පැරිස් ඔලිම්පික් තරග බිමේදී ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයට ලක්වූ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් යළි බොක්සිං වළල්ලට පා තැබීම ව්‍යාකූල කරමින් ඇගේ ප්‍රතිවාදිනිය යෝජිත සටනින් ඉවත්ව තිබෙනවා.
කලීෆ් රන් පදක්කම දිනා ගත් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඇයගේ මතභේදාත්මක පෙනී සිටීමෙන් පසුව ප්‍රථම වතාවට පැවැත්වෙන සටනේදී ඇය ක්ලැරිඩා සරාබියා සමඟ ලබන මාසයේ තරග කිරීමට නියමිතව සිටියා.
එහෙත් පැරිසියේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරගයෙන් සරාබියා ඉවත් වීමෙන් පසුව ඉමාන් කලීෆ්ට අලුත් ප්‍රතිවාදිනියක් අවශ්‍යව තිබෙනවා. සරාබියා තරගයෙන් ඉවත්ව තිබෙන්නේ පරිපාලනමය හේතූන් නිසා බව පැවසෙනවා.
දෙසැම්බර් 15 තරගය තවමත් ස්ථිරයි
“නමුත් දෙසැම්බර් 15 වැනිදාට තරගයක් තවමත් නියමිතව තිබෙනවා. ප්‍රතිවාදිනිය කවුරුන්ද කියා අපි ළඟදීම නිවේදනය කරනවා” යනුවෙන් තරග සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා.
තමා තරගයෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව කිසිවක් ඕලන්ද ජාතික 21 හැවිරිදි සරාබියා මෙතෙක් ප්‍රසිද්ධියේ කියා නැහැ. එහෙත් ඇය තරගයෙන් ඉවත් වීමට තීරණය කළේ ඇගේ වෘත්තීය ක්‍රීඩා දිවිය ගැන පරෙස්සමින් සලකා බැලීමෙන් පසුව බව ඇගේ ප්‍රවර්ධකයින් කියා තිබෙනවා.
ඔලිම්පික් උළෙලේ මතභේදයේ පසුබිම
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර කලීෆ් සහ තායිවානයේ ලින් යූ-ටිං ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ උණුසුම් දෝෂාරෝපණයකට ලක්වුණා. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු වැරදි සහගත වාර්තා කිහිපයකින් ඉමාන් කලීෆ් උපතින් පිරිමියෙකු බවට සඳහන් කර තිබුණා.
(සටහන - වර්නන් ගුණසේකර)
සබැඳි පුවත:
ඉමාන් කලීෆ්: සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාව නැවතත් තරග බිමට!




