BREAKING
Top Ad
පරිසර

Lagenandra erosa: වඳවී ඇතැ යි සිතූ ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වසර 50කට පසු හමුවෙයි

T

The Leader

October 30, 2023 • 11:53 PM

Lagenandra erosa: වඳවී ඇතැ යි සිතූ ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වසර 50කට පසු හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වඳ වී ගොස් ඇතැ යි සැලකූ ශ්‍රී ලංකාවට ආවේණික කෙතල/කෙටල (Lagenandra) ශාක විශේෂයක් වසර 50කට පමණ පසු යළි සොයා ගැනීමට ශ්‍රී ලාංකික පර්යේෂණ
  • වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේෂකයෙකු වන පේශල පසන් කරුණාරත්න විසින් 2022 වසරේදී කළ ගවේෂණයකදී මෙම ශාක විශේෂය සොයා ගැනීමට සමත්ව තිබිණි.
  • එම සොයා ගැනීමට අදාළ පර්යේෂණ පත්‍රිකාව 2023.10.27 වන දින උද්භිද විද්‍යාවට අදාළ ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරන Phytotaxa වෙබ් අඩවියෙහි පළ කර තිබේ.
  • මෙම විශේෂ ශාකය හැඳින්වීම සඳහා සිංහල නාමයක් පවතියි ද යන්න මෙතෙක් වාර්තා වී නොමැති අතර, මෙරටට ආවේණික විශේෂයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක් ද මෙම ශාක විශේෂය සඳහා නොමැති බව පර්යේෂක කරුණාරත්න පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
කණ්ඩායමකට හැකි වී තිබේ.

එම කණ්ඩායමේ සාමාජික පේශල පසන් කරුණාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, එම ශාකය බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෝල්කාව ප්‍රදේශයෙන් හමුවූ බව ය.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේෂකයෙකු වන පේශල පසන් කරුණාරත්න විසින් 2022 වසරේදී කළ ගවේෂණයකදී මෙම ශාක විශේෂය සොයා ගැනීමට සමත්ව තිබිණි.

එම සොයා ගැනීමට අදාළ පර්යේෂණ පත්‍රිකාව 2023.10.27 වන දින උද්භිද විද්‍යාවට අදාළ ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරන Phytotaxa වෙබ් අඩවියෙහි පළ කර තිබේ.

සැඟව තිබූ ශාකයේ වගතුග

PP 34
මෙම ශාක විශේෂ අයත් ශාක ගණය හැඳින්වීම සඳහා කෙටල/කෙතල (Lagenandra) යන නාමය භාවිත කරයි.

මෙම විශේෂ ශාකය හැඳින්වීම සඳහා සිංහල නාමයක් පවතියි ද යන්න මෙතෙක් වාර්තා වී නොමැති අතර, මෙරටට ආවේණික විශේෂයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක් ද මෙම ශාක විශේෂය සඳහා නොමැති බව පර්යේෂක කරුණාරත්න පවසයි.

Lagenandra erosa යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාක විශේෂයේ විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේ දී ශාක රාජධානියේ Alismatales පෙළපතට අයත් Araceae පවුලේ Lagenandra ගණයට අයත් වේ.

ජලාශ්‍රිත පරිසර පද්ධති තුළ දක්නට ලැබෙන කෙතල ශාක විශේෂ 21ක් ලෝකයේ විවිධ රටවලින් වාර්තා වී ඇති අතර, ඉන් විශේෂ 14ක් ශ්‍රී ලංකාවේ පවතියි. එම විශේෂ 14න් 13ක් ම මෙරටට ආවේණික විශේෂ වීම විශේෂත්වයකි.

"වසර 50ක් තිස්සේ සැඟවී තිබූ ශාකයක්"

මෙම Lagenandra erosa ශාක විශේෂය අඩ සියවසකට පමණ පෙර 70 දශකයේ දී විසිතුරු ජලජ ශාකයක් ලෙස ශ්‍රී ලංකාවේ සිට යුරෝපයේ මින් මැදුරු සඳහා අපනයනය කර ඇති අතර, 1978 වසරේ දී එච්.සී.ඩී. ඩීවිට් (H.C.D. DeWit) විසින් රචනා කරන ලද Revisie Van Het Genus Lagenandra Dalzell (Araceae) ශාක නාමාවලියෙහි සඳහන් ක‌ර තිබේ.

