BREAKING
Top Ad
පරිසර

බන්දුල පෙතියා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කෙරේ

T

The Leader

June 1, 2025 • 11:58 AM

බන්දුල පෙතියා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින 'බන්දුල පෙතියා' මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය
  • ඒ අනුව හෙට (2) දහවල් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් ගලපිටමඩ ප්‍රදේශයේ දී ඊට අදාළ වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.
  • නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, හෙටට (2) යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, හෙටට (2) යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

මෙරටට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන මෙම බන්දුල පෙතියා හමුවන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණි.

ඒ අනුව හෙට (2) දහවල් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් ගලපිටමඩ ප්‍රදේශයේ දී ඊට අදාළ වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි.

මෙහිදී බන්දුල පෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්‍රදේශයේ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්, බන්දුල පෙතියා වෙසෙන ජලාශ ආශ්‍රිත රුක්රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

s3ds3d

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...