වෘත්තීය සටන්කරුවෙක් (Professional Fighter) වෙන්න හිතාගෙන ඉන්න කෙනෙකුට තියෙන ලොකුම අභියෝගය තමයි සිනමාවයි, ඇත්ත සටන් බිමයි පටලවාගන්නේ නැතුව නිවැරදි පාර හොයාගන්න එක.
අද වෙනකොට සටන් කලාව (Martial Arts) කියන්නේ පොප් සංස්කෘතිය (Pop Culture) එක්ක හොඳටම මිශ්‍ර වෙච්ච දෙයක්. ඒ නිසා, වෘත්තීය ක්ෂේත්‍රයට එන්න හදන කෙනෙකුට නිවැරදි පරමාදර්ශී චරිත (Role Models) තෝරාගන්නවාට වඩා ලේසියි තමන් ගේ ලැයිස්තුවෙන් අදාළ නොවන අයව අයින් කරලා දාන එක. ඒ විදිහට අදාළ නොවන චරිත ටික අයින් කළාට පස්සේ, ඉතිරි වෙන සැබෑ මොඩල් එක ඇතුළේ ඉන්න ඕනෑම කෙනෙක් ගෙන් ඔයාට වෘත්තීය සටන්කරුවෙක් විදිහට ඉගෙනගන්න දෙයක් ඉතිරි වෙනවා.
ඉවත් කළ යුතු චරිත
පළමු පියවර විදිහට ඔයාගේ පරමාදර්ශී ලැයිස්තුවෙන් වහාම ඉවත් කළ යුතු චරිත ටික හඳුනාගන්න ඕනේ. සිනමාවට, විනෝදාස්වාදයට හෝ සටන් කලාවේ ජනප්‍රියත්වයට ලොකු මෙහෙයක් කරපු අය වුණාට, ඔයා ගේ ඉලක්කය MMA, BJJ, Muay Thai, Boxing, Wrestling හෝ වෙනත් ඕනෑම වෘත්තීය සටන් ක්ෂේත්‍රයක් නම්, මෙන්න මේ අයගෙන් තාක්ෂණික හෝ වෘත්තීය පරමාදර්ශී උපදෙස් ලබාගැනීම ප්‍රායෝගික නැහැ.
* බෲස් ලී (Bruce Lee) – සටන් සිනමාවේ icon එකක් වුණාට, වෘත්තීය තරග බිමක සටන් කරපු අත්දැකීම් නෑ.
* යිප් මාන් (Yip Man) – පාරම්පරික සටන් ක්‍රමවේදයන් ප්‍රගුණ කළ අයෙක් වුවත්, වර්තමාන වෘත්තීය Combat Sports සඳහා මෙය අදාළ නැහැ.
* ස්ටීවන් සීගාල් (Steven Seagal) – සිනමා සටන් සංදර්ශන මිස සැබෑ Ring/Cage ඇතුළේ ප්‍රායෝගික සටන් අත්දැකීම් නෑ.
* ජැක් චෑන් (Jackie Chan) – විශිෂ්ට ස්ටන්ට් ශිල්පියෙක් (Stuntman), නමුත් වෘත්තීය සටන්කරුවෙක් නෙවෙයි.
* ජෙට් ලී (Jet Lee) – Wushu ප්‍රදර්ශනාත්මක සටන් ශිල්පියෙක්, සැබෑ සටන්කරුවෙක් නෙවෙයි.
* ජොන්-ක්ලෝඩ් වෑන් ඩෑම් (Jean-Claude Van Damme)
* ස්කොට් ඇඩ්කින්ස් (Scott Adkins - Yuri Boyka) – "යූරී බොයිකා" කියන සිනමාත්මක ආවේශයෙන් මිනිස්සු මොහුව MMA පරමාදර්ශයක් ලෙස දැක්කට, සැබෑ MMA තරග බිමට මොහුගේ සිනමාත්මක ශෛලිය ප්‍රායෝගික නැහැ.
