The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රජාතන්ත්‍රවාදයේ ආසියානු ආදර්ශය - (සාගල රත්නායක)

T

The Leader Desk

July 29, 2024 • 11:56 AM

ප්‍රජාතන්ත්‍රවාදයේ ආසියානු ආදර්ශය  - (සාගල රත්නායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ යුක්තිය පසිඳලන පිළිගත්ත ක්‍රමවේදයක් තියෙනවා.
  • ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ මොඩලයක් හැටියට ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේශකයන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය හඳුන්වනවා.
  • කුමන්ත්‍රණකාරී ලෙස බලය පැහැර ගැනීම් වලට ඉඩක් ලැබිලත් නැහැ.
  • අනෙක් පක්ෂ වලට ඉඩ දුන්නා, අනෙක් මතයන් ඉවසුවා. 1953 හර්තාලය ඒ විතරක් නෙවෙයි බලයේ සිටින ආණ්ඩුවකට විරුද්ධව දේශපාලනය කරන්න වගේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති, වැඩසටහන් වලට අභියෝග කිරීමේ අයිතියත් දේශපාලන ක්‍රියාකාරීන්ට හා ජනතාවට හිමියි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අපේ රටේ යුක්තිය පසිඳලන පිළිගත්ත ක්‍රමවේදයක් තියෙනවා. චෝදනාවක් එල්ලවුණ කෙනෙකුට දඬුවම් කරන්න නම්, චෝදනාව විමර්ශනය කරන්න ඕන. චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි තිබේ නම් අධිකරණයේ නඩු විභාගයකින් පස්සේ නීති විරෝධී දෙයක් වෙලා තිබෙනවා නම් නීතිය අනුව දඬුවම් ලබා දීම සිදු වෙනවා.

 

ඒත් මේ අධිකරණ ක්‍රියාවලියෙන් බාහිරව කාටවත් කියන්න බැහැ අහවලා අපරාධයක් කරල තියෙනවා, ඒ නිසා අපි දඬුවම් කරනවා කියලා.  එහෙම කරන්න නම් රටේ පිළිගත් නීතිය, ස්වාධීන අධිකරණය ඉවත් කරලා හිතුවක්කාර නීති විරෝධී පිළිවෙතක් අනුව කරන්න වෙනවා. ප්‍රචණ්ඩ අරගල කරපු අය එහෙම දේවල් කරලා තියෙනවා. නමුත් මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීති විරෝධී දෙයක්. ඒ වගේම සදාචාරාත්මක නැහැ. 

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ - රොහාන් සමරජීවලංකාව කියන්නේ මේ කලාපය තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ඉහළින්ම පිළිගත්ත සහ හොඳින්ම ක්‍රියාත්මක වෙමින් තිබෙන රටක්.

 

මෙහෙම දේවල් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කැමැත්ත, විශ්වාසය, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ගැන අවබෝධය නැති වුණාම. හැබැයි ලංකාව කියන්නේ මේ කලාපය තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ඉහළින්ම පිළිගත්ත සහ හොඳින්ම ක්‍රියාත්මක වෙමින් තිබෙන රටක්. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ මොඩලයක් හැටියට ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේශකයන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය හඳුන්වනවා.  

මෑතකදී ජනාධිපතිතුමත් මේ කරුණ මතක් කළා. මැතිවරණයකින් පැවැති පාලනය පරාජය වුණා නම් ජයගත් පාර්ශ්වයට ඉඩ දීලා ගියා. රාජ්‍ය බලය බලහත්කාරයෙන් අල්ලගෙන, විපක්ෂයේ නායකයන් සිරගත කිරීමක් වගේ ඒකාධිපති පාලනයක් ගෙනයාමක් වගේ දේවල් ලංකාවේ කිසිදාක සිදුවෙලා නැහැ. කුමන්ත්‍රණකාරී ලෙස බලය පැහැර ගැනීම් වලට ඉඩක් ලැබිලත් නැහැ. ලෝකයේ බොහොමක් රටවල මෙහෙම අඛණ්ඩව ප්‍රජාතනත්‍රවාදය පවත්වගෙන යන්න ලැබිලත් නැහැ. බොහෝ රටවල සිද්ද වෙලා තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය නොසලකා කටයුතු කිරීමයි. 1931 සිට මෙරට ක්‍රියාත්මක වුණු බහු පක්ෂ දේශපාලනය අපේ රටේ ජනතාව විසින් පිළිගත්ත එකක්. මේ හැම පක්ෂයක් එක්කම මිනිස්සු දේශපාලනය කළා. අනෙක් පක්ෂ වලට ඉඩ දුන්නා, අනෙක් මතයන් ඉවසුවා. 

