The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බීබීසී ඇතැම් රාජකීය අභාවයන් ගැඹුරින් ආවරණය කරන්නේ ඇයි?

T

The Leader Desk

April 12, 2021 • 1:12 PM

බීබීසී ඇතැම් රාජකීය අභාවයන් ගැඹුරින් ආවරණය කරන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දින කිහිපය පුරා බීබීසී ඔස්සේ පළකෙරුණු පුවත්වල යම් වෙනසක් දැකිය හැකිවේ.
  • ඒ රැජිණගේ ස්වාමි පුරුෂයා බව ප්‍රවෘත්ති නරඹන හෝ අසන ඔබ දැනටමත් දනී.    ෆ්ලිප් කුමරු, බීබීසීය මේ ආකාරයෙන් මරණය වාර්තා කරනු ලබන රාජකීයයන් හතරදෙනාගෙන් එක අයෙකි.
  •   අනෙකුත් මාධ්‍ය ආයතනවලට වඩා බීබීසී විසින් මෙම මරණය වඩා වැදගත් ලෙස සලකන බව පෙනෙන්නට තිබේ.
  •     දෙවෙනි එලිසබෙත් රැජිණ රටේ වැඩිම කලක් කිරුළු දැරූ රාජකීයයා වන අතර ඇය සිහසුනේ මෙතෙක් ගතකළ කාලය වසර 69කි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
බීබීසී වෙබ් අඩවි සහ ප්‍රවෘත්ති ප්‍රකාශවල කිසියම් ගැඹුරකින් ආවරණය කෙරෙන්නේ එක් මාතෘකාවක් වන අතර සරල හෝ හාස්‍යයජනක පුවත් කොතනකවත් පෙනෙන්නට හෝ අසන්නට නැති අතර ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ගේ ස්වරය ද වඩා සංවේගාත්මකය.
 
මෙම වෙනස්කම් සිදුවන්නේ එක්සත් රාජධානියේ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අභාවයට පත්වූ බැවිනි. ඒ රැජිණගේ ස්වාමි පුරුෂයා බව ප්‍රවෘත්ති නරඹන හෝ අසන ඔබ දැනටමත් දනී. 
 
ෆ්ලිප් කුමරු, බීබීසීය මේ ආකාරයෙන් මරණය වාර්තා කරනු ලබන රාජකීයයන් හතරදෙනාගෙන් එක අයෙකි.
 
දෙවෙනි එලිසබෙත් රැජිණ, ඇයගේ පුත් සහ ඔටුන්න හිමි චාල්ස් කුමරු (වේල්සයේ කුමරු) සහ ඔහුගේ පුත් එනම් ඊළඟට සිහසුනට පත්වන තැනැත්තා වන විලියම් කුමරු (කේම්බ්‍රිජ් හි ආදිපාද) අනෙක් රාජකීයයෝ වෙති.
 
අනෙකුත් මාධ්‍ය ආයතනවලට වඩා බීබීසී විසින් මෙම මරණය වඩා වැදගත් ලෙස සලකන බව පෙනෙන්නට තිබේ. ඒ කුමක් නිසාද?
 
රාජකීය පවුලේ අභාවයන් බීබීසී හට මෙතරම් වැදගත් ඇයි?
 
 gdfh
දෙවෙනි එලිසබෙත් රැජිණ රටේ වැඩිම කලක් කිරුළු දැරූ රාජකීයයා වන අතර ඇය සිහසුනේ මෙතෙක් ගතකළ කාලය වසර 69කි. ඇය, එක්සත් රාජධානිය සේ ම තවත් රටවල් 15 ක රාජ්‍ය නායිකාව වන්නීය.
 
 
එසේ ම, ස්වාධීන රටවල් 54 කින් සමන්විත ස්වේච්ඡා සංගමයක් වන පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද ඇය ය. 
 
එම රටවල් සැමෙකක් ම පාහේ පෙරදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතිණි. බ්‍රිතාන්‍යයේ මහජනයා මෙන්ම ඉන් ඔබ්බට ද ඇය අතිශය වැදගත් තැනැත්තියක වේ.
 
බ්‍රිතාන්‍ය රාජකීයයෙකුගේ අභාවයක දී ලෝක මාධ්‍ය ඊට වැඩි අවධානයක් යොමු කරයි. 
 
එවැන්නක ආවරණය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා බීබීසී සෑම උත්සාහයක් ම දරන අතර ඊට අතිශය සාධාරණ හේතුවක් ද වේ.
 
බීබීසී සඳහා අරමුදල් සම්පාදනය කෙරෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් නොවේ. සෘජුව ම බ්‍රිතාන්‍යයේ මහජනතාව බලපත්‍ර ගාස්තුව (licence fee) ලෙසින් හැඳින්වෙන බද්දක ආකාරයෙන් එය ඉටු කරති. මෙම අරමුදල් සැපයීමේ ආකෘතිය සංස්ථාවේ කතෘ මණ්ඩල ස්වාධීනත්වය සහතික කරයි. බලපත්‍ර ගාස්තු ගෙවන්නන්ට මෙන්ම එක්සත් රාජධානිය තුළ වසර ගණනාවක් පුරා රාජකීය පවුල කෙරෙහි අඛණ්ඩව පවතින මහජන අවධානයට බීබීසී විසින් වටිනාකමක් දෙනු ලැබිය යුතු වේ.
 ccbcvb
2002 වර්ෂයේදී මවූ රැජිණගේ අවමංගල උත්සවය දැවැන්ත ගෝලීය මාධ්‍ය සිදුවීමක් විය. (GETTY IMAGES)
 
 
මව් රැජිණ ලෙස පොදුවේ හඳුන්වන ලද, එලිසබෙත් රැජිණගේ මව, 2002 වසරේදී අභාවයට පත්වූ විට දින තුනක් පුරා ඇයට ගෞරව පළ කිරීමට ලක්ෂයකට අධික ශෝකවන්නන් පිරිසක් වෙස්ට්මින්ස්ටර් මාලිගයට පැමිණියහ.
 
ඇයගේ දේහය සහිත දෙන මිහිදන් කිරීම සඳහා වින්ඩ්සර් වෙත ගෙන යන මග දෙපස මිලියනයකට අධික පිරිසක් රැස් වූ බව ඇස්තමේන්තු කෙරුණු අතර මිලියන 10 ක් රූපවාහිනිය ඔස්සේ එය නැරඹුහ. ජාත්‍යන්තර මාධ්‍යත් එය විස්තරාත්මකව ආවරණය කෙරිණි.
 
රාජකීය පවුලේ සාමාජිකයින්ට අදාළ පුවත්, ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇතැයි ලොව පුරා සැලකෙන බැවින් එය ඇතැම් විටෙක පුදුමය දනවන්නක් නොවිය හැකිය. විවිධ රාජකීය සිදුවීම් සඳහා බිලියනය ඉක්මවූ ගෝලීය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටි බවට ඇස්තමේන්තුගත කර ඇත.
 
සරලව ගතහොත් එය ප්‍රධාන පුවතක් වන අතර බීබීසී ද එය එවැනි ආකාරයෙන් සලකයි.
 
"රාජකීයයන් කෙරෙහි තවමත් ආකර්ෂණය යොමුවෙන්නේ 'හුදෙක් ජනප්‍රිය පුද්ගලයන්ට' එය ලැබෙන ආකාරයෙන් නොවෙයි," යැයි රාජකීය තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු ජොනී ඩයිමන්ඩ් පවසයි. 
 
"ඒ ඇයිද කියා එක එල්ලේ කියන්න බැහැ. රාජකීයත්වය පිළිබඳ සුරංගනා කතාව රස විඳීමට බොහෝදෙනා පෙළබෙන්නේ විස්තර කල නොහැකි යම් කරුණක් නිසා මිස නූතන ලෝකයේ එය නිරර්ථක බව නොදැන නොවේ.
 
එවැනි විශාල ප්‍රවෘත්තිමය සිදුවීමකදී බීබීසී ලෝක සේවය එය වාර්තාකරණ ස්ථානයක් ලෙස බලාපොරොත්තු විය හැක.
 
"රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගේ අභාවය ලොව වටා ජනයාගේ විශාල අවධානය යොමුවෙන දෙයක්. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව වශයෙන්, එවැනි අවස්ථාවකදී වඩාත් පරිපූර්ණ පුවත් ආවරණයක් අපේක්ෂාවෙන් ලොව පුරා සිටින මිලියන සියගණනක් වූ ප්‍රේක්ෂකයින්, ශ්‍රාවකයින් හා පාඨකයින් අප වෙත එනවා" යැයි ලෝක සේවා භාෂාවන්හි ප්‍රවෘත්ති පාලක තරික් කෆාලා පැවසීය.
 
 
 
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගේ අභාවය බීබීසී වාර්තා කරන්නේ කෙසේද?
 
 fhh
බීබීසී ප්‍රවෘත්ති ප්‍රකාශිකා මාර්ටයින් ක්‍රොක්සෝල් එඩින්බරා ආදිපාදවරයාගේ අභාවය බීබීසී පුවත් ඔස්සේ නිවේදනය කළ අයුරු.
 
 
බීබීසී ග්‍රාහකයින්ගේ අවධානයට මුලින්ම යොමුවන්නේ මෙම පුවත වෙනත් කොතැනකින් හෝ පළමුවෙන් දැනගැනීමට ලැබීමයි. ඒ මක්නිසා ද යත්, මෙම පුවත පළමුව වාර්තා කිරීමට නොව වාර්තාකරණය නිවැරදිව ඉටුකිරීම තහවුරු කිරීමට බීබීසී අපේක්ෂා කරන බැවිනි.
 
සැණින් ඉදිරිපත් කෙරෙන පුවතකට වඩා බොහෝවිට නිල නිවේදනයක් ලෙස මෙම වාර්තාකරණය හැඟෙනු ඇත. 
 
මෙම පුවත වාර්තා කිරීමේදී ඇස් ඇදගන්නා ආකාරයේ ග්‍රැෆික් නිර්මාණ අනෙකුත් පුවත් ආයතනවල දැකිය හැකිවීමට ඉඩ ඇතත්, බීබීසී ආවරණය තුළ පාලනයක් ඇති ප්‍රකාශන ස්වරයක් සමග වියැකී ගිය ජීවිතයක ස්මරණය අවධාරණය කෙරිය යුතු වේ.
 
අභාවය නිවේදනය කෙරුණු වහා බීබීසී අනෙකුත් පුවත් වාර්තා නොකරනු ඇත. එසේම වෙබ් අඩවි මෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි පුවත් ප්‍රකාශවලින් ඇතැම් සරල විශේෂාංග ඉවත් කෙරේ.
 
එනමුත්, රාජකීය අභාවය පිළිබඳ නිවේදනයෙන් පසු එළඹෙන පැය කිහිපයේදී එය සියලු මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්වනු ඇත.
 
 
 
ෆිල්ප් කුමරු පිළිබඳව ඒ ආකාරයෙන්ම සලකන්නේ ඇයි?
 
 gsdgsd
එලිසබෙත් කුමරිය හා ෆිලිප් කුමරු සිය ළදරු දියණිය ඈන් කුමරිය හා පුතු චාල්ස් සමග 1950 දී (AFP/GETTY IMAGES)
 
 
ෆිලිප් කුමරුට කෙදිනවත් සිහසුනට උරුමයක් නොතිබූ අතර එතැනට හිමිකම දරන්නේ ඔහුගේ වැඩිමහල් පුතු චාල්ස් කුමරු ය. එසේම ඔහුව 'රජු' ලෙස කෙදිනකවත් හදුන්වනු නොලැබීය.
 
එක්සත් රාජධානිය තුළ රජ කෙනෙකු හා විවාපත් වන කාන්තාවකට රැජිණ යන ගරු නාමය භාවිත කළ හැකි නමුත් සිහසුන දරන රැජිණ හා විවාහ වන පුරුෂයකුට රජු යන නාමය දැරිය නොහැක. එය දැරිය හැක්කේ සිහසුන අරා සිටින පුරුෂයෙකුට පමණි.
 
නමුත් 1947 නොවැම්බර් 20 වෙනිදා විවාපත් වූ තැන් සිට ඔහු එලිසබෙත් රැජිණගේ සමීපයෙන් නිරන්තරයෙන් ම වූ සහකරු විය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් කිරුළ දරන රැජිණගේ වල්ලභයා වූ අතර රැජිණට සහය වීම ඔහුගේ මූලික කාර්යය විණි.
 
ඔවුන් සෑහෙන දුරකට කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ අතර රැජිණගේ සෑම කතාවක් ම ඇරඹෙන්නේ "මාගේ ස්වාමි පුරුෂයා සහ මම..." යනුවෙනි.
 
"මේ වසර ගණනාව පුරාම මා සමග සිටි ඔහු, සරලවම මගේ ශක්තිය," යැයි හෘදයාංගමව ඇය කියා සිටියේ සිය විවාහයේ ස්වර්ණ සංවත්සරයේ කතාවේදී ය. "මමත්, ඔහුගේ මුළු පවුලත්, මෙම රාජ්‍යය මෙන්ම අනෙක් සියළු රටවල්ද, ඔහු අයිතිවාසිකම් කියනවාට වඩා, අප සිතනවාට වඩා ඔහු හට ණය ගැතිය."
 
එය ඔහුගේ අභාවය ආවරණයට වැදගත්කමක් ගෙනෙනවා යැයි ප්‍රත්‍යක්ෂ වනවාද?
 
"මේ, ඇත්තෙන්ම අවසාන ගෝලීය රාජකීයයා සහ රැජිණගේ පසෙකින් හිඳින, රැජිණ සමග ගමන් ගත්, ලෝකයේ සෑම කොනකම දැකගත හැකි වූ ෆිලිප් කුමරු," යැයි ඩයිමන්ඩ් පැවසීය.
 
"ඔහු ඇත්තෙන්ම ගෝලීය තාරකාවක්, ඒ වගේම එවැනි තැනකට ආ මුල් අයගෙන් කෙනෙක්"
 
 
(BBC සිංහල සේවය)
 
 
සබැඳි පුවත් :
 
 
 

 

 


 

THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...