The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
බුකිය

2022 කට හූව පමණක් ප්‍රමාණවත්ද? -රටේ රාළ

T

The Leader Desk

January 3, 2022 • 4:49 PM

2022 කට හූව පමණක් ප්‍රමාණවත්ද? -රටේ රාළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම රටේ රාළ බලාගෙන හිටියේ 2022 ක අවුරුද්ද ගැන හරි දේශපාලන විග්‍රහයක් කොයි පෑත්තෙන් හරි එයි කියලා.
  • රටට අත්වෙන ඇත්ත ඉරනම ගැන කිසිම දේශපාලන පක්ෂයක් රට පැත්තෙන් බලලා විග්‍රහක් කරලා නෑ.
  • ඒක ඇත්තටම කනගාටුදායක තත්වයක්.
  • ගොඩක් අය කියන්නේ ලෝක ඉතිහාසයේ අපි ගෙවලා දමපු අති බිහිසුණුම අවුරුද්ද 2021 ක කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇත්තටම රටේ රාළ බලාගෙන හිටියේ 2022 ක අවුරුද්ද ගැන හරි දේශපාලන විග්‍රහයක් කොයි පෑත්තෙන් හරි එයි කියලා. හැබැයි ඉතින් කියන්න තියෙන්නේ තාම නෑ කියලා. ගොඩක් අයගේ විග්‍රහ තියෙන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයත් එක්ක ගැට ගහගෙන. රට ගැන නෝ කතා. නෝ සිනා. හැබැයි එයාලා ඔක්කොම දේශප්‍රේමියෝ.

රටට අත්වෙන ඇත්ත ඉරනම ගැන කිසිම දේශපාලන පක්ෂයක් රට පැත්තෙන් බලලා විග්‍රහක් කරලා නෑ. ඒක ඇත්තටම කනගාටුදායක තත්වයක්. රට බේරගන්න ඕනිනං මට බලය දියං කියන විග්‍රහට හැම කෙනාම පටු වෙලා. ඒක ආණ්ඩුවට වගේම විපක්ෂය පැත්තට එල්ල කරන්න පුළුවන් සාධාරණ චෝදනාවක්.

ගොඩක් අය කියන්නේ ලෝක ඉතිහාසයේ අපි ගෙවලා දමපු අති බිහිසුණුම අවුරුද්ද 2021 ක කියලා. ඒක කියන්න පුළුවන් අපි ඒක පහුකරගෙන ආපු නිසා. එහෙම කියලා ප්‍රශ්නයෙන් පැනලා යන්න බෑ.

හැබැයි රටේ රාළ කියන්නේ අපිට ගෙවන්න තියන අති බිහිසුණුම අවුරුද්ද තමයි 2022 ක අවුරුද්ද. රටේ ඉරණම ලියවිලා තියෙන්නේ මේ මාස දොළහ ඇතුළේ. ලෝකයේ නම් ඒ ගැන කරන පුරෝකථනය ගොඩක් තියනවා.

හැබැයි ලංකාවේ නං ගොඩක් අඩුයි. රාජපක්ෂලා නං කියන්නේ මේක ගෝලීය තත්වයක් කියලා.ඒක නිසා ගෝලීය ආර්ථික ගොඩ යනකොට අපටත් ගොඩ යන්න පුළුවන් කියලා.

ඒ කතාව ටිකක් තර්කානුකූලයි කියලා කාට හරි හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තර්කය කියන්නේ යථාර්ථයට නෙවෙයි.

විශේෂයෙන් රාජපක්ෂලාගේ තර්ක කියන්නේ පට්ටපල් බොරු. ආණ්ඩුව ඇතුළේ ඉන්න එස්.එම්ලා මට්ටමේ විද්වතුන් නං කියන්නේ අප්‍රියෙල් මාසේ වෙනකොට බැසිල් මේක ගොඩදානවා කියලා. නහය ළගටම වතුර ඇවිත් තියන වෙලාවෙත් තවත් කරන්නේ බැසිල් වන්දනාව. නැත්නම් රාජපක්ෂ වන්දනාව.



ඒක නිසා රටේ රාළට නං කියන්න තියෙන්නේ කවුරු හරි රටේ ප්‍රශ්නවලට තවදුරටත් රාජපක්ෂලාගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා නම් දෙවියන්ගේ නාමයෙන් ඒක ඉල්ලා අස්කරගන්න කියලා. මතක තියාගන්න මෙච්චර කල් රාජපක්ෂලා දාපු වැඩවසම් සෙල්ලං තවදුරටත් වලංගු නෑ. ඒවා 2021 දෙසැම්බර් 31 ක් වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් උනා. රාජපක්ෂලා ගහපු හා ගහන පම්පෝරි තවදුරටත් වලංගු නෑ. මොළ හත දැන් Stuck වෙලා ඉවරයි.



