BREAKING
Top Ad
පරිසර

ඇල්ල රොක් ගින්න: අක්කර ගණනක් විනාශ වන තුරු නිවීමට නොහැකි වුණේ ඇයි?

T

The Leader

February 17, 2025 • 10:21 AM

ඇල්ල රොක් ගින්න: අක්කර ගණනක් විනාශ වන තුරු නිවීමට නොහැකි වුණේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාවණා ඇල්ල රක්ෂිතයට අයත් ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව ඇල්ල පොලිසිය පවසයි.
  • ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 13) දහවල් 2.00ට පමණ ආරම්භ වූ මෙම ගින්න පාලනය කිරීමට ආපදා කළමනාකරණ සේවකයින්ට සහ ආරක්ෂක අංශවලට දින 02කට අධික කාලයක් ගත විය.
  • උදය කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඇල්ල රොක් කඳු පන්තිය ආශ්‍රිතව හටගෙන තිබු ගින්න පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව ය.
  • මේ ගින්න නිවන්න යුද හමුදාව, පොලිසිය, ගුවන් හමුදාව වගේ ම වන සංරක්ෂණ නිලධාරීන් යොදා ගත්තා.'' ''මේ ගින්න ඇති වුණේ කඳු පන්තියේ ප්‍රපාතයේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇල්ල නගරය සහ ඇල්ල රොක් කඳු පන්තිය මෙරට සංචාරය කරන විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ඇති ස්ථානයක් ලෙස සැලකෙයි.

ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 13) දහවල් 2.00ට පමණ ආරම්භ වූ මෙම ගින්න පාලනය කිරීමට ආපදා කළමනාකරණ සේවකයින්ට සහ ආරක්ෂක අංශවලට දින 02කට අධික කාලයක් ගත විය.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්. උදය කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඇල්ල රොක් කඳු පන්තිය ආශ්‍රිතව හටගෙන තිබු ගින්න පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව ය.

dfty45fg| ඇති වූ ගින්නෙන් ඇල්ල රොක් රක්ෂිතයට හානි සිදුව අතින් අයුරු
'කවුරුන් හෝ ගිනි තියලා'

ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න ස්වභාවිකව ඇති වූ ගින්නක් නොව යම්කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සිදුකරන ලද ක්‍රියාවක් නිසා සිදුවූවක් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්. උදය කුමාර පැවසුවේය.

''කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් මේ ගින්න තියලා තියෙනවා. ඇල්ල වනජීවී රක්ෂිතයක් මේක. එකේ සෑහෙන ප්‍රමාණයක් ගිනි අර ගත්තා. මේ ගින්න නිවන්න යුද හමුදාව, පොලිසිය, ගුවන් හමුදාව වගේ ම වන සංරක්ෂණ නිලධාරීන් යොදා ගත්තා.''

''මේ ගින්න ඇති වුණේ කඳු පන්තියේ ප්‍රපාතයේ. එතනට එක පාරට ම ළඟා වෙන්න බැරි වුණා. අවදානමත් එක්ක විශාල පරිශ්‍රමයක් යොදන්න වුණා.''

''කැලෑ ගින්නෙන් පස්සේ වෙන වෙන ගැටලු මතු වෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයට ගල් කඩා වැටෙන්න පුළුවන් පාරට, ඒ වගේ ම නාය යාම් වගේ දේවල් වෙන්න පුළුවන් අධික මෝසම් වර්ෂා කාල සීමාවේදී.''

''මේ ගින්නෙන් කැලෑවේ කොච්චර අක්කර ප්‍රමාණයක් විනාශ වෙලා ද කියලා කියන්න විදිහක් නැහැ අපිට. මොක ද අපිට ඒක නිශ්චිතව කියන්න හැකියාවක් නැහැ,' බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේය.


සංචාරකයින්ගේ අවධානය

ඇල්ල නගරය සහ ඇල්ල රොක් රක්ෂිතය මෙරට සංචාරයේ නියැලෙන විදේශීය සංචාරකයින්ගේ වැඩි අවදානයක් හිමිව තිබෙන සංචාරක කළාපයක් ලෙස සැලකේ.

