BREAKING
Top Ad
පරිසර

ගල්ගමු අලි ඇතුන්ට වැඩි අගැයුමක්!

T

The Leader

August 20, 2025 • 2:42 AM

ගල්ගමු අලි ඇතුන්ට වැඩි අගැයුමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්ගමුව පූලංචිය වැව අද්දර ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වුව ද එමඟින් පැවසෙන අරුත මුළු මිනිස් සමාජයටම අතිශය වැදගත් වන බැවින් එම ස්මාරකයට ජාතික මට්ටමේ වැදගත් කමක් ආරෝපණය විය යුතු බව ගල්ගමුව ප්‍රාදේශීය සභවේ සභාපති විජේරත්න බණ්ඩාර පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම අනුරාධපුර පුදබිම තෙක් වැටී ඇති පාදෙණිය ඇල්ල මාර්ගය හා සම්බන්ධ ගල්ගමුව මුල් කොට ගත් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන් දාමයක් ක්‍රියාත්මක කරන බවත් එහි දී ඇත් ස්මාකය හා සම්බන්ධ පූලංචිය වැව් පරිශ්‍රයේ දෙස් විදෙස් සංචාරකයන් මුල් කොට වැඩිම සේවා සහ යටිතල පහසුකම් ප්‍රමාණයක් සැපයීමේ සැලැස්මක් පවතින බවත් සභාපති වරයා කීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වන අලින් අතුරින් වටකුරු පුෂ්ටිමත් හැඩයේ වන අලින් වැඩිම ප්‍රමාණයක් ගල්ගමුවේ දක්නට ලැබෙන බව ප්‍රසිද්ධ කරුණක් වන අතර ගල්ගමුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආරක්ෂාකාරීව ඔවුන් නිරීක්ෂණය කිරීම පිණිස තවත් ආයතන කිහිපයක සහයෝගයෙන් එම වැව් පරිශ්‍රයේ සත්ව නිරීක්ෂණ අට්ටාල ඉදි කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩි දුරටත් කීය.

namalvije(වමේ සිට දකුණට) ස්මාරකයේ නිර්මාණකරු ජේ රත්නායක, තිලක් සේනාසිංහ, ස්මාරකය හා සබැඳි” ගිමන් හල “බොජුන් හලේ භාරකාර කලණ ගුණවර්ධන, ගල්ගමුව ප්‍රාස සභාපති විජයරත්න බණ්ඩාර සහ මහාචාර්ය නාමල් විජයසිංහ
සභාපති වරයා ඒ බව සඳහන් කළේ එම අහිංසා ස්මාරකය තැනීමේ පූර්ණ වගකීම භාරගෙන කටයුතු කළ අහිංසා ශ්‍රී ලංකා සත්ව අහිංසා සහ හිමිකම් සංවිධානයේ ව්‍යාපෘති හා මෙහෙයුම් අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ හා එහි ව්‍යාප්ති හා සන්නිවේදන අධ්‍යක්ෂ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ ඊයේ (19) ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දීය.

මෙහි දී අදහස් පළ කළ මහාචාර්ය නාමල් විජයසිංහ ප්‍රකාශ කළේ මේ මිහිතලය මත මිනිසුන්ට සේම සතුනට ද ජීවත් වීමට ඇති ස්වභාවික යුක්තිය තහවුරු කෙරෙන ඕනෑම ව්‍යාපෘතියක් සඳහා තම උපරිම සහාය ලබා දෙන බවකි.

| vinivida

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...