BREAKING
Top Ad
පරිසර

ලෝක සාගර සමුළුව ප්‍රංශයේ නීස් නගරයේ දී ඇරඹෙයි

T

The Leader

June 8, 2025 • 11:35 PM

ලෝක සාගර සමුළුව ප්‍රංශයේ නීස් නගරයේ දී ඇරඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතීන්ගේ තුන්වෙනි ලෝක සාගර සමුළුවට සහභාගි වීම පිණිස රාජ්‍ය නායකයන්, ඇමතිවරුන්, රජ කුමරුන් ඇතුළු ඉහළ පෙළේ නායකයන් විශාල පිරිසක් ප්‍රංශයේ වරාය බද නීස් (Nice) නගරයට රැස් වී සිටිති.
  •   රාජ්‍ය නායකයන් ඇතුළු ඉහළ පෙළේ නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නගරය පුරාම සන්නද්ධ පොලිසිය යොදවා තිබිණ.
  •   එක් එක් රටවල දූත මණ්ඩල, පරිසරවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු තවත් දහස් ගණනක පිරිසක් ද පරිසර සමුළුවට සහභාගී වීම පිණිස ප්‍රංශයට පැමිණ සිටිති.
  • මුහුදු පතුලේ කෙරෙන කැනීම් නවතන මෙන් ඉල්ලා සිටින පෙත්සමකට රටවල් 94 ක ලක්ෂ තිහක පිරිසක් අත්සන් තබා තිබෙන අතර, ග්‍රීන්පීස් සංවිධානය විසින් මෙම සමුළුවේදී එම පෙත්සමත් භාරදීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


නායකයන් කිහිප දෙනෙක් නෞකා මගින් නීස් නගරයට ලඟා වූ අතර, මුහුදු පතුලේ කෙරෙන කැනීම්වලට විරෝධය පෑම පිණිස ආක්ටික් සන්රයිස් (Arctic Sunrise) නමැති ග්‍රීන්පීස් පරිසර සංවිධානයේ දැවැන්ත නෞකාවක් ද නගරය බලා ලඟාවෙමින් තිබිණ.

 

WhatsApp Image 2025 06 09 at 6.52.24 AM 2
රාජ්‍ය නායකයන් ඇතුළු ඉහළ පෙළේ නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නගරය පුරාම සන්නද්ධ පොලිසිය යොදවා තිබිණ.

 

WhatsApp Image 2025 06 09 at 6.52.24 AM 1
එක් එක් රටවල දූත මණ්ඩල, පරිසරවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු තවත් දහස් ගණනක පිරිසක් ද පරිසර සමුළුවට සහභාගී වීම පිණිස ප්‍රංශයට පැමිණ සිටිති.

මුහුදු පතුලේ කෙරෙන කැනීම් නවතන මෙන් ඉල්ලා සිටින පෙත්සමකට රටවල් 94 ක ලක්ෂ තිහක පිරිසක් අත්සන් තබා තිබෙන අතර, ග්‍රීන්පීස් සංවිධානය විසින් මෙම සමුළුවේදී එම පෙත්සමත් භාරදීමට නියමිතය.  

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව වෙනුවෙන් ජුනි 06 සිකුරාදා සිට ඉරිදා දක්වා නීස් නගරය තුළ නොමිලේ පොදු ප්‍රවාහන සේවා ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.

 

WhatsApp Image 2025 06 09 at 6.52.24 AM
කුඩා පරිමාණ ධීවරයින්ට සහන සලසමින් මසුන් මැරීම කළමනාකරණය කිරීම, සාගර පතුළේ සමුද්‍ර පරිසර පද්ධතිය ඇතුළු වෙරළබඩ පරිසර පද්ධතිය රැකගැනීම, ගොඩබිම ආශ්‍රිතව කෙරෙන ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන සියලුම ආකාරයේ සමුද්‍ර පරිසර දූෂණය වලක්වා ගැනීම ඇතුළු කරුණු මෙවර සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම සාගරය පදනම් කරගත් තිරසර ආර්ථිකයන් ප්‍රවර්ධනය කිරීම සහ තිරසර සමුද්‍ර ප්‍රවාහනය ද මෙවර සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්ය.

සමුළුව අවසානයේ ප්‍රකාශයට පත්කිරීමට යෝජිත Nice Ocean Action Plan සකස්කිරීමේ ක්‍රියාදාමයට පහසුකම් සැලසීම ඕස්ට්‍රේලියාවේ සහ Cape Verde ආණ්ඩුවලට පවරා ඇත. 2015 දී පැරිස් සම්මුතිය ඇතිකරගැනීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි සම්මුතියක් ඇතිකරගන්නේ දස වසරකට පසුවය.

ගෝලීය සාගර සම්මුතිය ක්‍රියාවට නැගීමට නම් රටවල් 60ක්වත් එයට අත්සන් තැබිය යුතුය. මෙවර සමුළුවේදී රටවල් 60කට වැඩි ප්‍රමාණයක් එයට අත්සන් තබනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු පළ කරති.

 

WhatsApp Image 2025 06 09 at 6.52.25 AM
සමුළුව ආරම්භවීමට ප්‍රථම නිවේදනයක් කළ සමෝවා රාජ්‍යය, තමන්ට අයත් මුහුදු තීරයෙන් 30%ක් ආරක්ෂාවන ආකාරයට නව මුහුදු කලාප 9ක් පූර්ණ වශයෙන් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව වර්ග කිලෝමීටර 36,000 ක ප්‍රමාණයක මසුන් ඇල්ලීම සපුරා තහනම් කෙරේ. එමෙන්ම 2030 වනවිට සිය සාගර කලාපය සම්පූර්ණයෙන්ම තිරසර කළමණාකරණ ක්‍රමවේදයකට නතු කිරීම සැමෝවා දූපත් රාජ්‍යයේ බලාපොරෝත්තුවයි.  

Pulitzer Centre හි Ocean Reporting Network අනුග්‍රහයෙන්, මේ සතිය පුරා පැවැත්වෙන සමුළුව ගැන ඉදිරියටත් විස්තර ගෙන එන්නම්.


Saroj Pathirana
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
නීස් නගරයේ සිට...

sarojpathi@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...