‘SupremeSAT’ චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රෝහිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටියේය.
පැය හතරකට අධික කාලයක් නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදුන් ඒ මහතා ඉන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියේය.
ව්‍යාපෘතියේ ආරම්භය සහ ගිවිසුම්ගත පසුබිම
2012 වසරේදී මෙරට පළමු චන්ද්‍රිකාව ලෙස ප්‍රචාරය කරමින් SupremeSAT ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
එය පෞද්ගලික අංශයේ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ බව නිල වාර්තා පෙන්වා දෙයි.
2012 මැයි 23 වැනිදා SupremeSAT පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ නිල ගිවිසුමකට එළඹුණි.
එම ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික ඇස්තමේන්තුගත ආයෝජනයක් ඔස්සේ විදුලි සංදේශ සහ රූපවාහිනී විකාශන සේවා සැපයීම මූලික අරමුණ විය.
දේශපාලන ආන්දෝලනය සහ මූල්‍ය විමර්ශන
මෙම ව්‍යාපෘතියේ සැබෑ ආදායම්, චන්ද්‍රිකා වත්කම් සහ මූල්‍ය වාර්තා පිළිබඳව පසුගිය කාලය පුරා විවිධ පාර්ශ්ව වෙතින් ප්‍රශ්න මතුවිය.
රාජ්‍ය මුදල් අවභාවිත වූ බවට එල්ල වූ චෝදනා නිසා මෙම ගනුදෙනුව මෙරට දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය.
ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා යෙදවූ බව කියන රුපියල් මිලියන 230ක ආයෝජනයේ මූලාශ්‍ර සහ BOI ගිවිසුම්ගත ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය පරීක්ෂා කිරීම සඳහා FCID විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අග්‍රාමාත්‍යවරියගේ පාර්ලිමේන්තු හෙළිදරව්ව
එසේ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචන එල්ලවෙද්දී,මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය.
පසුගිය වසරේ (2025) අගෝස්තු 06 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වමින් ඇය සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 343කට අධික (රු. 343,909,000,000) ආදායමක් ලැබී ඇති බව නිල වාර්තාවල දැක්වෙන බවයි.
රජයේ මුදල් වැය නොවූ බවට පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය වී තිබියදී, ව්‍යාපෘතියේ මූල්‍ය විනිවිදභාවය සහ පරිපාලන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් පවතින නීතිමය විමර්ශන තවදුරටත් ඉදිරියට ඇදෙමින් පවතී.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳි:
'චිචීගේ රොකට් එක' ගැන අගමැති හරිනිගෙන් හෙළිදරව්වක්