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි ! - (ගාමිණී වියන්ගොඩ)1953 හර්තාලය

 

ඒ විතරක් නෙවෙයි බලයේ සිටින ආණ්ඩුවකට විරුද්ධව දේශපාලනය කරන්න වගේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති, වැඩසටහන් වලට අභියෝග කිරීමේ අයිතියත් දේශපාලන ක්‍රියාකාරීන්ට හා ජනතාවට හිමියි. මේ රටේ ඇතිවුණ ගෙවුම් ශේෂ අර්බුදයක් එක්ක සහල් මිල වැඩි කිරීමට ආණ්ඩුවට සිදු වීම නිසා 1953 හර්තාලය ඇති වුණා. පාලකයන්ට රටින් පිට නැංගුරම් දා තිබුණු නැවකට වෙලා තීන්දු ගන්න සිදු වුණා. එදා හාල් මිල වැඩි කිරීම කළේ රාජ්‍ය ආදායම වර්ධනය කරගන්න. මොකද ඒ වන තෙක් පවත්වගෙන ආපු සුබසාධන වැඩපිළිවෙලවල් නතර නොවී පවත්වාගෙන යෑමේ වුවමණාව තිබුණු නිසා. 


ඒත් ඒ ප්‍රශ්නය පවා ප්‍රජාතන්ත්‍රවාදීව විසඳ ගත්තා මිසක කැරැල්ලෙන් බලය අත්පත් කරගන්න ගියේ නැහැ. ඒ විතරක් නෙවෙයි වැඩ වර්ජන රැසක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය පාලනයට දිගටම අභියෝග කළා. ඒ නිදහස මේ රටේ තිබෙනවා. හර්තාලය මොහොතේ පුද්ගලයෙක් ඝාතනයට ලක් වීම නිසා හිටපු අගමැති ඩඩ්ලි සේනානායක ධුරයෙන් ඉවත් වුණේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා. එජාපයේ මන්ත්‍රීවරයකුව සිටි එම්. ඩී. බණ්ඩා මහතාගේ ආධාරකරුවන් සිදු කළ වරදක් නිසා මන්ත්‍රීවරයා එහි වගකීම භාර ගෙන ඉල්ලා අස් වුණා. එතරම් ඉහළින් මේ රට ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කළා. 

 

ඩඩ්ලිගේ පරාජයේ සිට අද තෙක් රටේ දේශපාලනය -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)අගමැති ඩඩ්ලි සේනානායක

ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉහළම රටවල් තරමට මේ රට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආදර්ශ දීල තියෙනවා. මේකට තව එකතු කරන්න ඕන දෙයක් තමයි මානව සංවර්ධන දර්ශකයේ අපි ඉන්න තැන ගැන. ලෝකයේ දියුණුම රාජ්‍යයන් තරමට අපි දශක ගණනාවක් තිස්සේ මේ දර්ශකයේ ඉහළ ස්ථානයක් ආරක්ෂා කරගෙන ඉන්නවා. මානව සංවර්ධන දර්ශකයේ අගයන් ලැබෙන්නේ පුරවැසියාට තමන් කැමති දේ වීමට හා කිරීමට ඇති හැකියාව මතයි. උදාහරණක් ලෙස නිරාහාර නොවීම, හිසට වහලක් තිබීම, නිරෝගී වීම, රැකියාව, අධ්‍යාපනය, ඡන්දය භාවිතය, සමාජීය ජීවිතයක් තිබීම සහ එය තෝරාගැනීමේ හැකියාව ආදිය මතයි. මේ අනුව පැහැදිලි වෙන දෙයක් තමයි රටක් ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වීම මෙම දර්ශකයේ ඉහළ අගයක් ගැනීමට හේතු වෙනවා කියන එක. 

අපි නිදහසෙන් පස්සේ පොදු ජන සමාජයේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. අධ්‍යාපනයල සෞඛ්‍යය නොමිලයේ දෙනවා. තවත් සහනාධාර විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. මේවා හැම කාලයකම වගේ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළා. මේ නිසා සමාජය තුළ නිරෝගී පරපුරක්,  උගත් පරපුරක් බිහි වුණා. නමුත් මේ අයගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමේ යම් නොහැකියාවන් නිසා රාජ්‍ය විරෝධී කැරලි කිහිපයකටත් මුහුණ දෙන්න සිදුවුණා. විපක්ෂය නියෝජනය කළත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ඒ කැරලි මැඩපවත්වන්න ආණ්ඩු පක්ෂයට සහය වෙලත් තියෙනවා. නමුත් මේ කැරලිකරුවන්ට සමාව දීලා නැවත ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට පිවිසෙන්න අවස්ථාවත් උදාකරලා දුන්නා. ඒ වගේම මේ කැරලිකාරිත්වයට තුඩු දුන්න සමාජ ආර්ථික දේශපාලනික විෂමතා ඉවත් කරන ප්‍රතිසංස්කරණටන්ටත් පියවර ගත්තා.

 

අරගලය කණ්ඩායම් අතර මතගැටුම් ! - තීරණාත්මක සාකච්ජාවක් අද2022 අරගලයෙන් මතුවුණු ඉල්ලීම් ඉටු කරන්න වර්තමාන ආණ්ඩුවත් ප්‍රතිසංස්කරණ රැසක් කරමින් සිටිනවා. 
මෙතෙක් පැවති රජයන් පොදු ජන යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගත්තා. රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කළා. වර්තමානය වෙද්දි මෙරට පවතින දියුණු තත්වයන්ට පැමිණෙන්න ප්‍රධානම හේතුවක් වුණේ මානව සංවර්ධනය වෙනුවෙන් මේ ගත් පියවරයි. මේ වගේම 2022 අරගලයෙන් මතුවුණු ඉල්ලීම් ඉටු කරන්න වර්තමාන ආණ්ඩුවත් ප්‍රතිසංස්කරණ රැසක් කරමින් සිටිනවා.  

