BREAKING
Top Ad
පරිසර

දේශපාලන සහායෙන් සිංහරාජයේ අක්කර 7ක් වනසයි !

T

The Leader

October 31, 2023 • 9:24 PM

 දේශපාලන සහායෙන් සිංහරාජයේ අක්කර 7ක් වනසයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය යටතේ පාලනය වන ප්‍රධාන කර්මාන්තශාලාවක සභාපතිවරයකු හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සිංහරාජ අඩවියේ ගොංගල කඳු
  • මෙම භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බවද ඔහු පවසයි.
  • මෙම ස්ථානයේ අක්කර පහක් පමණ තෘණ භූමියක් හා අක්කර දෙකක් පමණ වන වනාන්තර ප්‍රදේශයක් මේ වනවිට එළි කර ඇති බවත්, මීට අමතර ව මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ගිනි තැබීම ද සිදු කර ඇති බවත් සජීව චාමිකර කියා සිටියි.
  • සිංහරාජ රක්ෂිත ප්‍රදේශය හා ඒ වටා සමස්ත ප්‍රදේශයම 1996 අංක 24 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මගින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාමුල ඉතාම සංවේදී පරිසර පද්ධතියක් එළි පෙහෙළි කරමින් සිටින බවත්, මෙම කටයුතු සඳහා රජයේ ප්‍රබල දේශපාලඥනයන් දෙදෙනකු සහයෝගය ලබාදෙන බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පවසයි.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්ලිදුවාව ග්‍රාම නිලධාරි වසමේ හේස්වත්ත, ගොංගල කොටසේ පිහිටි මෙම ජල පෝෂක භූමිය ගිං ගඟේ දියදහරාවන් ආරම්භ වන බවත්, මේ ආශ්‍රිතව පිහිටි තෘණ බිම් පද්ධතිය හා තෙත් බිම් පද්ධතිය ගෝනුන් හා කොටි ඇතුළු සත්ත්ව විශේෂවල ප්‍රධාන වාසස්ථානයක් බවත් සජීව චාමිකර කියා සිටියි.

මෙම භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බවද ඔහු පවසයි.

මෙම ස්ථානයේ අක්කර පහක් පමණ තෘණ භූමියක් හා අක්කර දෙකක් පමණ වන වනාන්තර ප්‍රදේශයක් මේ වනවිට එළි කර ඇති බවත්, මීට අමතර ව මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ගිනි තැබීම ද සිදු කර ඇති බවත් සජීව චාමිකර කියා සිටියි.

සිංහරාජ රක්ෂිත ප්‍රදේශය හා ඒ වටා සමස්ත ප්‍රදේශයම 1996 අංක 24 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මගින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

(aruna.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...