හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂට ලබන 13 වනදා ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
පොලීසිය සඳහන් කරන පරිදි අදාළ කැඳවීම් නිවේදනය තංගල්ල කාල්ටන් නිවස වෙත මේ වන විටත් භාරදී අවසන්ය.
විමර්ශනයට පාදක වූ ‘සිරිලිය සවිය’ ගිණුම
මෙම කැඳවීම සිදුව ඇත්තේ ඇයගේ මූලිකත්වයෙන් මෙහෙයවනු ලැබූ 'සිරිලිය සවිය' සංවිධානයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශය සිදුකරන දීර්ඝකාලීන පරීක්ෂණවලට සමගාමීවය.
අදාළ සංවිධානය සතු ප්‍රධාන බැංකු ගිණුමේ මේ වන විටත් රුපියල් මිලියන 48කට අධික මුදලක් පවතී.
රහස් පොලීසිය විසින් එම ගිණුමේ සියලු ගනුදෙනු මේ වන විටත් අත්හිටුවා ඇති බැවින්, ඉන් කිසිදු මුදලක් ආපසු ගැනීමට පාර්ශ්වයන්ට හැකියාවක් නැත.
මීට පෙර සැප්තැම්බර් 24 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබුණද, ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාම හේතුවෙන් ඇයට ඊට පෙනී සිටීමට නොහැකි විය.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව මැලේසියාවේ සිට පැමිණි MH 179 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.25ට පමණ ඇය යළි දිවයිනට පැමිණි අතර, ඊට පෙර ඇයගේ නීතිඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනු කෙරිණි.
නියමිත විමර්ශන මඟහැරීමේ කිසිදු චේතනාවක් තම සේවාදායිකාවට නොමැති බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දන්වා සිටියේය. කෙසේ වෙතත්, දිවයිනට ළඟාවීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීම ඇය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින්, විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටීමට ප්‍රථම එලෙස අත්අඩංගුවට පත්වීමෙන් පිරිමැසිය නොහැකි අගතියක් සිදුවිය හැකි බව නීතිඥ මණ්ඩලය පෙන්වා දෙන ලදී.
ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස එමගින් ඉල්ලා තිබිණි.
මහේස්ත්‍රාත්වරියගේ නියෝගය
ඉදිරිපත් වූ මූලික නීතිමය කරුණු සලකා බැලූ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා, වගඋත්තරකාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට ලබන 12 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කළාය.
ඒ අනුව, ලබන 12 වනදා අධිකරණය හමුවේ ගනු ලබන තීරණයෙන් පසු, 13 වනදා ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට
Awara
October 6, 2026 • 3:40 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂට ලබන 13 වනදා ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
- පොලීසිය සඳහන් කරන පරිදි අදාළ කැඳවීම් නිවේදනය තංගල්ල කාල්ටන් නිවස වෙත මේ වන විටත් භාරදී අවසන්ය.
- විමර්ශනයට පාදක වූ ‘සිරිලිය සවිය’ ගිණුම මෙම කැඳවීම සිදුව ඇත්තේ ඇයගේ මූලිකත්වයෙන් මෙහෙයවනු ලැබූ 'සිරිලිය සවිය' සංවිධානයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශය සිදුකරන දීර්ඝකාලීන පරීක්ෂණවලට සමගාමීවය.
- අදාළ සංවිධානය සතු ප්‍රධාන බැංකු ගිණුමේ මේ වන විටත් රුපියල් මිලියන 48කට අධික මුදලක් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


