BREAKING
Top Ad
පරිසර

අලි මිනිස් ගැටලුව ගැන වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝගයක්

T

The Leader

April 27, 2026 • 4:29 PM

 අලි මිනිස් ගැටලුව ගැන වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා නීති විරෝධී ලෙස ඉදිකර තිබු විදුලි වැටවල් ඉවත් කිරීම ඇතුළුව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග
  •  අලි මිනිස් ගැටලුවට විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක් බැවින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයෙකු මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම් සිදු කළ යුතු බවට නියම කෙරිණි.
  • අලි ඇතුන් පොදු දේපලක් මෙන්ම ජාතික වස්තුවක් වශයෙන්ද හඳුනාගෙන ඇති හෙයින් ඔවුන් ආරක්ෂා කිරීමට බලධාරීන් වග බලා ගත යුතු බව අදාළ නියෝගය ලබා දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු විනිසුරුවරයා අවධාරණය කළේය.
  • අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර පැහැදිලි කරමින් නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර ඇති නමුත් පෙත්සමෙන් මතු කරන ලද ප්‍රධාන ගැටළු විසඳීමට පියවර ගත් බවක් එහි සඳහන් ව නැති බව පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය සදහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමක්දැයි අධිකරණය හමුවේ පෙනී සිට පැහැදිලි කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාට අභියාචනාධිකරණය අද නියෝග  කළේය .

 අලි මිනිස් ගැටලුවට විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක් බැවින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයෙකු මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම් සිදු කළ යුතු බවට නියම කෙරිණි.


අලි ඇතුන් පොදු දේපලක් මෙන්ම ජාතික වස්තුවක් වශයෙන්ද හඳුනාගෙන ඇති හෙයින් ඔවුන් ආරක්ෂා කිරීමට බලධාරීන් වග බලා ගත යුතු බව අදාළ නියෝගය ලබා දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු විනිසුරුවරයා අවධාරණය කළේය.


අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඉදිකර තිබු නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අලි ඇතුන් සුරැකීමේ සංගමය විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර පැහැදිලි කරමින් නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර ඇති නමුත් පෙත්සමෙන් මතු කරන ලද ප්‍රධාන ගැටළු විසඳීමට පියවර ගත් බවක් එහි සඳහන් ව නැති බව පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය සදහන් කළාය.

විදුලි වැටවල් වල අවසර ලත් වෝල්ටීයතාවයක් නොමැතිකම මෙන්ම නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කිරීමේ ගැටළු ද  විසඳී නැති බව ඇය සඳහන් කළාය.

එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ අලි මිනිස් ගැටලුවට විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක් බවය.

 ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්ෂණික අවධානය යොමුවිය යුතු අතර අලි ඇතුන් පොදු දේපලක් මෙන්ම ජාතික වස්තුවක් වශයෙන්ද හඳුනාගෙන ඇති හෙයින් ඔවුන් ආරක්ෂා කිරීමට බලධාරීන් වග බලා ගත යුතු බවද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.

| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී

nelindum41@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...