BREAKING
Top Ad
පරිසර

අදානිගේ සුළං බලාගාර ව්‍යාපෘතිය ගැන ජනතාවගේ වාචික අදහස් විමසන්න යයි

T

The Leader

March 15, 2024 • 10:15 AM

අදානිගේ සුළං බලාගාර ව්‍යාපෘතිය ගැන ජනතාවගේ වාචික අදහස් විමසන්න යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය
  • ඒ ගැන ලිඛිත අදහස් දැක්වීම සඳහා මාර්තු 06 තෙක් ඉඩ ලබා දී තිබුණි.
  • එස් ගමගේ BBC සිංහල සේවයට පැවසුවේය.
  • මේ අතර දැනටමත් මන්නාරමේ ඉදි කර ඇති සුළං බලාගාර නිසා අලුතින් ගංවතුර තර්ජනයක් හා පානීය ජල අර්බුදයක් මතු වී ඇති බවත් සංක්‍රමණික කුරුල්ලන්ට වන බලපෑම නිසා ඉදිරියේ දී සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ජනතාව පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් ජනතාවගේ වාචික අදහස් විමසීමට (Public hearing) මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

ඒ ගැන ලිඛිත අදහස් දැක්වීම සඳහා මාර්තු 06 තෙක් ඉඩ ලබා දී තිබුණි.

''විද්‍යඥයින්, පරිසර සංවිධාන සහ මේ ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් අපිට ලිඛිත අදහස් දැක්වීම් කරලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මේ අදහස් සියල්ල ව්‍යාපෘතිය යෝජක පාර්ශවය වන ශ්‍රී ලංකා සුනිත්‍ය බලෂකිති අධිකාරිය වෙත යවලා නැවත තාක්ෂණික පැහැදිලි කිරීම් සඳහා ඉදිරිපත් ක‍රන්න. ජනතාව අපෙන් ඉල්ලා තියෙනවා වාචිකවත් අදහස් දක්වන්න අවස්ථාවක් දෙන්න කියලා. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ඒකටත් අවස්ථාවක් ලබා දෙන්න.''
යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එන්. එස් ගමගේ BBC සිංහල සේවයට පැවසුවේය.

මේ අතර දැනටමත් මන්නාරමේ ඉදි කර ඇති සුළං බලාගාර නිසා අලුතින් ගංවතුර තර්ජනයක් හා පානීය ජල අර්බුදයක් මතු වී ඇති බවත් සංක්‍රමණික කුරුල්ලන්ට වන බලපෑම නිසා ඉදිරියේ දී සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ජනතාව පවසති.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කරයි. 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වේ.

 

අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම අවශ්‍ය අනුමැතීන් ලබා දීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති යෝජකයා ලෙස කටයුතු කරයි.

 
(BBC සිංහල සේවය)


සබැඳි ලිපි :
සුළං බලාගාර : 'අදානිගේ කොරිඩෝව දිගේ යන්න නම් කුරුල්ලන්ට අට ගහන්න පුරුදු කරන්න වෙනවා.'


 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...