BREAKING
Top Ad
පරිසර

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ඉල්ලයි

T

The Leader

March 2, 2025 • 6:10 AM

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනතුරකින් මිය ගිය හඳුන් දිවියෙක් වනජීවී නිලදාරීන් නිරීක්ෂණය කරමින්
  •   අනතුරකින් මිය ගිය කොළ දිවියෙක්   මේ නිසා මෙම සුවිශේෂී පරිසර කලාපය තුළ ඉහළ ශාක සහ සත්ත්ව විවිධත්වයක් ඇති අතර මෙරටට ආවේණික වනජීවීන් විශාල ප්‍රමාණයක් ද මේ ආශ්‍රිතව වාසය කරයි.
  • බරපතළ ජාන සොරකමක්   තුවාල ලබා අවතැන් වූ මීමින්නෙක් මෙවැනි වටිනාකමක් සහිත රක්ෂිත කලාප තුළ වෙසෙන වන ජීවීන් හට විවධ තර්ජන මේ වනවිට එල්ල වෙමින් පවතී.
  • මිරිදිය මත්ස්‍යන්ගේ ඉහළ විවිධත්වයක් මෙහි පවතින අතර විසිතුරු මසුන් ලෙස අලෙවිය සඳහා ස්වාභාවික ජල දහරාවන්ගෙන් මසුන් හා ජලජ ජීවීන් එකතු කිරීම ද විශාල වශයෙන් සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහළ ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි.

 

මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ පිහිටීම නිසා මෙහි පවතින ඉහළ ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධති වෙත දැඩි මානව බලපෑමක් එල්ලවී තිබෙන අතර වැඩි වන ජන ගහණයට අවශ්‍ය ඉඩකඩම්, නිවාස ආදී පහසුකම් සංවර්ධනය සඳහා මෙම පරිසර පද්ධති භාවිතය නිසා ඒවා දැඩි ලෙස තර්ජනයට ලක්වෙමින් පවතී.

 

තුවාල ලබා අවතැන් වූ රන් පිළිහුඩුවෙක්තුවාල ලබා අවතැන් වූ රන් පිළිහුඩුවෙක්


ආවේණික වනජීවීන් අනතුරේ
 
තුවාල ලබා අවතැන් වූ කළු වඳුරෙක්තුවාල ලබා අවතැන් වූ කළු වඳුරෙක්
මෙරට වෙනත් කිසිඳු ස්ථානයක හමු නොවන ඉහළ ජෛව වටිනාකම් සහිත පරිසර පද්ධති රැසකින් සමන්විත වන මෙම වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ප්‍රමුඛ වැසි වනාන්තරයක් වන යගිරල රක්ෂිත වනාන්තරය ඇතුළුව පැණිවැල් මූකලාන, ජම්බුගහහේන - නාවලකන්ද කඳු පංති වනාන්තර කලාපය, මීගහතැන්න සංරක්ෂිත වනාන්තරය, හලවල් කැලය සංරක්ෂිත වනාන්තරය, කහඹිලියාකන්ද සංරක්ෂිත වනාන්තරය, බටුකන්ද රජයේ කැලය, කනානකන්ද සංරක්ෂිත වනාන්තරය, බංගලාකන්ද රජයේ කැලය, කුමාරන්කන්ද රජයේ වනය, කළුගල යෝජිත රක්ෂිතය, ගමෙක් කන්ද රජයේ කැලය, විරකන්ද  මුකලන යෝජිත රක්ෂිතය, කලුකොට්ට්ව කන්ද රජයේ කැලය, අව්වෙගල කන්ද සංරක්ෂිත වනය, බුලත්කන්ද රජයේ කැලය, යෝජිත කළුගල රක්ෂිතය යනාදි තෙත් කලාපීය සදාහරිත වනාන්තර පද්ධතිවලින් හා මල්ගස්ඕවිටදෙණිය කඩොලාන සංරක්ෂිත වනාන්නතරය, ඉත්තෑපාන මඩවිට කඩොලාන වනාන්තරය, ලුල්බද්දුව කඩොලාන වනාන්තරය වැනි කඩොලාන වනාන්තරවලින් ද සමන්විත වේ. බෙන්තර ගඟ එක් මායිමක් වන මෙම කලාපය බෙන්තර ගඟ සහ කළු ගඟ සමග බැඳුණු ජලවහන පද්ධතියකින් ද සමන්විත වේ.
 අනතුරකින් මිය ගිය කොළ දිවියෙක්අනතුරකින් මිය ගිය කොළ දිවියෙක්
 
මේ නිසා මෙම සුවිශේෂී පරිසර කලාපය තුළ ඉහළ ශාක සහ සත්ත්ව විවිධත්වයක් ඇති අතර මෙරටට ආවේණික වනජීවීන් විශාල ප්‍රමාණයක් ද මේ ආශ්‍රිතව වාසය කරයි. මෙහි හමුවන ශාක හා සත්ත්ව විශේෂ බොහොමයක් මෙරටට පමණක් ආවේණික වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වූ විශේෂ වේ. එම විශේෂයන්ගෙන් බහුතරයක් මෙම කලාපයට ම ආවේණික වීම ද විශේෂ ලක්ෂණයකි.

