BREAKING
Top Ad
පරිසර

වායු දූෂණය : 'මේ තත්ත්වය ලබන පෙබරවාරි වෙනකම් තියෙනවා'

T

The Leader

December 18, 2024 • 6:53 AM

වායු දූෂණය : 'මේ තත්ත්වය ලබන පෙබරවාරි වෙනකම් තියෙනවා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයිනේ ප්‍රදේශ රැසක අද (දෙසැම්බර් 18 වනදා ) වන විට වායු දූෂණ මට්ටම ඉහළ අගයක් ගෙන තිබේ.
  • එය සෞඛ්‍යයට හිතකර නොවන තත්ත්වයක් ලෙස වර්ගීකරණයකර තිබේ.
  •   මිට අමතරව අද උදෑසන යාපනය දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 154-160ත් ලෙස සටහන්ව තිබු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.
  • කොළඹ නගරය ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසක දහවල් වන විටත් අහස මීදුම් පටලයකින් වැසි තිබෙන ආකාරයක් දක්නට ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වායු තත්ත්ව දර්ශකයට (Air Quality Index) අනුව කොළඹ වායු ගුණාත්මක දර්ශකය ඒකක 158ක් ලෙස සටහන් විය. එය සෞඛ්‍යයට හිතකර නොවන තත්ත්වයක් ලෙස වර්ගීකරණයකර තිබේ.

 

මිට අමතරව අද උදෑසන යාපනය දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 154-160ත් ලෙස සටහන්ව තිබු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ.

කොළඹ නගරය ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසක දහවල් වන විටත් අහස මීදුම් පටලයකින් වැසි තිබෙන ආකාරයක් දක්නට ලැබුණි.

 

sryutUntitled 2

 

'මේ තත්ත්වය පෙබරවාරි වෙනකම් තියෙනවා'

 

මේ වන විට දිවයිනට බලපා ඇති වායු දූෂණ මට්ටම ලබන වසරේ පෙබරවාරි දක්වා පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි බීබීසී සිංහල සේවයට පැවසුවේය.

 

ඔහු පැවසුවේ දකුණු ආසියානු කලාපයේ ඇතිවී තිබෙන වායු දූෂණ මට්ටම ඉහළ යාම හේතුවෙන් විටින් විට මෙරට වායු දුෂණ මට්ටමද ඉහළ යා හැකි බවයි.

 

"ඊයේ සහ අද දිනයේදී දිවයිනේ සමහර ප්‍රදේශවල වායු දුෂණ මට්ටම ඉහළ ගිහින් තියෙනවා. මේ තත්ත්වය අද හවස් වෙද්දී අඩුවෙලා යන්න පුළුවන්. ඒ වගේමයි ඕනෑම වෙලාවක මේ තත්ත්වය ඇතිවෙන්නත් පුළුවන්.''

 

''ඊසාන දිග මෝසම් තත්ත්වය එක්ක වායු දූෂණ මට්ටම ඉහළ යනවා. මේක එක දිගට තියෙන තත්ත්වයක් නෙමෙයි. ඒත් මේ තත්ත්වය ලබන පෙබරවාරි මාසය වෙනකම් තියෙන්න පුළුවන්. අද දවසේදී යාපනය දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටමේ අගය ඉහළ තත්ත්වයක් ගෙන තියෙනවා.''

 

''දකුණු ආසියානු රටවල වායු දූෂණ මට්ටම ඉහළ මට්ටමක් ගෙන තියෙනවා. ඒ නිසා අපිට කියන්න බැහැ මේක ඉන්දියාවේ වායුදූෂණය නිසා ලංකාවට බලපෑමක් එල්ල වෙනවා කියලා. එහෙම කියන්නම් ඒ ගැන වෙනම පර්යේෂණයක් කරන්න වෙනවා." ඔහු පැවසුවේය.

 

airoUntitled 2යාපනය දිස්ත්‍රික්කයේ වායු ගුණාත්මක තත්ත්ව දර්ශකය ඒකක 154-160ත් ලෙස සටහන්ව තිබු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ වාර්තා වේ සඳහන් වේ (NBRO)

 

අධිකරණය දුන් නියෝගය

 

මේ අතර යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛණ්ඩව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් (දෙසැම්බර් 17) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.

 

එවැනි පරීක්ෂණයකදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙසත් අධිකරණය විසින් පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.

 

යාපනය ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකී නඩරාජා විසින් ගොනු කොට තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

 

යාපනය ප්‍රදේශයේ පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වාසී රටවලින් ඇදී එන අහිතකර කාරක හේතුවෙන් එම ප්‍රදේශයේ වායු දූෂණයක් ඇතිවී තිබෙන බවත් පෙන්වා දුන් බව පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ ඒ පිළිබඳව පරීක්ෂා කරන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කර ඇතත් එය ඉටුවී නොමැති බවත් පැවසුවේය.

 

යාපනය අර්ධද්වීප ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් කර නොමැති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝග නිකුත් කරනු ලැබූ අතර පෙත්සම් විභාගය මාර්තු මස 6 වනදා සිදු කිරීමට ද දින නියම කරන ලදී.

 

lungUntitled 2

 

මේ පිරිස් වැඩි අවධානයෙන් සිටින්න

 

වයෝවෘද්ධ, ගැබිණි, කුඩා දරුවන් වැනි අවදානම් කාණ්ඩවල පසුවන පුද්ගලයින් පවතින වායු දූෂණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග පිළිබඳ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න බීබීසී සිංහල වෙත පැවසුවාය.

 

'වායු දුෂණය නිසා විශේෂයෙන්ම පපුවේ මහන්සිය, වියලි කැස්ස, ඇදුම වගේ රෝගී තත්ත්වයන් වගේම පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුලුවන්. වැඩි වශයෙන් මහලු වියේ පසුවන අය, දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙලෙන වගේම දුම්පානය කරන අයට මේ තත්ත්වය නිසා ඇතිවෙන්න පුළුවන් අවදානම ඉහළයි.''

 

''ඒ වගේම හෘද රෝග තත්ත්වයන් තිබෙන අය, ගැබිණි මව්වරුන් වගේම කුඩා දරුවන්ට පවා මේ වායු දුෂණය නිසා අවදානම් සහගත මට්ටමේ සිටින පුද්ගලයින් වනවා. මේ නිසා වායු දුෂණය වැඩි අවස්ථාවන් වලදී මුව ආවරණ පැළඳීම, එළිමහනේ කටයුතු වල යෙදීම සීමා කරන්න. ඒ වගේම හුස්ම ගැනීමේදී ඇතිවිය හැකි සංකුලතා වලදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.' මහාචාර්යවරිය වැඩිදුරටත් පැවසුවාය.

| BBC සිංහල සේවය 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...