කොහොමවුණත්  සාධාරණ හේතු පදනම් කරගෙන පැන නැගෙන ඉල්ලීම්, විරෝධතා, කැරලිගැසීම් ආදිය නිසා අපේ රාජ්‍ය පාලනයේ ප්‍රතිසංස්කරණයන්ට සෑහෙන බලපෑමක් කරලා තියෙනවා. වැඩ වර්ජන වගේ වෘත්තීය අරගල වලටත් විශාල නිදහසක් මේ රටේ තියෙනවා. වෙන බොහෝ රටවල තමන්ට අභිමත වෙලාවල් වලට වැඩ වර්ජන කරන්න බැහැ. සමහර රටවල මේක තහනම්. බ්‍රිතාන්‍ය වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භක රටකත් වැඩ වර්ජකයන්ට ඒ දින වෙනුවෙන් වැටුප් ලැබෙන්නේ නැහැ. නමුත් ලංකාවේ වැඩ වර්ජනය කිරීමෙන් පාලකයන්ට අභියෝග කිරීමේ නිදහස පවා පවතිනවා.

ඒ වගේම අධිකරණය විධායකය සහ ව්‍යවස්ථදායකය අතර ගැටුම් ගැනත් මේ දිනවල කතා බහට ලක්වුණත් ඒ ආයතන අතර සංවරණය සහ තුලනය මත ඒ ප්‍රශ්න හානියකින් තොරව විසඳා ගැනීමේ ක්‍රමවේදය සකසා තියෙනවා. ඒත් මෙතරම් ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් ක්‍රියාත්මක වන රටේ ඒ නොතකා ඇතැම් කණ්ඩායම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අභියෝග වන ලෙස කටයුතු කිරීම කණගාටුවට කාරණාවක්.

පක්ෂයක් ආණ්ඩු බලයක් ගත්තට පස්සේ ඔවුන් නියෝජනය කරන්නේ පක්ෂය නෙවෙයි රටම, රටේම ජනතාව. එතකොට සමස්ත ජනතාවගේ නිදහස අයිතිවාසිකම් වෙනුවෙන්, සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින්න වෙනවා. 

 

රනිල් ජනාධිපති ධුරයට පත්වී වසර දෙකක් - 'එක්ව ජයගමු' ජනරැලිය අද (21) කඩවත දීඅපි අර්ථික අර්බුදයකට මුහුණ දුන් මොහොතේ ජනාධිපතිතුමා සියලුම පක්ෂ වලට ආරාධනා කළා
අපි අර්ථික අර්බුදයකට මුහුණ දුන් මොහොතේ ජනාධිපතිතුමා සියලුම පක්ෂ වලට ආරාධනා කළා රට නැවත ගොඩනගන්න පක්ෂ දේශපාලනය අත්හැරලා ඒ අරමුණ වෙනුවෙන් එකට එකතු වෙමු කියලා. මේක ඉහළින්ම අගය කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක්. ඒ වගේ අවස්ථාවක් නොසලකා හැරීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම සම්ප්‍රදායට විරුද්ධ දෙයක් කිව්වට වැරදි නැහැ. එදා විපක්ෂය අත්හැරියේ ලෝකයටම තවත් ඉහළ ආදර්ශයක් දෙන්න තිබුණු අවස්ථාවක්.

කොහොම වුණත් අපි රැකගෙන ආපු ප්‍රජාතන්ත්‍රවාදී හරයන් දිගටම රැකගත යුතුයි. දේශපාලන මතිමතාන්තර කුමක් වුණත් රටක් විදිහට රටේ කීර්තියට අභිමානයට හානි වෙන ආකාරයේ දේශපාලනයකට ඉඩක් ලැබෙන එක වළක්වා ගැනීමත් කළ යුතුයි.  ඒවගේම මේ රට ඉදිරියට ගෙන යාමේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අපිට නැවත නැවතත් විපක්ෂයේ ජනතා නියෝජිතයින්ගේ සහය සැබවින්ම අවශ්‍යයි.  එනිසා රට සහ ජනතාව පිළිබඳ හැඟීමෙන් ඉදිරියේදී එවන් අවස්ථා මඟනොහැර කටයුතු කිරීමට සියලුම දේශපාලන ක්‍රියාකාරීන් එකට එක්වෙනවානම් සැබවින්ම අප ප්‍රජාතාන්ත්‍රවාදයේ ආසියානු ආදර්ශය බවට මුළු ලෝකයටම නැවත වතාවක් තහවුරු කොට පෙන්වන්න පුළුවන්.  

සාගල රත්නායක
එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]
 
සබැඳි ලිපි :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...