BREAKING
Top Ad
පරිසර

'භාතිය ඇතා' ගැන සංවේදීව විපක්ෂ නායක කියපු කතාව !

T

The Leader

July 8, 2025 • 11:08 AM

'භාතිය ඇතා' ගැන සංවේදීව විපක්ෂ නායක කියපු කතාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොල්පිතිගම ප්‍රදේශයේ සහ නිකවැරටිය ප්‍රදේශයේ දී තුවාල ලබා සිටින 'භාතිය ඇතා' ජීවත් කරවීම සඳහා: වනජීවී ක්ෂේත්‍රය, ආරක්ෂක අංශ සහ
  •   භාතිය හස්තියා ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය ඉදිරි දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව සිටින භාතිය හස්තියාගේ තත්ත්වය බරපතල බව මහව වනජීවී නිලධාරීන් පවසති.
  • මේ අතර භාතිය හස්තියාට කඩිනම් ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යවරයාද උපදෙස් දී ඇත.
  • ගල්ගමුව අබන්පොල නිකවැරටිය ආශ්‍රිතව ජීවත්වන වයස අවුරුදු 30ක් පමණවන භාතිය ඇතා පසුගිය මැයි මස 20වැනිදා සිට පාදයේ ආබාධයකින් පෙළෙන බවට දුටු ගම්වාසීන් විසින් ඒ සම්බන්ධයෙන් මහව වනජීවී කාර්යාලය දැනුවත් කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

වනජීවී ලෝලීන් විශාල පරිශ්‍රමයක් දරන බවත්, ඔවුන්ට තමාගේ ස්තූතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

මෙවැනි සිදුවීමක් වූ පසු සැමගේම අවදායනය යොමු වන බවත් මේ තුවාල වූ පළමු ඇතා නොවන නිසා වහාම එස්.ඕ.එස් වැඩසටහනක් ආරම්භ කර ඉන්දියාවේ කෙන්යාවේ මෙන් විධිමත් වැඩසටහනක් නිර්මාණය කර මොවුන්ව රැකගත යුතු බවත් අද වනජීවී ක්ෂේත්‍රයේ බරපතළ මානව හා භෞතික සම්පත් හිඟතාවකින් පෙළෙන බැවින් වහාම මේවා පියවන්නට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටින බව ද විපක්ෂ නායකවරයා පැවසී ය.

විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් ඇති කළහොත් ඉන්දියාවෙන් පවා ආධාර ගත හැකි බවත්, අම්බානි ගේ පුතා පවා වනජීවී සම්පත වෙනුවෙන් විශාල වැඩසටහනක් ක්‍රියාත්මක බවත් අප්‍රිකාවේ පවා ම වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඒවාගෙන් පාඩමක් ඉගෙන ගෙන විධිමත් කෙටිකාලීන මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, මේ සිදුවීමෙන් පවා පාඩමක් ඉගෙන ගත හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසී.

 
භාතිය හස්තියා ගැන ඇසෙන දුක හිතෙන ආරංචිය

ඉදිරි දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව සිටින භාතිය හස්තියාගේ තත්ත්වය බරපතල බව මහව වනජීවී නිලධාරීන් පවසති.

මේ අතර භාතිය හස්තියාට කඩිනම් ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යවරයාද උපදෙස් දී ඇත.

ගල්ගමුව අබන්පොල නිකවැරටිය ආශ්‍රිතව ජීවත්වන වයස අවුරුදු 30ක් පමණවන භාතිය ඇතා පසුගිය මැයි මස 20වැනිදා සිට පාදයේ ආබාධයකින් පෙළෙන බවට දුටු ගම්වාසීන් විසින් ඒ සම්බන්ධයෙන් මහව වනජීවී කාර්යාලය දැනුවත් කර තිබිණ.

පසුව මහව වනජීවී නිලධාරීන් සිදු කළ නිරීක්ෂණයේදී අනාවරණ වුණේ වෙඩි තැබීමකින් භාතිය හස්තියාගේ ඉදිරි දකුණු පාදයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් ඇතා දැඩි ලෙස රෝගාතුරව ඇති බවයි.

ඒ අනුව අවස්ථා කිහිපයකදීම මහව වනජීවි නිලධාරීන් සහ නිකවැරටිය පශුවෛද්‍ය නිලධාරීන් එක්ව භාතිය ඇතා නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කළ අතර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමද සිදු කෙරින.

එවන් පසුබිමක භාතිය ඇතාට සිය හොඬවැලෙන් ආහාර ලබා ගැනීමේ අපහසුතාවක්ද මතුවූ අතර එම අවස්ථාවේත් වනජීවී නිලධාරීන් මැදිහත්වී ඇතාට ආහාර ලබා දීම සිදු කළේය.

කෙසේ වෙතත් දිනෙන් දින පිරිහෙමින් තිබූ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට නරක අතට හැරී තිබේ.

භාතිය හස්තියාගේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ද ගොස් තිබිණ.

ඇතාගේ රුධිර සාම්පල ලබාගෙන එම පරීක්ෂණ වාර්තා සහ ස්කෑන් පරීක්ෂණ පදනම් කරගෙන කඩිනම් ප්‍රතිකාර සිදු කරන ලෙස ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...