඟින් හිමිවේ.

"මේ ඇප් එක ඩිවලොප් කරන්න හේතුවුණේ, 2000 සිට 2019 දක්වා කාලය තුළ ගස් ලක්ෂ 5ක් වවලා තියෙනවා මම පුද්ගලිකව. ඒක පොතක ලියලා තියෙන්නේ. ඒකට තමා Tree Book කියලා කිව්වෙ. නමුත් ඇනලොග් විදියට වැඩ කළොත් මටම ඒ ගස් තියෙන විදිහ හොයාගන්න බෑ ඒ පොතෙන්. ඒක නිසා තමයි ඩිජිටල් විදියට මෙහෙම සිස්ටම් එකක් මේ වෙනුවෙන් හැදුවේ. අපේ ගෝල් එක තමයි රටේ ජනතාව හැමෝම එකතු කරගෙන, මේ වඳවීගෙන යන ශාඛ මිලියන 10ක් වවන එක" යැයි ධම්මික පෙරේරා කියා සිටියේය.

මහජනතාව සමග එක්වෙමින් ශ්‍රී ලංකාවේ මෙම වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ වර්ග 1496න් පැළ මිලියන 10ක් සිටුවීම තම අරමුණ බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පරිසරවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම ව්‍යාපෘතිය එළිදක්වනු ලබන්නේ ඔහු ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට නියමිතව ඇතැයි රාවයක් පැතිරයමින් තිබෙන මොහොතකය. 

(චතුරංග මේදිස්)

dp 3dp 4


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...