මැතිවරණ කාලය ආසන්න වෙන විට දේශපාලන පක්ෂ තමන් බලයට ආවොත් කරනව කියල විවිධ පොරොන්දු දෙන එක සාමාන්‍ය දෙයක්.

ඒත් මෙහෙම ඉතිහාසය පුරා දුන්නු පොරොන්දු බොහොමයක් ඉටු වෙලා නෑ. බොහොමයක් වෙලාවට වුණේ දෙන පොරොන්දු ඉටු කිරීමේ හැකියාවක් බලයට පත් වුණු කණ්ඩායම් වලට නැති වීම. මොකද ඇත්තටම මේ දෙන පොරොන්දු සෑහෙන ප්‍රමාණයක් ඉටු කරන්න පුළුවන් ද බැරිද කියල නොහිතා ජනප්‍රිය වෙන්න දීපු දේවල් වෙලා තිබුණ නිසා. තවත් සමහර පොරොන්දු ඉටු කරන්න යෑමම රට තවත් දුෂ්කරතාවයට පත් කරන තත්වයක් පෙනෙන්න තියෙනවා.

 



විශේෂයෙන්ම රටේ ආර්ථික තත්වය ගැන නොසලකා, අඩු තරමින් ආර්ථිකය වර්ධනයට සැලසුමක් වැඩ පිළිවෙලක් නැතිව, දෙන පොරොන්දු බොහොමයක් ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා.  

 

economicආර්ථිකය වර්ධනයට සැලසුමක් වැඩ පිළිවෙලක් නැතිව, දෙන පොරොන්දු බොහොමයක් ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා.  

වරක් සිංගප්පුරුවේ අගමැති ලී ක්වාන් යු මහත්මය ලංකාවේ දේශපාලන පක්ෂ ලබා දෙන මැතිවරණ පොරොන්දු ගැන අපූර්ව කතාවක් කියලා තිබුණා.. මේ මැතිවරණ පොරොන්දු හරියට නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් වගේ කියලා. ඒ වචන ටික හොඳටම ඇති මේ තත්වය තේරුම් ගන්න. අපි මේ රටේ අනාගත සංවර්ධනය සැලසුම් කරන්නත්, මැතිවරණ පොරොන්දු දෙන්නත් ඕන රටේ ආදායම්, සම්පත්, හැකියාවන් වගේ සාධක සහ ඒවා ගොඩනගාගැනීමේ සැලසුම් සමඟයි

 

අපේ රටේ රජයේ ආදායමට වඩා වියදම් ඉහළ යෑම වාර්තා වෙන්න ගත්තේ 1952 අවුරුද්දේ ඉඳලා. 1951 දී එවකට මුදල් ඇමති ජේ ආර් ජයවර්ධන ලෝක බැංකුවෙන් කළ ඉල්ලීමක් අනුව ලංකාවට පැමිණි ආර්ථික විශේෂඥයන් පිරිසක් ලබා දුන් වාර්ථාවකින් මේ ගැන අනතුරු හැගෙවේවා. 1957 දී මෙරටට පැමිණි ජොආන් රොබින්සන් නම් බි්‍රතාන්‍ය ජාතික කීර්තිමත් ආර්ථික විශේෂඥවරිය කිව්වා, අපි ඵලය භුක්ති විඳිනවා..ඒත් ගහ හිටවගන්නේ නැහැ කියලා. ඒ කිව්වේ රාජ්‍ය ආදායම් ඇති තරම් සුබසාධනයට වියදම් කරනවා ආයෝජනය නොකර කියලා.  

 

JRJ1951 දී එවකට මුදල් ඇමති ජේ ආර් ජයවර්ධන ලෝක බැංකුවෙන් කළ ඉල්ලීමක් අනුව ලංකාවට පැමිණි ආර්ථික විශේෂඥයන් පිරිසක් ලබා දුන් වාර්ථාවකින් මේ ගැන අනතුරු හැගෙවේවා

නිදහස ලබන යුගයේ තිබුණු දුර්වල සමාජීය තත්වයන් ගොඩ නගන්න ඒ වෙනුවෙන් රජය අති විශාල වියදමක් දරමින් සිටියා. නමුත් ආර්ථික වර්ධනය සඳහා කළ ආයෝජන වැඩි කළේ සුළුවෙන්.

