BREAKING
Top Ad
පරිසර

ඩයනා ගමගේ අයෙත් කරලියට ; අලි ගැන සංවේදීව ලොකු කතාවක් කියයි

T

The Leader

August 6, 2025 • 8:55 AM

ඩයනා ගමගේ අයෙත් කරලියට ; අලි ගැන සංවේදීව ලොකු කතාවක් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ අලි සම්පත යනු දේශීය විදේශීය සංචාරකයින්ගේ නෙත් සිත් බැඳගන්නා රටට ඩොලර් වැසි වස්සන,
  • අලි ඇතුන් සිටි බවට මතකයක් විතරක් ඉතිරි වේවි ද...?
  • ''කතරගම සහ අවට අලි ඇතුන් බහුල ප්‍රදේශයක්.
  • එපමණක් නෙවෙයි කූට ලෙස රක්ෂිත අල්ලා ගනිමින්, වන රක්ෂණ දෙපාර්තමේන්තුව ද නොමග හරිමින්, එම ඉඩම් වල හේන් වගාවට යැයි කියමින් එක් එක් පුද්ගලයාට අතින් අත විකිණීමේ කූඨ ජාවාරමක්ද  ක්‍රියාත්මක වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ආධ්‍යාත්මිකව ද ගෞරවයට ආදරයට පාත්‍රවන සතුන් විශේෂයක් යැයි හිටපු අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ ඉකුත්දා කතරගම පුහුල්ආර ප්‍රදේශයේ සංචාරයක නියැළී සිටිය දී වන අලි පොලිතින් සහ ප්ලාස්ටික් කොටස් අනුභව කරනු දැක මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් ඉක්බිතිව මාධ්‍ය හමුවේ අදහස් දක්වමනි.

klhlzdjfe

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ඩයනා ගමගේ...

අලි ඇතුන් සිටි බවට මතකයක් විතරක් ඉතිරි වේවි ද...?

''කතරගම සහ අවට අලි ඇතුන් බහුල ප්‍රදේශයක්. බොහෝ මිනිසුන් සිතූ මනාපෙට රක්ෂිත වනාන්තර අත්පත් කර ගනිමින් අලින්ට විදුලි රැහැන් දමා එම සතුන් යන එන මාර්ග හරස් කරලා. එපමණක් නෙවෙයි කූට ලෙස රක්ෂිත අල්ලා ගනිමින්, වන රක්ෂණ දෙපාර්තමේන්තුව ද නොමග හරිමින්, එම ඉඩම් වල හේන් වගාවට යැයි කියමින් එක් එක් පුද්ගලයාට අතින් අත විකිණීමේ කූඨ ජාවාරමක්ද  ක්‍රියාත්මක වෙනවා. මේ බව ප්‍රකාශ කළේ ඒ ප්‍රදේශවාසින් ම යි.

එම කරුණු විමර්ශනය කිරීම වත්මන් ආණ්ඩුව සතු කාර්යයක්. එහෙත් අනියම් ලෙස ඉදිරියේදී සිදුවීමට ඇති මහා කැලෑ අලි සංහාරය හේතුකොට ඉදිරියේ දී මෙම ප්‍රදේශයේ අලි ඇතුන් සිටි බවට මතකයක් විතරක් ඉතිරි වේවි. ඒ බව දැනටමත් තහවුරු වෙමින් පවතිනවා.

 

අලි සංහාරය පිළිබඳ දැඩි අවධානය යොමු විය යුතුයි

පුහුල්ආර ප්‍රදේශයට පැමිණෙන අලි ඇතුන් නිරීක්ෂණය කිරීමේදී තහවුරු වන්නේ කුසගින්න ඉවසා ගත නොහැකි වන අලීන් පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගන්නා බව යි. මෙම ක්‍රියාදාමය ඉදිරියට ද මේ විදියට සිදු අනොත් මෙම අලි මරණයට පත්වීම බොහෝ දුරට සිදුවිය හැකි යි.


බොහෝ පරිසර විචාරකයින්ගේ වගේ ම මමත් එහෙම විශ්වාස කරනවා. ඒ නිසා මෙම අලි සංහාරය ගැන දැඩිව අවධානය යොමු කරන ලෙසත්, වන රක්ෂිතයට අයත් ඉඩම් කූට ලෙස අත්පත් කර ගැනීම වැළැක්වීම පිළිබඳව ද රජයේ අවධානය යොමු කරන ලෙසත්  ජනාධිපතිවරයාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

(සටහන | ජේ.මුණසිංහ)
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...