එලෙස සොයාගත් ශාක විශේෂය නාමකරණය කර ඇතත්, එහි ස්වාභාවික ගහනය, මුල් ප්‍රදේශය ආදී කිසිදු තොරතුරක් සඳහන් කිරීමට ඔවුන් සමත් වී නොමැති බවත්, මෙසේ නාමය පමණක් සඳහන්ව පැවති මෙම ශාක විශේෂය පාලින්දනුවර ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි වීම හේතුවෙන් ස්වාභාවික පරිසරයෙන් මෙම විශේෂය සොයාගත් පළමු අවස්ථාව මෙය වන බවත් කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත 2022 ජාතික රතු දත්ත වාර්තාවේ මෙම ශාක විශේෂය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති (Critically Endangered) හෝ වඳවී තිබිය හැකි (Possibly Extinct) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබිණි.
 
peshala pasan
ශාක විශේෂ පිළිබඳ අධ්‍යයනයෙහි නිරත පරිසර ගවේශකයෙකු වන කරුණාරත්න 2022 වසරේ දී සිදුකළ ගවේශනයක දී මෙම ශාක විශේෂය සොයා ගැනීමට සමත්ව තිබිණි
 
අහම්බෙන් හමුවූ ශාකය

"පාලින්දනුවර, මෝල්කාව ප්‍රදේශයේ අපි ක්ෂේත්‍ර ගවේෂණයක නිරත වෙන අතරතුර තමයි මේ ශාකය හමුවුණේ. සාමාන්‍යයෙන් ශාක ගැන නිරන්තරයෙන් අධ්‍යයනය කරන අපට අමුතු ශාකයක් හමුවුණාම ඒකේ විශේෂත්වයක් තියෙන බව පේනවා. ඒ නිසා අපට ඒ ශාකයේ අමුතු ස්වභාවයක් පෙනුණ නිසා ඒ ගැන තවත් සොයා බැලුවා," පේශල පසන් කරුණාරත්න පැවසීය.

එම සොයා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ සිදු කරන වයඹ විශ්වවිද්‍යාලයයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු සහ වයඹ විශ්වවිද්‍යාලයයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන ඉන්ද්‍රඛීල මාදොළගේ මැදිහත්වීමෙන් Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂවල ශාකාගාර නිදර්ශක, ජීවී ශාක නිදර්ශක සහ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනයකර, සොයාගත් මෙම ශාක විශේෂය වඳ වී ගොස් ඇතැ යි සැලකූ ශාක විශේෂයක් බවට තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.

"මේ ශාකය හම්බ වුණේ පහුගිය අවුරුද්දේ දී. අපට ශාකය හමුවුණ අවස්ථාව වෙනකොට මල් හටගෙන තිබුණෙ නෑ. අපට අවුරුද්දක් විතර අධ්‍යයනය කරන්න වුණා මල් පිපිලා, බීජ හටගන්නකම්. ඊට පස්සේ තමයි ඉතිරි පර්යේෂණ කරන්න සිද්ධ වුණේ," කරුණාරත්න සඳහන් කළේ ය.

ඉන්පසු මහාචාර්ය දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය කපිල යකන්දාවල (වයඹ විශ්වවිද්‍යාලය), ඉන්ද්‍රඛීල මාදොළ (වයඹ විශ්වවිද්‍යාලය) සහ පේශල පසන් කරුණාරත්න (වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය) යන පර්යේෂක කණ්ඩායම මෙම ශාක විශේෂය පිළිබඳ දත්ත රැස් කර පර්යේෂණ කටයුතු සිදු කර පර්යේෂණ පත්‍රිකාවක් සකස් කළේය.

"ශ්‍රී ලංකාවේ පරිසර හායනයන් විශාල වශයෙන් සිද්ධ වෙන නිසා මෙවැනි ශාක විශේෂ හඳුනා ගැනීමටත් කලින් ම ලෝකයෙන් තුරන් වීම කනගාටුවට කරුණක්. ඊට පිළියමක් විදිහට ලංකාවේ පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට ජාතික මට්ටමෙන් පියවර ගැනීම අවශ්‍ය ම දෙයක්. ඒ මගින් මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන් ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දෙන්න පුළුවන් වේවි," පේශල පසන් කරුණාරත්න පෙන්වා දුන්නේය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...