BREAKING
Top Ad
විශේෂාංග

වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)

T

The Leader

September 20, 2023 • 12:01 AM

වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ පළමු ප්‍රබන්ධ කෘතිය ‘‘අක් දහර’’ ය. එම ප්‍රබන්ධය සඳහා මා භාවිත කළ ආඛ්‍යාන රටාව මෙතෙක් ලාංකීය සාහිත්‍ය තුළ දක්නට නොලැබුණ ආඛ්‍යාන රටාවකි.
  • එහෙත් ඉන් ඔබ්බට එම පාඨක පිරිස ප්‍රබන්ධය කියවා හමාර කර ඇත්තේ ඉතා සැහැල්ලුවෙනි.
  •   ‘‘අක් දහර’’ FM තිලක අකරු රටාවෙන් රචනා කිරීම ද මෙම අපහසුතාවට හේතුවක් වූ බව ඇතැම් පාඨක පාඨකාවෝ මා වෙත පැවසූහ.
  •   මේ මහ පොළොව මත ගෙවා දමා ඇති අඩ සියවසක් ඉක්ම ගිය කාල පරිච්ඡේදය තුළ මා අත් විඳි සහ අත් දුටු සිද්ධි අනන්ත ය; අප්‍රමාණ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
කෘතිය කියවූ බොහෝ පාඨක පිරිස් කෘතිය කියවීම ඇරඹි මොහොතේ සිට අවම පිටු පනහක් පමණ කියවා අවසන් වන තෙක් කිසියම් අපහසුතාවකට ලක් වූ බව ද දැනගන්නට ලැබිණ. එහෙත් ඉන් ඔබ්බට එම පාඨක පිරිස ප්‍රබන්ධය කියවා හමාර කර ඇත්තේ ඉතා සැහැල්ලුවෙනි.
 
109694626 100291761771352 3563163628753414913 n
‘‘අක් දහර’’ FM තිලක අකරු රටාවෙන් රචනා කිරීම ද මෙම අපහසුතාවට හේතුවක් වූ බව ඇතැම් පාඨක පාඨකාවෝ මා වෙත පැවසූහ. ඒ කෙසේ වතුදු ‘‘අක් දහර’’ යනු ප්‍රබන්ධ කෘතියක් වනවා සේ ම මගේ ජීවන අන්දරයෙන් ද පෙත්තකි; එක් පරිච්ඡේදයකි. තවත් ආකාරයකින් පවසන්නේ නම් ජීවන අත්දැකීම් සමග මිශ්‍ර වූ ප්‍රබන්ධයකි.
 
මේ මහ පොළොව මත ගෙවා දමා ඇති අඩ සියවසක් ඉක්ම ගිය කාල පරිච්ඡේදය තුළ මා අත් විඳි සහ අත් දුටු සිද්ධි අනන්ත ය; අප්‍රමාණ ය. ඒ සියල්ල එක ම කෘතියකට ගොනු කළ නොහැකි ය. එහෙත් ඒ සියල්ල ම ලේඛන ගත කළ යුතු ම ය. ඒ ඇයි ද යන්නට මා පිළිතුරු නොසපයන අතර ඊට පිළිතුරු සපයාගත යුත්තේ පාඨක ප්‍රජාව ම ය. 
වජ්ජා'වජ්ජ 07 : වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් - ජයසිරි අලවත්ත ලියයි
 
එබැවින් සමාජයේ පවත්නා එක් පසුගාමි ආකල්පයක් අභියෝගයට ලක් කිරීමේ අරමුණ පෙර දැරිව පසුගිය වසර එකහමාරකට වැඩි කාලයක් පුරා මම මෙම වෙබ් අඩවියට ‘‘වජ්ජා’වජ්ජ’’ ප්‍රබන්ධය රචනා කළෙමි. ඒ සඳහා පාඨක ප්‍රතිචාර ද ලදිමි. එහි ආඛ්‍යාන රටාව ද සාම්ප්‍රදායික ආඛ්‍යාන රටාව අභිභවන අන්දමට ඉදිරිපත් කළෙමි. එය නිසියාකාරව ම අවබෝධ කරගැනීමට නම් අදාළ ප්‍රබන්ධය කෘතියක් ලෙස ඔබ අතට පත්විය යුතු යැයි මම විශ්වාස කරමි.
 
මගේ ඊළඟ ප්‍රයත්නය වන්නේ පෙර සඳහන් කළ පරිදි ‘‘අක් දහර’’ මෙන් ම මගේ ජීවන අත්දැකීම් ද ඇසුරු කරගනිමින් තවත් ප්‍රබන්ධයක් පාඨක ප්‍රජාව වෙත රැගෙන ඒම ය. එම ප්‍රබන්ධය ද ‘‘අක් දහර’’ ප්‍රබන්ධය මෙන් ම නව ආඛ්‍යාන රටාවකින් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. එළඹෙන සිකුරාදා සිට එම ප්‍රබන්ධය රස විඳීමට සුදානමෙන් සිටින මෙන් මගේ ප්‍රබන්ධ කලාවට රිසි පාඨක ප්‍රජාව වෙතින් මම ආදරයෙන් ඉල්ලා සිටිමි.
වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද? - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2023/09/20


‘‘වජ්ජා’වජ්ජ’’ සම්පුර්ණ නවකතාව මෙතනින් 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...