BREAKING
Top Ad
පරිසර

රිවස්ටන් එන්න එපා ආවොත් දුක හිතෙයි

T

The Leader

December 1, 2025 • 10:50 AM

රිවස්ටන් එන්න එපා ආවොත් දුක හිතෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිවර්සටන් බොහෝ දෙනෙකුගේ සිත් ගත් සංචාරක ගමනාන්තයක්.
  • ‘‘ඇටන්වල මුළු ගමම විනාස වෙලා.ඇටන්වල ගම බැහැලා තියෙන්නේ.
  • පිට පළාත්වලින් කෑම බීම, තව ඇඳුම් පැළඳුම් එහෙම අද හවසට එන්න නියමිතයි.‘‘ “ගමට ඇතුල් වෙන එක තමයි ඉතාම දුෂ්කර.
  • අලුතින් ඇතිවුනු පැළුම් පාරවල් ගංගා ඇල දොළ සමග සිද්ධවුණු ඇස් දෙකට නොපෙනෙන හානි තේරුම් අරගෙන අලුතින් ගොඩනගන්න වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් අයහපත් කාළගුණය රිවස්ටන් හි සුන්දරත්වය විනාශ කර දැමුවේ සිතා ගැනීමටත් නොහැකි වේගයෙන්. මේ ගැන ඒ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙන්ම සමාජ මාධ්‍යයේ ජනප්‍රිය සංචාරකයෙකු වන සුදත් අසංක අප සමග මෙසේ අදහස් බෙදා ගත්තා.

‘‘රිවස්ටන් පැත්තේ තව කාලෙකට එන්න නම් හිතන්නවත් එපා. රිවස්ටන් කඳු මුදුනට යන ප්‍රධාන පාර කැඩිල බිඳිල ගිහින් සමහර තැන්වලින් තිබුණු තැනක්වත් හොයාගන්න බෑ. කන්ද පහලින් තියෙන පාර නැවත හදන්න බැරි තරමටම කැඩිලා බිඳිලා ගිහින්. අපි drone කැමරා මගින් බැලුවා. කන්ද මුදුනේ ටවර් එක නම් දැනට හොඳින් තියෙනවා. ඒත් කඳු මුදුන තැනින් තැන කැඩිල ගිහින්. ගංගාවල් වෙනස් වෙලා එක එක තැන්වලින් අලුත් ඇල පාරවල් වතුර පාරවල් ගලාගෙන යනවා. “

“හදල තිබුණු පාලම් උඩින් වතුර ගිහින් පාරෙ ලයිට් කණු පිටින් ගැලවිලා ගිහිල්ලා. ඒ වටේටම පැළුම් පාරවල් දකින්න තියෙනවා ඒ නිසා ඒ පැත්තත් කොයි මොහොතේ ගැලවිලා යයිද කියන්න බෑ. උඩින් කඩාගෙන ආපු පස් කඳු ගල් පෙරළිලා ඇවිත් පහල තියෙන ගම්බිම් හතක් අටක් විනාශ වෙලා ගිහින්. ඉතුරු වුනු ගෙවල්වල අඩි තුන හතරක් උසට වැලි පිරිලා. ඒ ගම්බිම් තිබුණු තැනක්වත් හොයාගන්න නැහැ. ලස්සනට තිබුණු රිවස්ටන් පැත්තෙ දැන් තියෙන්නෙ පස් කඳු කඩා වැටිච්ච, ගල් වලින් මඩවලින් පිරිච්ච,කැඩුණු බිඳුනු ගෙවල්වලින් වැහුණු මඩ ගොහොරු විතරයි.

‘‘ඇටන්වල මුළු ගමම විනාස වෙලා.ඇටන්වල ගම බැහැලා තියෙන්නේ. මේ සිද්ධිය වුණේ මහ රෑ නිසා අපි මොකුත් දන්නෙ නැහැ. හැබැයි සද්ද නං ඇහුනා ගල් පෙරලෙනවා හෝ ගාලා සද්ද ඇහුන, වැස්ස නිසා පැහැදිලි නෑ.උදේ වෙද්දී තමයි ඔක්කොම දැක්කේ.  මේ ගමේ හිටපු  හැත්තෑ අටක් විතර පිරිස පිටවල පන්සලේ දැනට ලැගුම් ගෙන සිටිනවා. මේ දවස් ගානෙම අපිට කෑම බීම ගෙවල්වල තිබිච්ච ඒවායින් පිරිමහ ගත්තා. දැන් ඒවත් ඉවර වේගෙන එන්නේ,කරන්ට් එක නැති නිසා පිට පළාත්වලට දැනුම් දෙන්නත්  අපහසු වුණා. දැන් නම් අපි කොළඹට දැනුම් දීල  තියෙන්නේ. පිට පළාත්වලින් කෑම බීම, තව ඇඳුම් පැළඳුම් එහෙම අද හවසට එන්න නියමිතයි.‘‘

“ගමට ඇතුල් වෙන එක තමයි ඉතාම දුෂ්කර. ලග්ගල පැත්තෙන් පොඩි පොඩි වාහන වලට පොඩ්ඩක් ඇතුලට එන්න පුළුවන්.උපකාර කරන්න පුළුවන් අය ඉන්නවනම් ලග්ගල පරණ පාර හරහා නාඋල ඇළහැර හරහා අතරගල්ලෑව හරහා ලග්ගලට පොඩි  පොඩි වාහනවලට ඇතුළුවෙන්න පුළුවන්.ලග්ගලින් ආවොත් ඉලුක්කුඹුරට එනකම් විතරයි පොඩි වාහනයකට එන්න පුළුවන්. රත්තොට පැත්තෙන් පොඩි වාහනයකටවත් යන්නන බැහැ.“

“මේ කන්දෙන් එහා පැත්තේ රත්තොට ප්‍රදේශවාසීන් ගංකන්ද ඉස්කෝලෙත්  රඳවලා ඉන්නවා. එතන හාරසීයක් පන්සීයක් විතර පිරිස ඉන්නවා. මියගිය පිරිස තැනින් තැන ආරංචි වෙනවා. ඒත් අපි හරියටම දන්නේනේ නැහැ. මේ වෙනකොට රිවස්ටන් කඳු ආශ්‍රිතව ඉන්න පවුල්වල කොච්චර පිරිසක් මියගිහින්ද කියල. 

 
කොහොම වුනත් ලස්සනට තිබුණු  රිවස්ටන් දකින්න නම් ආයෙත් කාලයක් ගතවේවි. අලුතින් ඇතිවුනු පැළුම් පාරවල් ගංගා ඇල දොළ සමග සිද්ධවුණු ඇස් දෙකට නොපෙනෙන හානි තේරුම් අරගෙන අලුතින් ගොඩනගන්න වෙනවා. මේවා සකස්කරනකොට මේවායේ ජීවත් වුණු මිනිස්සුන්ගේ ජීවිත ආපහු ගොඩනගන කොට රිවස්ටන් කියන සුන්දර මතකය කොයි විදිහට අලුතෙන් ගොඩනැගෙයි ද කියලා අපිට කියන්න බැහැ.“

ඡායාරූප - සුදත් අසංක
සටහන - ඩී.එන්. අභයවර්ධන

(උපුටා ගැනීම - lankadeepa)
xfge34636
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...