The Leader News
BREAKING
පන්දුවට කෙළ පාවිච්චි කිරීමේ තහනම ඉවත් කරන්නැයි ෂුබ්මන් ගිල් ඉල්ලයි●විනිසුරුට ගල් ගැසූ පාපන්දු ක්‍රීඩකයාට වසර අටක තහනමක්●සීගිරි පර්වතයට කළ හානිය: සංරක්ෂණ ක්‍රියාවලියේ සීමාවන් ප්‍රශ්න කෙරේ●ආරක්ෂක උපදෙස් මත රුසියානු නීතිපතිගේ කොළඹ සාකච්ඡා විකල්ප ස්ථානවලට●චෙම්මනි මිනීවළ: තීන්දුව පුරාවිද්‍යා වාර්තාවෙන් පමණක් නොවෙයි - අධිකරණ ඇමති●මහා පරිමාණ ව්‍යාපෘති අඩාල වීමට බලපෑ සැබෑ හේතු හෙළිවෙයි●දුමින්දට එරෙහි රන් ආලේපිත ගිනි අවි නඩුව ජනවාරි 29 ඇරඹේ●නාවික පුහුණු නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ; යෝෂිත සහ වසන්ත නිවැරදිකරුවන් බව කියති●උසස් පෙළ සිසුවියට අතවර කළ පූජකවරයාගේ අභියාචනය අධිකරණය ඉවත දමයි●අමිතාබ් බච්චන්ට එරෙහිව නීතිමය පියවර: AI වීඩියෝවක දේශපාලන සෙවණැල්ල?●
Top Ad
ක්‍රීඩා

පන්දුවට කෙළ පාවිච්චි කිරීමේ තහනම ඉවත් කරන්නැයි ෂුබ්මන් ගිල් ඉල්ලයි

Pasan

Pasan

November 23, 2026 • 10:49 PM

පන්දුවට කෙළ පාවිච්චි කිරීමේ තහනම ඉවත් කරන්නැයි ෂුබ්මන් ගිල් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ නිසා කෙළ පාවිච්චි කරන්න ඉඩ දෙන්න!" - ඉන්දියා ටෙස්ට් නායක ෂුබ්මන් ගිල් ක්‍රිකට් පන්දුව ඔප දැමීම පිණිස ඛේටය භාවිතා කිරීමේ තහනම ඉවත් කරන ලෙසට ඉන්දියා ටