The Leader News
BREAKING
දෙදහසක් රැවටූ බවට චෝදනා ලැබූ මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට●රවී සෙනෙවිරත්නගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව පෙබරවාරි 19 දා●ඩයනාට එරෙහි වීසා චෝදනාවක තීන්දුව ජනවාරියේ●ලක්ෂ 730 ඉඩම් ගනුදෙනු: යෝෂිතගේ නඩු විභාගය දෙසැම්බර් 3ට●වැට් බදු වාර්තා ප්‍රමාදයකට සබීතා අධ්‍යක්ෂ ධුරය දරන සමාගමකට දඩ●මෙන්ඩිස් බිලියනයක බදු නඩුව පෙබරවාරි 25 යළි කැඳවයි●කැනඩා රැකියා පෙන්වා ලක්ෂ 43ක් වංචා කළ පුද්ගලයෙකුට සිර දඬුවම්●ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන පරීක්ෂණයක්; නෙතන්යාහු තවමත් සටනේ●ඉමාන් කලීෆ්ගේ නැවත පැමිණීම ව්‍යාකූල වෙයි: ප්‍රතිවාදිනිය ඉවතට!●අශෝක හඳගමගේ ‘සඳ දඩයම’: අතීත භීෂණය වර්තමානය මත කඩාපැනීම●
Top Ad
පුවත්

රවී සෙනෙවිරත්නගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව පෙබරවාරි 19 දා

Pasan

Pasan

November 26, 2026 • 10:23 PM

රවී සෙනෙවිරත්නගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව පෙබරවාරි 19 දා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ අවසන් නියෝගය 2027 පෙබරවාරි 19 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 26) තීරණය කළේය.
  • වැල්ලවත්ත රිය අනතුර සහ චෝදනා 2023 වසරේදී වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
  • බීමත්ව රිය පැදවීම සහ රිය අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා තුනක් යටතේ එම නඩුව ගොනු කර ඇති බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න අධිකරණයට පෙන්වා දුන්නේය.
  • මහේස්ත්‍රාත් නියෝගය අභියෝගයට ලක්වූ තැන මුල් අවස්ථාවේදී එම චෝදනා තුනෙන් දෙකකට වරද පිළිගන්නා බව සෙනෙවිරත්න මහතා අධිකරණයට දන්වා තිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ අවසන් නියෝගය 2027 පෙබරවාරි 19 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 26) තීරණය කළේය.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර හමුවේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

වැල්ලවත්ත රිය අනතුර සහ චෝදනා

2023 වසරේදී වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

බීමත්ව රිය පැදවීම සහ රිය අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා තුනක් යටතේ එම නඩුව ගොනු කර ඇති බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න අධිකරණයට පෙන්වා දුන්නේය.

මහේස්ත්‍රාත් නියෝගය අභියෝගයට ලක්වූ තැන

මුල් අවස්ථාවේදී එම චෝදනා තුනෙන් දෙකකට වරද පිළිගන්නා බව සෙනෙවිරත්න මහතා අධිකරණයට දන්වා තිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

පසුව සිය ස්ථාවරය වෙනස් කර වරද නොපිළිගන්නා බව දැන්වීමට ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත්වරියගෙන් අවසර ඉල්ලා තිබේ.

එහෙත් 2026 ජූලි 9 වැනිදා මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බැවින්, පහළ අධිකරණයේ එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් මහාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර ඇත.

නීතිපතිවරයාගෙන් විරෝධයක් නැහැ

ඕනෑම සැකකරුවෙකුට වරද පිළිගැනීමට මුලින් එකඟ වුවද, තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර සිය අභිමතය පරිදි එම තීරණය වෙනස් කර ගැනීමට නීතියෙන් අයිතියක් ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය 2026 ජූලි 9 වැනිදා නිකුත් කළ නියෝගයේ නීතිමය දෝෂයක් පෙනී යන බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ලබා දීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීම අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා, ඒ පිළිබඳ අවසන් නීතිමය තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා පෙබරවාරි 19 වැනිදා දක්වා නඩුව කල් තැබීය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...