 

ලෝක බැංකු විශේෂඥයන් පෙන්වලා දීලා තිබුණු තව කරුණක් වුණේ සුබසාධනයට වෙන් කරන මුදලෙනුත් සියයට 20 ක් වත් ආයෝජනයට යොදවන්න කියලා. ලංකාවට වඩා පහල අඩියක තිබුණු සිංග්ප්පූරුව එදා රාජ්‍ය ආදායමෙන් සියයට 35 ක් පමණ ආයෝජනයට යොමු කරපු එක ඔවුන්ගේ දියුණුවට හේතුවක් වුණා. ජනතාවට ඒ මොහොතේ යම් පීඩාකරිත්වයන් තිබුණත් කෙටි කාලයක් ඇතුලත ඒ ආයෝජනයන්ගේ ප්‍රතිලාභ බුක්ති විඳින්න ඔවුන්ට හැකි වුණේ එනිසයි.



ඒත් අපේ රටේ තවමත් වෙන්නේ තරඟකාරී ලෙස සහනාධාර මැතිවරණ පොරොන්දු දෙන එක පමණයි. එක පක්ෂයක් මෙච්චර දෙනව කියනකොට අනිත් පක්ෂයක් ඊට වඩා දෙනවා කියනවා. එත් ඒ එකක්වත් කරන්න පුළුවන් දේවල් නොවීමයි ගැටලුව.

අද රටේ පවතින ඇත්ත කතාව රටක් විදිහට අපි විශාල ආර්ථික පීඩනයකට ගොදුරු වෙලා ඉන්නවා කියන එකයි. එයින් ගොඩයෑම නොසලකා බදු බර වැඩියි, සහනාධාර ප්‍රමාණවත් නැහැ, කියමින් විපක්ෂ කණ්ඩායම් විසින් රාජ්‍ය ආදායම් වැඩි කර ගන්නා පියවරයන්ටත් විරුද්ධ වෙමින් සිටිනවා.
ඒ අතර එයාලා සහනාධාර ගැන බොහොම ජනප්‍රිය පොරොන්දු දෙනවා. දැන් ගැටළුව තියෙන්නේ ආණ්ඩුව නොදෙනවා කියන මේ සහනාධාර විපක්ෂය දෙනවා කියන්නේ  කොහොමද කියන එක මේ සහනාධාර වෙනුවෙන් වැය කරන්න රාජ්‍ය ආදායම් හොයා ගන්නේ කොහොමද කියන එක.

 

miltonමිල්ටන් ෆ්‍රීඞ්මන් (1976) තමන්ගේ කෘතියක් නම් කරන්නේ There’s No Such Thing as a Free Lunch (1975) (නොමිලයේ දිවා ආහාරය කියා දෙයක් නැත)  

 

ආර්ථික විද්‍යාවේ නොබෙල් ත්‍යාගලාභියෙකු වූ කීර්තිමත් ඇමරිකානු ආර්ථික විශේෂඥයකු වක මිල්ටන් ෆ්‍රීඞ්මන් (1976) තමන්ගේ කෘතියක් නම් කරන්නේ There’s No Such Thing as a Free Lunch (1975) (නොමිලයේ දිවා ආහාරය කියා දෙයක් නැත)  කියන ජනප්‍රිය උපහැරණයකින්

 

attachment no free lunchමුදල් නොගෙවා නොමිලයේ වටිනා යමක් ලබා ගැනීමට නොහැකිය


මේක මුදල් නොගෙවා නොමිලයේ වටිනා යමක් ලබා ගැනීමට නොහැකිය යන අදහස සන්නිවේදනය කරන්න ආර්ථික ක්ෂේත්‍රයේ යොදාගන්න ජනප්‍රිය කියමනක්. නොමිලේ දිවා ආහාරය පිරිනැමීම මේ කාලයේ ඇමරිකානු මත්පැන් අවන්හල් වල සාමාන්‍ය සිරිතක්ව පැවැතීම එක්ක මේ උපහැරණය නිර්මාණය වුණා කියනවා. කොහාමවුණත් මේ කෘතියෙන් පෙන්වලා දුන්නේ යම් කණ්ඩායමකට ප්‍රදානයක් කරනවා නම් ඒ වෙනුවෙන් පිරිවැය දරන්නේ කවුද කියන එකට උත්තරයක් තිබිය යුතු බවයි.  


