BREAKING
Top Ad
පරිසර

සජිත් ප්‍රේමදාස, වේල්ස් කුමරුගේ සහාය පතයි

T

The Leader

August 27, 2025 • 3:34 AM

සජිත් ප්‍රේමදාස, වේල්ස් කුමරුගේ සහාය පතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවිය.
  • ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන මුලපිරීමක් සෑම වසරකම අලි මරණ 400 කට අධික සංඛ්‍යාවක් සහ මිනිස් මරණ 150 කට අධික සංඛ්‍යාවක් සිදුවෙමින් දිනෙන් දින උග්‍රවන අලි- මිනිස් ගැටුම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙම ලිපිය මඟින් අවධාරණය කළේ ය.
  • ''ශ්‍රී ලංකාවේ අලි ඇතුන් අපගේ ජාතික උරුමය පමණක් නොවේ, ඔවුන් ගෝලීය ජෛව විවිධත්වයේ නිධානයකි.
  • වන අලි ඇතුන් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයට ම අත්‍යවශ්‍ය කරුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):


විශාලතම ආසියානු අලි ගහන අතරින් එකක් වන ශ්‍රී ලංකාවේ නිදහස් වන අලි ඇතුන් ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ අමිල සහයෝගය ඉල්ලා සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වේල්සයේ කුමරු වෙත විධිමත් ලෙස ලිපියක් භාර දුන්නේ ය.

ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන මුලපිරීමක්

සෑම වසරකම අලි මරණ 400 කට අධික සංඛ්‍යාවක් සහ මිනිස් මරණ 150 කට අධික සංඛ්‍යාවක් සිදුවෙමින් දිනෙන් දින උග්‍රවන අලි- මිනිස් ගැටුම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙම ලිපිය මඟින් අවධාරණය කළේ ය. එබැවින් විද්‍යාව පදනම් කරගත් ජාතික සංරක්ෂණ උපාය මාර්ගයක හදිසි අවශ්‍යතාවය මෙමඟින් ඉස්මතු කළේ ය.

දිගුකාලීන, තිරසාර රාමුවක් යටතේ සංරක්ෂණ විශේෂඥයින්, දේශීය ප්‍රජාව සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එකට එක් කරගත් ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන මුලපිරීමක් (National Elephant Conservation & Coexistence Initiative - NECCI)  පිහිටුවීමට මෙම ලිපිය මන් යෝජනා කළේ ය.

එම හමුවේ දී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ විපක්ෂ නායකවරයා...

''ශ්‍රී ලංකාවේ අලි ඇතුන් අපගේ ජාතික උරුමය පමණක් නොවේ, ඔවුන් ගෝලීය ජෛව විවිධත්වයේ නිධානයකි. වේල්සයේ කුමරුගේ නායකත්වය සහ සංරක්ෂණ ජාලය සමඟින් අපට වනජීවීන් සහ අපගේ ප්‍රජාව සඳහා තිරසාර අනාගතයක් ගොඩනගා ගත හැකිය.”

එහි දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් ද අදහස් දැක්වී ය.

''එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ අද්විතීය වනජීවීන් සහ ජෛව විවිධත්වය බෙහෙවින් අගය කරයි. වන අලි ඇතුන් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයට ම අත්‍යවශ්‍ය කරුණකි. එබැවින් මෙම මුලපිරීම කාලෝචිත හා අවශ්‍ය වන අතර, සංරක්ෂණය සහ සහජීවනය සඳහා කල් පවතින විසඳුම් සෙවීමට ඇති කැපවීම අගය කරමි.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ විධිමත් ඉල්ලීම දැන් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ලන්ඩනයේ වේල්ස් කුමරුගේ කාර්යාලයට යොමු කිරීම සිදු කෙරේ.

 



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...