* ටෝනි ජා (Tony Jaa) – "Ong-Bak" යනාදි චිත්‍රපට හරහා ලැබුණු මුඒ තායි (Muay Thai) ආවේශය නිසා පරමාදර්ශයක් කරගත්ත ද, මොහු සිනමාත්මක ස්ටන්ට් ශිල්පියෙක් මිස තරගකාරී මුඒ තායි ශූරයෙක් නෙවෙයි.
* මයිකල් ජේ වයිට් (Michael Jai White) – UFC ක්‍රීඩකයන් එක්ක කෙරෙන ප්‍රොපගැන්ඩා (Propaganda) පුහුණුවීම් වීඩියෝ දැකලා, MMA ඔළුවේ තියාගෙන මොහුගේ ඉගැන්වීම් පස්සේ යාම නොමඟ යැවීමක්.
* ඩොනී යෙන් (Donnie Yen)
(මොවුන් සියලු දෙනාම සිනමාත්මක විනෝදාස්වාදය සපයන්නන් මිස වෘත්තීය තරගකාරී Combat Sports ක්ෂේත්‍රයේ ප්‍රායෝගික මාර්ගෝපදේශකයන් නොවේ.)
සැබෑ පරමාදර්ශී චරිත
ඊළඟට, ටක්කෙටම හරි පාරේ යන්න නම් ඔයා අනුගමනය කරන්න ඕනේ සැබෑ තරග බිමේ (Ring/Octagon/Mat) තමන්ගේ දක්ෂතාවය, තාක්ෂණය සහ උපක්‍රමශීලී බව ඔප්පු කරපු සැබෑ පරමාදර්ශී චරිතයි. ඒ චරිත ටික මේ විදිහට වර්ග කරලා අධ්‍යයනය කරන්න පුළුවන්.
තාක්ෂණික හා උපක්‍රමශීලී සටන් උපදේශකයන් (Coaches & Analysts):
* ජෝන් ඩැනහර් (John Danaher) – සමස්ත සබ්මිශන් ග්‍රැප්ලිං විද්‍යාවට ලෙග් ලොක් පද්ධතිය (Leg Lock System) හඳුන්වා දුන් සටන් ආචාර්යවරයා. බ්‍රසීලියානු ජූ-ජුත්සු සහ සබ්මිශන් ග්‍රැප්ලිං කලාව පද්ධතිගත ලෙස ඉදිරිපත් කරමින්, සටන් පද්ධතීන් නිර්මාණය කරපු 'නූතන බ්‍රසීලියානු ජූ-ජුත්සු සහ සබ්මිශන් ග්‍රැප්ලිං කලාවේ පියා' හෙවත් සටන් කලාවේ "සර් අයිසැක් නිව්ටන්". තමන්ගේ සටන් ජීවිතයේ Foundation එක ලෙස තබාගත යුතු පරම පරමාදර්ශී චරිතය වන අතර, 100%ක් ම සටන් කලාවේ නිවැරදි මාර්ගයක යා හැකි, නොමග නොයන බවට පූර්ණ සහතිකයක් දිය හැකි චරිතය යි. (මොහු අදේවවාදී භෞතිකවාදියෙකි; ඔහුගේ එම මතයන් පසුපස නොගොස්, ඔහුගේ භක්තිවන්ත අනුගාමිකයකු නොවී සටන් කලාවට අදාළ දේ පමණක් ලබාගන්න.)
* ෆිරාස් සහාබි (Firas Zahabi) – Tristar Gym එක හරහා Georges St-Pierre වැනි ශූරයන් නිර්මාණය කළ, combat sports සහ පළමු මූලධර්ම (First Principles) පදනම් කරගත් දර්ශනයක් සහිත ප්‍රමුඛතම MMA පුහුණුකරුවෙක්.