2022 වසර වන විට අපේ රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 8.4 කට තරම් අඩු වුණා. නැවත රට ස්ථාවර කරන්න නම් මේ අගය සියයට 15 ක් ඉක්මවා යෑම අනිවාර්ය වෙලා තියෙනවා. මේ රාජ්‍ය ආදායම  වැඩි කරගැනීම බදු ආදායම් මත තීරණය වෙනවා.  මේ අනුව ගත්ත බදු ප්‍රතිසංස්කරණයන් නිසා රාජ්‍ය ආදායම පසුගිය 2023 අවුරුද්දෙ දි සියයට 11.1 ක් කරගන්න හැකිවුණා. ඒත් එය රජයේ වියදම් වලට ප්‍රමාණවත් නැහැ. මේ ආදායමෙන් 2023 වසරේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමික වැටුප් ගෙවන්න පමණක් සියයට 36 ක් වැය කළා. 2022 දී සියයට 74.6 ක්. 2021 දී සියයට 88.9 ක්. විවිධ බදු පැනවීම් සහ බදු ප්‍රතිශත වැඩි කරගත්තත් ඒ ආදායම ජනතා සුබසාධනයටවත් ප්‍රමාණවත් නැහැ.

 

pensionආදායමෙන් 2023 වසරේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමික වැටුප් ගෙවන්න පමණක් සියයට 36 ක් වැය කළා.


ඒත් බදු වැඩිකිරීම් ගැන විපක්ෂය බරපතල විවේචන ගේනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා ගැන විවේචනය කරනවාලු විපක්ෂය බලයට ආවොත් මේ ගිවිසුම වෙනස් කරනවාලු බදු අඩුකරනවාලු සහනාධාර දෙනවා වගේ විවිධ ප්‍රකාශ ඔවුන් සිදු කරනවා. බදු ගෙවන මහ ජනතාව ඉන්නෙත් අප්‍රසාදයෙන්.  


ඒත් ජනාධිපතිතුමාට මේ තීන්දු තීරණ ගන්න වුණේ සංවර්ධන ගමන නොකඩවා කරගෙන යන්න අවශ්‍ය පදනම ගොඩනගලා රට ආපසු ස්ථාවර කරලා මේ අර්බුදයෙන් ගොඩගන්නයි. එතුමා ගත්ත බොහොමයක් තීන්දු දුෂ්කර ඒවගේම ජනප්‍රිය නැති තීන්දු. ජනාධිපතිතුමා එහෙම තීන්දු ගත්තේ ජනප්‍රිය තීන්දු අරගෙන මේ කාලය ගත කරන්න බැරි කමකට නෙවෙයි.  ජනතාව පීඩාවට පත් කරන්න ජනාධිපතිතුමාට වුවමනාවක් නැහැ.  හැම දෙයක්ම තීරණය වුණේ රටේ හෙට දවස යහපත් කරලා ජනතාවට එහි ඉහළ ප්‍රතිලාභ ලබා දෙන්නයි.


පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවැසුවේ රටේ ආර්ථිකය තියෙන්නේ පිහි දාරයක් මත කියලා. අවදානමේ තරම ඒ කතාවෙන් පැහැදිලියි. ඒත් යන්න වෙන්නේ මේ පිහි දාරය තරණය කරලා. ඒක කරන්න නම් මේ ගත්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පමණයි එකම උත්තරය වෙලා තියෙන්නේ.

 

images 16ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවැසුවේ රටේ ආර්ථිකය තියෙන්නේ පිහි දාරයක් මත කියලා

2001 දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විදිහට රට බාරගත්ත මොහොතෙත් රටේ තිබුණේ සෘණ ආර්ථිකයක්. එදත් මුල්‍ය අරමුදලේ සහය අරගෙන වසර 2 ක් ඇතුළත සියයට 3ක ආර්ථික වර්ධනයකට රට අරගෙන එන්න එතුමාට පුළුවන් වුණා. ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු එදත් ගන්න වුණා. ඒත් ඒ ගමනේ දිගටම යන්න ඉඩක් නොදී විපක්ෂයේ ජනප්‍රිය දේශපාලන මැතිවරණ පොරොන්දු ඒ ගමන අඩාල කළා. ඒත් රට ආපහු ගියේ වැරදි පාරක. ආර්ථික අර්බුද රැසක රට හිර වුණා.
ජනප්‍රිය පොරොන්දු වලට මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒත් රටක් නිවැරදි මාර්ගයක අරන් ගිහින් දියුණු කරන්න බැහැ. ඒ යථාර්ථය මේ රටේ අවස්ථා කිහිපයකදිම ඔප්පු කරල පෙන්වලා තියෙනවා. එනිසයි රටේ විපක්ෂ ක්‍රියාකාරීනුත් පොදු මහජනතාවත් මේ පිළිබඳ පොදු අවබෝධයකට පැමිණිය යුතු. ඒ වෙනුවෙන් ඉඩ සකසා දීම සියල්ලන්ගේම වගකීමක්.  

 
 සාගල රත්නායක
එජාප ජාතික සංවිධායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]
 
සබැඳි ලිපි
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්