BREAKING
Top Ad
පරිසර

වාලම්පුරි යනු මිථ්‍යාවක් ද? 'ළඟ තබා ගන්න නීතියෙන් අවසර තිබෙනවා ද?'

T

The Leader

May 15, 2025 • 1:00 PM

වාලම්පුරි යනු මිථ්‍යාවක් ද? 'ළඟ තබා ගන්න නීතියෙන් අවසර තිබෙනවා ද?'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාසනාව සහ සිතූ පැතූ සම්පත් ළඟා කර දෙන බවට පවතින විශ්වාසය හේතුවෙන් ඇතැම් පුද්ගලයෝ 'වාලම්පුරි' හෙවත් හක් බෙල්ලන් නිවසේ හෝ
  • එහිදී ඔහු කියා සිටියේ, 'වාලම්පුරි' යනුවෙන් බෙල්ලන් විශේෂයක් නොමැති බව ය.
  • එමෙන් ම, බොහෝ දෙනා අද වන විට වාලම්පුරි යන නම භාවිත කරමින් මිනිසුන් රැවටීමට ලක් කරන බව ද ඔහු පැවසුවේ ය.
  • ඒ අය ළඟ තිබුණට වනජීවී එක නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.' සන්තකයේ තබා ගැනීම නීතියෙන් තහනම් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ව්‍යාපාරික ස්ථානවල තබා ගැනීමට උනන්දුවක් සහ කැමැත්තක් දක්වති.

මේ දිනවල ප්‍රදර්ශනය වන 'වාලම්පුරි හෙවත් හීන හත හමාරක්' චිත්‍රපටය තුළින් ද කියැවෙන්නේ වාලම්පුරියක් විකුණා ජීවිතය ජය ගැනීමට වෙර දරන පුද්ගලයින් කණ්ඩායමක් පිළිබඳව ය.

කෙසේ වුව ද, 'වාලම්පුරි' යනුවෙන් හඳුන්වන හක් බෙල්ලන් විශේෂය සන්තකයේ තබා ගන්නා පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථා වාර්තා වෙයි.

බොහෝ දෙනෙකු විමසන කරුණක් වන්නේ, මුහුදෙන් හමුවන මෙම බෙල්ලන් සන්තකයේ තබා ගැනීම හෝ විකිණීම තහනම් කර තිබේ ද? යන්න යි. මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.


'වාලම්පුරි කියලා මිනිසුන් රවට්ටනවා'

වාලම්පුරි යනුවෙන් බොහෝ දෙනා පවසන මෙම මුහුදු හක් බෙල්ලන් විශේෂය කුමක් ද? යන්න සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධනගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.

එහිදී ඔහු කියා සිටියේ, 'වාලම්පුරි' යනුවෙන් බෙල්ලන් විශේෂයක් නොමැති බව ය. එමෙන් ම, බොහෝ දෙනා අද වන විට වාලම්පුරි යන නම භාවිත කරමින් මිනිසුන් රැවටීමට ලක් කරන බව ද ඔහු පැවසුවේ ය.

''මුලින් ම කියන්න ඕන දේ තමයි වාලම්පුරි කියලා මුහුදු බෙල්ලන් විශේෂයක් නැහැ. ගොඩක් දෙනා අතර තියෙන මිථ්‍යා විශ්වාසයක් තමයි 'වාලම්පුරි' බෙල්ලෝ වාසනාව ගෙනල්ලා දෙනවා කියන එක.''


''ගොඩක් වෙලාවට කවචය දකුණට කැරකුණු හක් බෙල්ලෝ තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ අතර ඉන්නවා කවචය වම් පැත්තට කැරකුණු හක් බෙල්ලන් විශේෂ. ඒ නිස යි මේවා 'වාලම්පුරි' කියලා හඳුන්වන්නේ,' නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පැහැදිළි කළේ ය. දෙමළ බසින් පැමිණි වචනයක් වන වාලම්පුරි යන්නෙහි අදහස 'වාමාවර්ථව කැරකුණු' යන්න ය.

 

sfrt3gt|  'වාලම්පුරි කියලා විකුණන සමහර බෙල්ලෝ ඉන්නවා විදේශීය බෙල්ලෝ. ඒ අය ළඟ තිබුණට වනජීවී එක නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.'
සන්තකයේ තබා ගැනීම නීතියෙන් තහනම් ද?

නීතිය හමුවේ ආරක්‍ෂිත බෙල්ලන් විශේෂ සිටින බවත්, එවැනි බෙල්ලන් ළඟ තබා ගන්නා පිරිස්වලට එරෙහිව පොලිසිය ඇතුළු අංශවලට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවත් ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුවේ ය.

''වාලම්පුරි කියන්නේ නමක් විතර යි. වාලම්පුරි කියලා ළඟ තියා ගන්නේ මොන බෙල්ලන් විශේෂය ද කියන එක යි වැදගත් වන්නේ. නීතිය ඉදිරියේ ආරක්‍ෂිත බෙල්ලන් කොටසක් තියෙනවා. නීතිය ඉදිරියේ ආරක්‍ෂිත බෙල්ලන්ව ළඟ තබා ගන්න බැහැ. එහෙම ළඟ තියා ගන්න අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.''

''ඔය වාලම්පුරි කියලා විකුණන සමහර බෙල්ලෝ විදේශීය බෙල්ලෝ. ඒවා ළඟ තියා ගත්තා කියලා වනජීවී එක නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. 'සංගු වාලම්පුරි' කියලා කියන්නේ දකුණු පැත්තට කැරකුණු හක් බෙල්ලෝ. ඒවා ළඟ තියා ගත්තා කියලා ගැටලුවක් නැහැ. හැබැයි වාලම්පුරි කියලා අද ගොඩක් වෙද්දී විකුණන්නේ පනත යටතේ ආරක්‍ෂිත කරලා තියෙන බෙල්ලන් නිසා ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා," ඔහු පැවසීය.


හක් බෙල්ලන් ආරක්ෂා කිරීම සඳහා වන නීති

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙරට සිටින හක් බෙල්ලන් විශේෂ ගණනාවක් ආරක්‍ෂිත හක් බෙල්ලන් ලෙස නම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුවේය.

''වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31 (ආ) වගන්තිය යටතේ මුහුදු බෙල්ලන් විශේෂ 25ක් ආරක්‍ෂිත බෙල්ලන් කියලා නම් කරලා තියෙනවා. මේවා ලඟ තබා ගැනීම, විකිණීම, විකිණීමට ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන් තහනම්.''

''ඊට අමතරව මුහුදු අශ්වයන්, බ්ලැක් කොරල් වැනි දේවල් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂා කරලා තියෙනවා. ඒව ළඟ තබා ගැනීමත් තහනම්," ඔහු පැවසුවේ ය.

මේ අතර, බීබීසී සිංහල කළ විමසීමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකය පැවසුවේ, 2009 අංක 22 දරන (සංශෝධන) වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ, කොඳු ඇට පෙළ නොමැති ආරක්‍ෂිත සතුන්ගේ නාම ලේඛනය යටතේ මෙරට නීතියෙන් ආරක්‍ෂිත මුහුදු බෙල්ලන් සහ කොරල් වර්ග නම් කර ඇති බව ය.

|  BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...