දැන් තියෙන්නේ රාජපක්ෂලාගෙන් උත්තර අහන එක නෙවෙයි. රාජපක්ෂලාට උත්තර දෙන එක. ඒක රාජපක්ෂලාට බයේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටේ රාජ්‍ය බලය රාජපක්ෂලා අතේ තියනවා තමයි. ඒත් ඒක අවභාවිතා කරනකොට ඊට විරුද්ධ වෙන්න අපට පරම අයිතියක් තියනවා.

ඇත්තම කිව්වොත් 2022 ක කියලා කියන්නේ රාජපක්ෂලා අසරණම කරලා දාන අවුරුද්දක්. ඕකට හොදම වචන ටික කිව්වේ බන්දුල. අර කුල්ල කුජීත වෙලා. හක්ක මාට්ටු වෙලා.  බොක්ක දොට්ට පැනලා කිව්වේ ඕකට තමයි. ඒ ටිකෙන් දෙකක් රාජපක්ෂලාට දැනටමත් වෙලා. ඒ කියන්නේ රාජපක්ෂලාගේ කුල්ල කුජීත වෙලා, හක්කත් මාට්ටු වෙලා ඉවරයි.

 හැබැයි බොක්ක දොට්ට පැනලා තියෙන්නේ අපේ. ඔය පෝලිම්වල, අරගලවල ඉන්නේ බොක්ක දොට්ට පැනපු ජනතාව තමයි. දැන් ඒ ජනතාව බොක්කෙන්ම කියනවා බොක්ක දොට්ට පැනලා කියලා. 69 ලක්ෂේ කට්ටියත් එහෙම කියන කොට කොච්චර බොක්ක දොට්ට පැනලා තිබුණත් ඒකේ පොඩි ජොලියකුත් තියනවා. එයාලා තමයි ඒක ලස්සනටම කියන්නේ.




2022 අවුරුද්ද අපට වගේම රාජපක්ෂලාටත් තීරණාත්මක අවුරුද්දක්. ඇත්තටම රටේ අනාගතය වගේම රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය තීරණය වෙන අවුරුද්ද 2022 ක. මෙතන තියෙන්නේ මාර සූත්‍රයක්. රාජපක්ෂලා හිටියොත් රටට අනාගතයක් නෑ. රට ඉවරයි. ඒ වගේම මේ තත්වය යටතේ රාජපක්ෂලාට ඉන්න වෙන්නේ බලහත්කාරය පාවිච්චි කරගෙන. එහෙම හිටියොත් රාජපක්ෂලාට අනාගතයක් නෑ. රාජපක්ෂලා ඉවරයි.





macos gadafiපිලිපීනයේ මාකෝස් - ලිබියාවේ ගඩාපි


රාජපක්ෂලාටත් පිලිපීනයේ මාකෝස් පවුලට අත්වෙච්චි පන්නයේ ඉරණමක් අත්වෙන්න බැරි නෑ. සමහරවිට ඒක ලිබියාවේ උනා වගේ වෙන්නත් බැරි නෑ. ඇත්තටම රටේ රාළගේ උපකල්පනය අනුව රාජපක්ෂලා මේ අවුරුද්දේ ජනතාවට එරෙහිව රාජ්‍ය බලය ගේනවා. එහෙම නැතිව මේක ගෙනියන්න බෑ.

හැබැයි රටේ රාළ කියන්නේ නෑ ඒක ජේ.ආර් පන්නයේ, ප්‍රේමදාස පන්නයේ මර්ධනයක් කියලා.එහෙම කරන්න බෑ. ඇත්තටම රාජපක්ෂලා කියන්නේ පට්ට දුර්වල ජාතියක්.

ඇත්තටම දැන් රාජපක්ෂලාගේ තියෙන්නේ සද්දේ විතරයි. ෂෝ විතරයි. ඒවා බොරු සද්ද නැත්නම් ඒවාට කියන්න හොදම වචනය තමයි පඩ ෂෝ කියලා. මේ රිවස් වෙච්චි ගැසට් ටිකෙන් ඒක තේරුම් ගන්න පුළුවන්.

රටේ රාළ දිගටම රාජපක්ෂලාට මේ තත්වය සමනය කරගන්න යෝජනා ගොඩක් ඉදිරිපත් කළා. නිකමට වගේ ආයෙත් පොඩ්ඩක් මතක් කරන්නං. එකක් ඊළඟට මැතිවරණ එනකං රටේ අන්තර්කාලින ආණ්ඩුවක් පිහිටවීම. ඒකේ අගමැති රාජපක්ෂ කෙනෙක් වෙන්න බෑ. දූෂිතයන්ගෙන් තොර කැබිනට් එකක් හැදීම. එතකොට රාජපක්ෂ කෙනෙකුට ඒකේ ඉන්නත් බෑ. ඒ කාලය ඇතුලත බහුතරය පිලිගන්නා කෙටිකාලීන ආර්ථික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම,

