The Leader News
BREAKING
Top Ad
පුවත්

'චිචීගේ රොකට් එක' ගැන අගමැති හරිනිගෙන් හෙළිදරව්වක් !

T

The Leader Desk

August 6, 2025 • 8:41 AM

'චිචීගේ රොකට් එක' ගැන අගමැති හරිනිගෙන් හෙළිදරව්වක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ වුවද එම යානය හරහා මෙරටට මුදල් ලැබී ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේය.
  • අග්‍රාමාත්‍යවරිය අද (06) පාර්ලිමේන්තුවේදී මේබව කියා සිටියාය.
  • ඒ 2013, 2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් මිලියන දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක් මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා.
  • සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේ වුවද එම යානය හරහා මෙරටට මුදල් ලැබී ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරිය අද (06) පාර්ලිමේන්තුවේදී මේබව කියා සිටියාය.

ඇය එහිදී මෙසේද පැවසුවාය.

 

''2011- 2012 කාලයේදී 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස්' ආයතනයට අනුබද්ධිත 'සුප්‍රීම් සැට්' සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහලා තියෙන ප්‍රශ්නය අනුව ''සුප්‍රීම් සැට් සමාගම'' ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම ගතවී තිබෙන්නේ 2012 මැයි මස 23 වන දින. ඒ 2013, 2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් මිලියන දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක් මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා.

 

සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ දාහත්වන වගන්තිය යටතේ දේශීය වෙළඳපොල කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නේ.

රුපියල් මිලියන එක්දාස් අටසිය විසි අටක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-05-23 දින 'සුප්‍රීම් එස් එච් එස් ටී පෞද්ගලික සමාගම', ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය 2015-08-27 දින සිට වාණිජ මෙහෙයුම ආරම්භ කර ඇත. පවතින වාර්තාවලට අනුව, වර්ෂ 2019 වන විට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ.

සුප්‍රීම් ඇසෙල් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම, කොටස් හතළිස් හත්මිලියන එක්ලක්ෂ අසූදහස් දෙසීයක්. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම, කොටස් එකසිය අසූ අට මිලියන තුන්ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හැත්තෑව. අර පළවෙනි එකට සීයට විස්සයි. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමට සියයට අසූවයි. ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මුල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම විසින් පහත සඳහන් ආදායම් ලබා ඇත.

වර්ෂ 2015, 2016 ආදායම රුපියල් මිලියන දහනමදාස් හයසිය දාහතයි.

2016, 2017 ආදායම රුපියල් මිලියන විසිඅටදාස් එකසිය තිස් තුනයි. 2017, 2018 විසිනමදාස් එකසිය හයයි.

2018, 2019 තිස්හතරදාස් එකසිය හැට නමයයි. 2019, 2020 හතළිස් දෙදාස් නමසිය හැටයි.

2020, 2021 හැට දෙදාස් පන්සිය හතළිස් පහයි. 2021, 2022 අසූ හත්දහස් හත්සිය අසූ නමයයි.

2023 පලවෙනි මාස හය තුල තිස් නමදාස් පන්සීය අනුවයි.

දීලා තියන වාර්තා අනුව කතානායකතුමනි මං මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි.''



Dilanthe Withanage ගේ ෆේස්බුක් සටහනක්

මාලිමාව දිනපු එක ගැන දැන් නම් සතුටුයි

බොරුවට මේ රටේ තවදුරටත් තැනක් නෑ

මේ වීඩියෝ එකට මට ගොඩක් අය මඩ ගැහව්වා.

මම චිචි එක්ක කතා කරලත් නෑ ජීවිතේටම අදටවත්.

මට රාජපක්ෂ ලා සල්ලි දුන්නා කියලා මඩ ගැහැව්වා මේ වීඩියෝ එක නිසා. මට කාවවත් සුද්ද කරන්න ඕනේ උනේ නැහැ.

අපිට ඕනෑ උනේ බොරුව පරදා ඇත්ත දිනවන්න මිස යම් කෙනෙක් සුද්ද කරන්න නෙමේ. විශේෂයෙන්  චිචිව ආරක්ෂා කරන්න නෙමේ.

අවුරුදු දෙකකට කලින් මම කිව්ව දේ හරියි කියලා හරිනි ඔප්පු කලා.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'චිචීගේ රොකට් එක' ගැන අගමැති හරිනිගෙන් හෙළිදරව්වක් ! | The Leader