බරපතළ ජාන සොරකමක්
 
තුවාල ලබා අවතැන් වූ මීමින්නෙක්තුවාල ලබා අවතැන් වූ මීමින්නෙක්
මෙවැනි වටිනාකමක් සහිත රක්ෂිත කලාප තුළ වෙසෙන වන ජීවීන් හට විවධ තර්ජන මේ වනවිට එල්ල වෙමින් පවතී. මස් පිණිස ගෝනුන්, ඌරන්, ඉත්තෑවන් යනාදි විශාල ක්ෂිරපායින් දඩයම් කිරීම, ජාන කොල්ලය සහ වෙළඳාම සඳහා වටිනා ශාක විශේෂ සහ උරගයින්, පක්ෂීන්, උභයජීවීන්, මත්ස්‍යයින්, දිලීර, ලයිකන වැනි  ජෛව කොටස් එකතු කිරීම වැනි ජාවාරම් මෙම ප්‍රදේශයන් තුළ හොර රහසේ සිදුවෙයි. මිරිදිය මත්ස්‍යන්ගේ ඉහළ විවිධත්වයක් මෙහි පවතින අතර විසිතුරු මසුන් ලෙස අලෙවිය සඳහා ස්වාභාවික ජල දහරාවන්ගෙන් මසුන් හා ජලජ ජීවීන් එකතු කිරීම ද විශාල වශයෙන් සිදුවේ.
 
අවතැන් වූ දඬු ලේන් පැටවෙකුඅවතැන් වූ දඬු ලේන් පැටවෙකු
වන ජීවීන් සහ මිනිසුන් අතර ඝට්ටන ඉහළට
 
වෙඩි වැදී තුවාල වූ ගෝණෙක්වෙඩි වැදී තුවාල වූ ගෝණෙක්
 
මෙම කලාපය තුළ ඉහළ සත්ත්ව විශේෂ ගණත්වයක් පවතින නමුත් ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් නිසා වනජීවින්ට අනතුරු හෝ විපතක් සිදුවූ විට එම සතුන්ට අවශ්‍ය ප්‍රථිකාර ඇතුළු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පහසුකම් මෙම ප්‍රදේශයෙහි නොපවතී. සීග්‍රයෙන් ජනාකීර්ණ වන කලාපයක පිහිටීම නිසා මෙහි ඉඩම්වලට ඇති ඉල්ලුම ඉහළ යාම සමග වනාන්තර ප්‍රමාණය අඩුවීමෙන් වන ජීවීන් හා මිනිසුන් අතර සිදුවන ඝට්ටන ද ඉහළ ගොස් ඇති අතර පසුගිය වසර කිහිපය තුල දුර්ලභ වන ජීවීන් විශාල ප්‍රමාණයක් අහිමි වීමද සිදුවිය.
 
තුවාල ලබා අවතැන්වන වන ජීවීන් මිය යෑම ඉහළට
 
තුවාල ලබා අවතැන් වූ උකුස්සෙක්තුවාල ලබා අවතැන් වූ උකුස්සෙක්

මෙවැනි ගැටලු වළක්වා ගැනීම සඳහා ඇති සුදුසු හා සාර්ථකම ක්‍රමය වන වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත වනජීවී කාර්යාලයක් ස්ථාපනය කොට වනජීවීන්ගේ රැකවරණය තහවුරු කිරීම නිසා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වනජීවී කාර්යාලයක් ස්ථාපනය කරන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ ද මේ වන තෙක් එම කාර්යාලය පිහිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී නොමැත.
 
leyt69823වනජීවී කාර්යාලය පිහිටුවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා දුන් ලිපිය සහ වනජීවී කාර්යාලය පිහිටුවීමට නොහැකි වූ හේතු දක්වා සිටි ලිපිය
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පමණක් නොව සමස්ත කළුතර දිස්ත්‍රික්කය තුළ ම වනජීවීන් සම්බන්ධව කටයුතු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පිහිටුවා නොමැති අතර වනජීවී කාර්යාලයකින් සිදුකළ යුතු කාර්යන් සිදුකරවා ගැනීමට නම් හික්කඩුව වනජීවී කාර්යාලය හෝ අත්තිඩිය වනසත්ත්ව රෝහල සම්බන්ධ කරගත යුතුවේ. නමුත් එම ආයතන හරහා අවශ්‍ය සේවාව ලබාගන්නා විට තුවාල ලබා අවතැන්වන වන ජීවීයා මිය ගොස් හමාරය. එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුල සිදුවිය.
 
අනතුරකින් මිය ගිය හඳුන් දිවියෙක්JPGඅනතුරකින් මිය ගිය හඳුන් දිවියෙක්
වෙඩි වැදී මිය ගිය ගෝණෙක්වෙඩි වැදී මිය ගිය ගෝණෙක්
 අනතුරකින් මිය ගිය හඳුන් දිවියෙක්අනතුරකින් මිය ගිය හඳුන් දිවියෙක්
 
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වනජීවී කාර්යාලයක අවශ්‍යතාවය දැනුණු පසු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කළ ඉල්ලීම්වලට පිළිතුරක් නොලැබුණු බැවින් 2021 වර්ෂයේ දී ජනමාධ්‍ය හරහා මේ පිළිබඳව කතිකාවතක් ඇති කළ අතර ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය යොමු වී වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වනජීවී කාර්යාලක් ස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුට අමාත්‍යාංශය හරහා නියෝග ලබාදී තිබුණි.
 
peshala pasan(සටහන | පේශල පසන් කරුණාරත්න)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...