* ග්‍රෙග් ජැක්සන් (Greg Jackson) – MMA ලෝකයේ සාර්ථකම Game plan සදන ප්‍රධාන පුහුණුකරුවෙක්.
ග්‍රේසී පරම්පරාව සහ BJJ/Grappling පුරෝගාමීන්:
* හීලියෝ ග්‍රේසී (Helio Gracie) සහ හොයිස් ග්‍රේසී (Royce Gracie) – වැලේ-ටුඩෝ හෙවත් පැරණි ආරේ එම්.එම්.ඒ. ක්‍රමය ව්‍යාප්ත කිරීමට මහත් වූ කාර්‍යයක් කලේ බ්‍රසීලියානු ජූ-ජුත්සු සම නිර්මාතෘ, ග්‍රෑන්ඩ්මාස්ටර් හීලියෝ ග්‍රේසී. UFC වල 1, 2 සහ 4 යන ශූරතාවලීන් ජය ගනිමින් සටන් කලාවේ මුළු සිතියමම වෙනස් කරලා බ්‍රසීලියානු ජූ-ජුත්සු තාක්ෂණයේ බලය ලෝකයටම පෙන්නවූයේ හොයිස් ග්‍රේසී.
* හික්සන් ග්‍රේසී (Rickson Gracie), හෙන්සෝ ග්‍රේසී (Renzo Gracie), කාර්ල්සන් ග්‍රේසී (Carlson Gracie) - බ්‍රසීලියානු ජූ-ජුත්සු හී ග්ලැඩියේටර්ස්ලා
* මාරියෝ ස්පැරී (Mário Sperry) සහ මාකෝ හුවාස් (Marco Ruas) – Vale Tudo සහ MMA ආරම්භක යුගයේ සැබෑ සටන්කරුවන්. මේ අය තමයි අද අප දකින නූතන එම්.එම්.ඒ. හැඩයට පාර කපපු ජීවමාන පුරාවෘත්තයන්.
* යුක්ලිඩීස් පෙරෙයියා (Euclides Pereira) – බ්‍රසීලයේ Vale Tudo ඉතිහාසයේ අපරාජිත සැබෑ ලෙජන්ඩ් කෙනෙක්. ත්‍රිකාලයේ පරම සුපිරිතම සටන්කරු.
නූතන BJJ සහ Submission Grappling කලාව (Modern Submission Grappling):
* ගෝර්ඩන් රයන් (Gordon Ryan) – ත්‍රිකාලයේ හොඳම සබ්මිෂන් ග්‍රැප්ලර් (GOAT of Submission Grappling).
* ක්‍රෙග් ජොන්ස් (Craig Jones) – නෝගී සබ්මිශන් ග්‍රැප්ලිං කලාවේ ගෝර්ඩන් රයන්ට පමණක් දෙවෙනි වන ත්‍රිකාලයේ යුවරජු; සටන් කලාවේ "ඇල්බට් අයින්ස්ටයින්".
* ගැරී ටෝනන් (Garry Tonon) – ත්‍රිකාලයේ හොඳම ලෙග්ලොකර් (Greatest Leg Locker of all time).
* නිකොලොස් මෙරගාලී (Nicholas Meregali) - ගී ජූ-ජුත්සු හී රජු.
* නිකී රොඩ් (Nick Rodriguez - Nicky Rod) - මල්ලවපොර හා බ්‍රසීලියානු ජූ-ජුත්සු මිශ්‍ර කරගනිමින් සබ්මිශන් ග්‍රැප්ලිං කලාව වෙනම මානයකින් දකින ක්‍රීඩකයෙක්. ශ්‍රේෂ්ඨ මල්ලවපොරකරුවෙක් සේම ශ්‍රේෂ්ඨ බ්‍රසීලියානු ජූ-ජුත්සු සටන්කරුවෙක් යන දෙකම එකවර එකම elite level එක ලබාගත් ක්‍රීඩකයකි. අතිශයින්ම දුලභ අවස්ථාවක්!