ඇල්ල රොක් රක්ෂිතයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විදේශික සංචාරකයින්ගේ ද අවධානය යොමු වී තිබිණි.

ඇතැම් සංචාරකයින් ඇල්ල රොක් කඳු පන්තියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විමසා තිබෙන අයුරු දක්නට ලැබිණි.
 
ftry45656| ඇල්ල රොක් ගින්න පිළිබඳව සංචාරකයින් තොරතුරු විමසා තිබු ආකාරය

'ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා ගැනීම සාර්ථක නැහැ'
මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසා සිටියේ, ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදා නොගත්තේ පවතින අධික සුළං තත්ත්වය සමග නියමිත ඉලක්කයකට ජලය ඉසීම අපහසු හෙයින් බව ය.

''මම මේ ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් වගේ ම දියතලාව ගුවන් හමුදාවේ අණ දෙන නිළධාරිගෙන් සාකච්ජා කළා. ඇත්තට ම පසුගිය කාලය පුරාවට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට ගත්ත උත්සහයන් අසාර්ථක යි කියල යි අදහස තම යි පළවුණේ.''

''දැන් අපි එක සම්පූර්ණ තෙල් ටැංකියක් පුරවලා හෙලිකොප්ටරයක් උඩට ගත්ත ම බකට් දෙකක් වගේ තමයි දාන්න පුළුවන්. ඒකත් ඉලක්කයට දාගන්න බැහැ හුළඟත් එක්ක.''

''මෙන්න මේ කාරණාවත් එක්ක පහුගිය අවුරුදුවල තිබුණු අසාර්ථක අත්දැකීම සහ අධික වියදම කියන කාරණා එක්ක තම යි අපි මෙවර ඒ ගැන විශාල වශයෙන් සාකච්ජා කරලා තම යි අපි මේ සඳහා ප්‍රවේශ වුණේ නැත්තේ. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යොදා නොගත්තේ පසුගිය අවුරුදුවල තිබුණු අසාර්ථක අත්දැකීමත් එක්ක,' නියෝජ්‍ය සංචාරක අමාත්‍යවරයා පැවසුවේ ය.

'නීතිය ක්‍රියාත්මක කරනවා'
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර සිටියේ, කැලෑ ගිනි තැබීම සිදුකරන පුද්ගලයින් පිළිබඳව සොයා බලමින් ඔවුන්ට එරෙහිව එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

''මේ දිනවල දින කිහිපයක් මුළුල්ලේ කැලෑ ගිනි වාර්තා වෙලා පවතිනවා. සෑම වසරක ම මේ වගේ තත්ත්වයන් වාර්තා වනවා. විශේෂයෙන් මේ සඳහා අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වන සංරක්ෂණ නිලධාරීන් වගේම ගම්වාසින් ඇතුළු සියලු දෙනා යොදා ගනිමින් මෙම ගිනි ගැනීම් නිවා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් බිම් මට්ටිමින් සහ ප්‍රාදේශීය වශයෙන් අඛණ්ඩව කටයුතු කරනවා.''

''විශේෂයෙන් පසුගිය දිනවල කුරුණෑගල, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ගණනාවක මෙවැනි සිදුවීම් වාර්තා වුණා. විශේෂයෙන් ජනතාව කැලෑවලට ගිනි තබන එක මේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ. අප මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකරනු ලැබුවා. මේකෙන් අතිවිශාල පරිසර හානියක් සිද්ධ වෙනවා.''

''ඇල්ල ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරාවට ඇති වුණු ගිනි ගැනීම් තත්ත්වය පාලනය කිරීමට විශාල පිරිවැයක් සහ පිරිස් බලයක් යෙදීමට සිද්ධ වුණා.''

''මේ වගේ කැලෑවලට ගිනි තබන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය වගේ ම වන සංරක්ෂණ නිලධාරීන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා,' සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය.

| BBC සිංහල සේවය
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...