ඊළගට විස්ස 19 දක්වා රිවස් කිරීම,ඒක පිලිගන්න මේ ආණ්ඩුව ලෑස්ති නැත්තං ඊළඟට කරන්න තියෙන්නේ මේ පාර්ලිමේන්තුව විසුරවලා අලුත් ජනවරමකට ඉඩදීම. ඒකත් කරන්න රාජපක්ෂලා ලෑස්ති නැත්තං. ඒකෙන් අපට එක සංඥාවක් දෙනවා. ඒ තමයි ආයෙත් මර්ධනයක් එනවා කියන සංඥාව. ඒ මර්ධනකාරී අවුරුද්ද තමයි 2022 කියලා කියන්නේ.

ඒක කාටහරි තේරෙන්නේ නැත්තනම් ඔන්න රටේ රාළ ඒ අනතුරු ඇගවීම කළා. හැබැයි මෙතන අනතුරු හැගවීම් දෙකක් තියනවා. එකක් ජනතාවගේ පැත්තට. සාගතයක් එක්ක එන මර්ධනය.

අපි එහෙම එකකට මුහුණ දීලා නෑ. ඒක ජනතාවගේ පැත්තෙන් හිතද්දී අලුත් තත්වයක්. අලුත් අද්දැකීමක්. ඇත්තටම ඉතාම බියකරු අද්දැකීමක්. ඒක හරහා අපේ රටේ ස්වෛරීභාවය නැත්තටම නැතිවෙන්න උනත් පුළුවන්.



ඊළඟට මෙතන තියන අනිත් අනතුරු ඇගවීම තියෙන්නේ රාජපක්ෂලාට. රාජපක්ෂලාට වරදින්නේ බලය පවත්වාගෙන යන්න ජනතාව මත විධායකයේ බලය යෙදවීමෙන්. 20 වෙනි සංශෝධනයෙන් අත්පත් කරගත්ත අත්තනෝමතික බලය යෙදවීමෙන්. මොකද දැන් මර්ධනයට ඉස්සරහා පැනලා යන මිනිස්සු අඩුයි. දේශපාලන සවිඥානිකකම නැතිවුනත් ජනතාව මර්ධනය ඉස්සරහා අකුළගෙන පස්සට යන්න සූදානම් නෑ.

 


ඒ තරමට අද ලෝකයේ නිදහස සම්බන්ධ සංකල්පය පළල් වෙලා. ප්‍රජාතන්ත්‍රවාද ගැන මානව හිමිකම් ගැන ලොකු සමාජ සංවාදයක් ඇතිවෙලා. ඒක නිසා රටේ රාළ මේ අවුරුද්ද පටන් ගන්නේම රාජපක්ෂලාට ඒ අනතුරු ඇගවීමක් කරලා

.ඇත්තටම රාජපක්ෂලා අතේ තියන විධායක ජනාධිපතිධූරය කියන ජනතා පීඩක මර්ධන උපකරණය මෙහෙම ගියොත් අන්සතු වෙනවා. ඒක අන්සතු උන ගමන් රාජපක්ෂලාටත් Sorry.Com තමයි. ඒක නිසා ඔය කඩුව වනවනා ඉන්න තව කෙටි කාලයක්.

මතක තියාගන්න බුදු හාමුදුරුවෝ කියලා තියනවා අවි ගත්තෝ අවියෙන්ම නසී කියලා. එයාලට පුළුවන් ඒ අවිය පාව්ච්චි කරලා අපිව නසලා දාන්න. ඒත් ඒ වෙන කෙනෙක් අතට ඒක පත් වෙනකං විතරයි.



ඒක නිසා අවධාරණයෙන් කියන්න ඕනි රාජපක්ෂලාටත් බේරීම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ විතරයි. විධායකය අහෝසි කිරීම ඇතුළේ විතරයි. ඇත්තටම මොලේ කලදක් හරි තියනවා නං රාජපක්ෂලා කරන්න ඕනි වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.



ප්‍රශ්නය තියෙන්නේ මොලේ නැති අයට ඕක තේරුම් ගන්න බෑනේ. මොකද බලය තියන කාලේ මොලේ නෑ මොලය තියන කාලේ බලේ නෑනේ. හැබැයි මෙහෙම ගියොත් බලය නැති කාලේ එයාලට ඉතිරි වෙන්නේ අදුරු කාමර විතරක් වෙන්න පුළුවන්.

ඔය හූව කියන්නේ ඒකේ ආරම්භය.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharana

මීට
රටේ රාළ

( Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

Leader Whats app

 
 
 
   
බැසිල්ගෙ ගෝලයා ජනපතිට ටොකු අනී! | Gossip
 


සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

2022 කට හූව පමණක් ප්‍රමාණවත්ද? -රටේ රාළ | The Leader