* මයිකි මුසුමෙචි (Mikey Musumeci) - The Nerd Fighter: මෘදු, සිනාසෙන සබ්මිශන් ග්‍රැප්ලිං ඝාතකයා. සබ්මිශන් ග්‍රැප්ලිං හී අති දරුණුතම සහ ඉහලම තාක්ෂණයක් ඇති සටන්කරුවෙක්.
* රයන් හෝල් (Ryan Hall) සහ මසකත්සු ඉමනාරී (Masakazu Imanari) – එම්.එම්.ඒ. වලට ගැලපෙන ලෙස Leg locks සහ Guard Submissions වෙනස්ම මට්ටමකට ගෙන ආ අය.
MMA ලෙජන්ඩ්ස් (MMA Champions):
* චාල්ස් ඔලිවේරා (Charles Oliveira) – UFC ඉතිහාසයේ වැඩිම සබ්මිෂන් ප්‍රමාණයක් ලබාගත්, BJJ තාක්ෂණය MMA තුළ අතිශය අනතුරුදායක ලෙස භාවිත කරන අසමසම ශූරයා.
* GSP (Georges St-Pierre) – ක්‍රීඩාශීලිත්වය, තාක්ෂණය සහ විනය මුසු වූ පරිපූර්ණ MMA ශූරයා. නූතන එම්.එම්.ඒ. හී විද්‍යානුකූල GOAT! එම්.එම්.ඒ. හී Ground and Pound system එකක් ලෙස පලමුවරට ඉදිරිපත් කල සටන්කරු.
* මයිටි මවුස් (Mighty Mouse - Demetrious Johnson) – Fight IQ එක සහ තාක්ෂණික නිරවද්‍යතාව අතින් ඉහළින්ම ඉන්න සටන්කරුවෙක්.
* නූර්මගොමෙඩොව් පවුල (Nurmagomedovs - Khabib/Umar/Usman) සහ ඉස්ලාම් මඛාචෙව් (Islam Makhachev) – Dominant Wrestling සහ Sambo පදනම් කරගත් නොසැලෙන සටන් රටාව.
* ආර්මන් සරුකියන් (Arman Tsarukyan) - මල්ලවපොර මෙන්ම පහරදීමේදී එක හා සමාන දක්ෂයා
* මචීඩා පවුල (Lyoto Machida & family) – කරාතේ ශෛලිය MMA වලට ප්‍රායෝගිකව ගැලපූ සටන්කරුවන්. සත්‍යය සටනකදී වැඩකරන කරාතේ කියන්නේ මචීඩා කරාතේ.
* ඩේමියන් මායා (Demian Maia) – BJJ විෂය MMA තුළ ඉතාම පිරිසිදුව භාවිත කළ ශූරයෙක්.
* බීජේ පෙන් (BJ Penn) – BJJ සහ Boxing මුසු කළ මුල් යුගයේ අද්විතීය ශූරයා.
මුඒ තායි, ස්ටෑන්ඩ්-අප් ස්ට්‍රයිකින් සහ බොක්සිං (Muay Thai, Striking & Boxing Legends):
* බුවාකාව් බන්චමෙෙක් (Buakaw Banchamek) සහ සෙන්චායි (Saenchai) – සිනමා පටවලට එහා ගිය, සැබෑ මුඒ තායි (Muay Thai) තාක්ෂණයේ, Timing සහ Ring Generalship හි ජීවමාන පුරාවෘත්ත.
* ඩීසල්නෝයි චොරෝ තානාසුකර්න් (Dieselnoi Chor Thanasukarn) සහ සැම්ආර්ට් පයාකරූන් (Samart Payakaroon) – මුඒ තායි ඉතිහාසයේ "Golden Era" එක නියෝජනය කළ, Knee Strikes සහ Striking IQ එක අතින් උසස්ම සැබෑ පරමාදර්ශ.
