BREAKING
Top Ad
පරිසර

අමාත්‍ය මණ්ඩලය ගැසට් නිවේදනයක් ඉවත් කර ගනී

T

The Leader

July 29, 2025 • 11:32 AM

අමාත්‍ය මණ්ඩලය ගැසට් නිවේදනයක් ඉවත් කර ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විල්පත්තු සංරක්ෂිත කලාපය ආශ්‍රිතව පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක්
  • මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල ගැසට් නිවේදනය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ප්‍රකාශ සිටියේය.
  • එහෙත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් නිවේදනය ඉවත් කළ බව ප්‍රකාශයට පත් කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
  • ඒ අනුව කටයුතු කිරීමට වග උත්තරකරුවන් සූදානම් බව මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්වාගෙන යාම සඳහා මුදා හැරීමට පසුගිය රජයේ හිටපු වන ජීවී අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

එම ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වනජීවී ආරක්ෂක සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මෙම දැනුම් දීම සිදු කළාය.

එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවන ලදී.

 

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමෙන් අනතුරුව 2024 මැයි 06 දින සහිත අදාළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති බව සඳහන් කළාය.


මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල ගැසට් නිවේදනය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ප්‍රකාශ සිටියේය.

එහෙත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් නිවේදනය ඉවත් කළ බව ප්‍රකාශයට පත් කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කටයුතු කිරීමට වග උත්තරකරුවන් සූදානම් බව මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළාය.

ඉන් අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා අදාළ පෙත්සම ඔක්තෝබර් මස 10 වන දා යළි කැඳවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ පෙනී සිටියහ.

( aruna | කේ.එස්.උදයකුමාර )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...