BREAKING
Top Ad
පරිසර

ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කරමින් පොසොන් උත්සවය සමරමු

T

The Leader

June 10, 2025 • 1:24 AM

ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කරමින් පොසොන් උත්සවය සමරමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර පොසොන් උත්සවය පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොරව පැවැත්වීමට සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි පවසයි.
  • පොසොන් උත්සවයට සමගාමීව “පොලිතින් භාවිතයෙන් තොර පොසොන් උදානයක්” යන තේමාව ඔස්සේ අනුරාධපුර, නුවර වැව අසළදී එළබෙන (11) වැනිදා උදේ 8.30ට පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පැවසුවේය.
  • එමෙන්ම අනුරාධපුර පොසොන් උත්සවයට නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන්ගෙන් ප්ලාස්ටික් සහ පොලිතින් රැගෙන එම හැකිතාක් අවම කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙවර පොසොන් උත්සවය අනුරාධපුරයේ පවත්වන බවත් පරිසර අමාත්‍යංශය, ක්ලීන් ශ්‍රි ලංකා ලේකම් කාර්යාලය, අනුරාධපුර නගර සභාව සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරය පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොර කලාපයක් හැටියට පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති බවත් අමාතවරයා පැවසීය.

පොසොන් උත්සවයට සමගාමීව “පොලිතින් භාවිතයෙන් තොර පොසොන් උදානයක්” යන තේමාව ඔස්සේ අනුරාධපුර, නුවර වැව අසළදී එළබෙන (11) වැනිදා උදේ 8.30ට පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පැවසුවේය.

එමෙන්ම අනුරාධපුර පොසොන් උත්සවයට නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන්ගෙන් ප්ලාස්ටික් සහ පොලිතින් රැගෙන එම හැකිතාක් අවම කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...