* ඇලෙක්ස් පෙරෙයිරා (Alex Pereira) – Glory Kickboxing ද්විත්ව බර පන්ති ශූරයා මෙන්ම Stand-Up Striking, timing සහ Left Hook බලය අතින් නූතන Combat Sports ලෝකයේ අද්විතීයම උදාහරණය. එම්.එම්.ඒ. වලට වඩාත්ම සුදුසු ස්ටෑන්ඩ් අප් ස්ට්‍රයිකිං ක්‍රමවේදය භාවිතා කරන සටන්කරුවා.
* මොහොමඩ් අලී (Muhammad Ali / Cassius Clay) – Footwork, timing සහ මනෝවිද්‍යාත්මක ජයග්‍රහණයන්හි පියා.
* මයික් ටයිසන් (Mike Tyson) – Peek-a-boo ශෛලිය සහ අධික බලය (Power & speed).
* ජෝජ් ෆෝමන් (George Foreman) – ශාරීරික ශක්තිය සහ සැබෑ Punching power එක.
බැහැර කළ යුතු දෑ
මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු කරුණක් තියෙනවා. මේ ලැයිස්තුවේ ඉන්න ඇතැම් සටන්කරුවන් සහ පුහුණුකරුවන් (උදාහරණයකට Khabib, Islam Makhachev, Firas Zahabi හෝ Muhammad Ali වැනි අය) මුස්ලිම් හෝ වෙනත් ආගමික පසුබිම් නියෝජනය කරන අයයි. මෙහිදී වෘත්තීය සටන්කරුවෙකු ලෙස ඔයා අවධානය යොමු කළ යුත්තේ ඔවුන්ගේ තාක්ෂණය, ශාරීරික කැපවීම, Fight IQ, සහ ක්‍රීඩා උපක්‍රම (Fight Tactics) කෙරෙහි විතරයි. ඔවුන්ගේ පෞද්ගලික ආගමික හෝ දේශපාලනික මතවාද සම්පූර්ණයෙන්ම බැහැර කරලා, විද්‍යාත්මක සටන් න්‍යායයන් සහ ප්‍රායෝගික ක්‍රමවේදයන් විතරක් අධ්‍යයනයට ලබාගැනීම තමයි නියම වෘත්තීය සටන්කරුවෙකුගේ ලක්ෂණය වෙන්නේ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, වෘත්තීය සටන්කරුවෙක් වෙන්න යන ගමනේදී සිනමාවේ දකින "කලර්ෆුල්" සටන් වෙනයි, ඇත්ත Ring/Octagon එක ඇතුළේ වෙන "කාර්යක්ෂම" (Efficient) සටන් වෙනයි කියලා හඳුනාගැනීම තමයි වැදගත්ම දේ. පළමු ලැයිස්තුවේ ඉන්න අයගෙන් සිනමාත්මක ආශ්වාදයක් මිසක් සැබෑ වෘත්තීය උපදෙස් ලබාගන්න බෑ. දෙවැනි ලැයිස්තුවේ ඉන්න අයගේ තරග, ඔවුන්ගේ පුහුණු ක්‍රම, තීරණ ගන්නා ආකාරය (Fight IQ) සහ තාක්ෂණික ශිල්පක්‍රම හැදෑරීම තමයි වල් මාර්ගවල නොයා කෙළින් ම ඉලක්කයට යන්න තියෙන එකම විද්‍යාත්මක පාර.
අධ්‍යාපනඥ සනෙත් මාතොස් (ශ්‍රී ලංකාවට BJJ, Submission Grappling සහ Vale-Tudo හඳුන්වා දුන් කළු පටිධාරී සටන් ආචාර්ය, Warrior's Way Junction - WWJ හී ප්‍රධාන පරිපාලක)
උපුටා ගැනීම - Warrior's Way Junction – WWJ Facebook පිටුවෙන්



