BREAKING
Top Ad
පරිසර

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසාද ?

T

The Leader

January 25, 2025 • 12:00 AM

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසාද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනය පවසයි.
  • මේ අතර කොළඹ මහ නගර සභාවේ යෙදූ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මෙම සතුන් මරණයට පත්වූ බවට පළවන වාර්තා තහවුරු කළ නොහැකි බව එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් පැවසීය.
  • මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා තිබෙන බවද හෙතෙම පැවසීය.
  • කෙසේ නමුත් එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙය කුරුළු උණ තත්ත්වයක් නොවන බවට අපට තහවුරු වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර පවසා සිටියේ, අදාළ වාර්තාව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශය ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර කොළඹ මහ නගර සභාවේ යෙදූ රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් මෙම සතුන් මරණයට පත්වූ බවට පළවන වාර්තා තහවුරු කළ නොහැකි බව එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් පැවසීය.

මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා තිබෙන බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙය කුරුළු උණ තත්ත්වයක් නොවන බවට අපට තහවුරු වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් ඉජාස්,

"මියගිය සතුන් 25ක සිරුරු තිබුණා. ඒකෙනුත් අපි 7ක් විතර හෝමාගම පශු විමර්ශන ඒකකයට යොමුකළා. එහිදී තහවුරු වෙලා තියෙනවා කුරුළු උණ නැති බවට.

මේ වනවිට අපි පේරාදෙනිය පශු විමර්ශන ඒකකටත් දැනුම්දීලා තියෙන්නේ. ඒ අය සඳුදා වෙනකොට සියළුම සාම්පල් අපට යවන්න කියලා තියෙනවා.  

දැනට අපට නිෂ්චිත වශයෙන්ම තහවුරු කරන්න බෑ මොකක්ද කියලා. ඒ නිසා රසායනාගාර පරීකෂණ සියල්ල අවසන් වූ පසුව ලැබෙන තීරණ අනුව සතුන් මියයන නිෂ්චිත හේතුව හොයාගන්න පුළුවන්".

| adaderana

සබැඳි පුවතක් :

බේරේ වැවේ තාරාවුන් මියයයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...