ලෝකයේ කුරුල්ලන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග අටෙන් එකක් වන මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ (Central Asian Flyway) ගමනාන්තය වූ ශ්‍රී ලංකාව කුරුලු පරාදීසයකි. කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලෝ ශ්‍රී ලංකාවට පැමිණෙති. එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත. මන්නාරම ශ්‍රී ලංකාවට කුරුල්ලන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයකි.










