The Leader News
BREAKING
Top Ad
පුවත්

සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි

Awara

Awara

October 6, 2026 • 3:07 PM

සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලෙන් මුදාහැර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට පත් කිරීමට පියවර ගෙන ඇත.
  • අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු දක්වමින් මේ බව දැනුම් දුන්නේය.
  • වෛද්‍ය මණ්ඩලයේ ස්ථාවරය සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් දසදෙනාගේ කමිටුවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.
  • ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් 9 දෙනෙකු අද දින අධිකරණයේ පෙනී සිටි අතර, එක් වෛද්‍යවරයෙකු විදේශගතව සිටින බව දැනුම් දෙන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලෙන් මුදාහැර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට පත් කිරීමට පියවර ගෙන ඇත.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු දක්වමින් මේ බව දැනුම් දුන්නේය.

වෛද්‍ය මණ්ඩලයේ ස්ථාවරය

සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් දසදෙනාගේ කමිටුවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.

ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් 9 දෙනෙකු අද දින අධිකරණයේ පෙනී සිටි අතර, එක් වෛද්‍යවරයෙකු විදේශගතව සිටින බව දැනුම් දෙන ලදී.

සැකකරු මේ වන විට දින 119ක කාලයක් ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බව අධිකරණයට වාර්තා විය.

සැප්තැම්බර් 28 දිනැති විශේෂඥ වෛද්‍ය වාර්තාවේ සඳහන් කරුණු 6ක් පදනම් කරගනිමින්, ඔහුව රෝහලෙන් මුදාහැරීමට හැකියාව පවතින බව වෛද්‍ය මණ්ඩලය තහවුරු කර තිබේ.

රැඳවුම් භාරයේදී ක්‍රියාත්මක විය යුතු වෛද්‍ය කොන්දේසි

සැකකරු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කිරීමේදී දැඩි වෛද්‍ය අධීක්ෂණයක් පවත්වාගෙන යා යුතු බවට වෛද්‍ය මණ්ඩලය අධිකරණයට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළේය.

1- නියමිත ඖෂධ ලබාදීම: නිර්දේශිත සියලු ඖෂධ නියමිත වේලාවට ලබාදීම.
2- සුදුසු පරිසරය: වෛද්‍ය අධීක්ෂණය පවත්වාගත හැකි සෞඛ්‍යාරක්ෂිත පරිසරයක රඳවා තැබීම.
3- සායනික අධීක්ෂණය: නියමිත සායන (Clinics) වෙත කාලීනව යොමු කිරීම.
4- හදිසි ප්‍රතිකාර: මතුවිය හැකි අසාත්මිකතා තත්ත්වයන් හමුවේ කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සැපයීම.
5- හෘද ඒකක අවධානය: හෘද යන්ත්‍ර ක්‍රියාකාරිත්වය නිරන්තර පරීක්ෂාව සඳහා හෘද රෝග ඒකකයේ අධීක්ෂණයට යොමු කිරීම.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව යළි කැඳවීම ලබන ඔක්තෝබර් 21 වැනිදාට නියම කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...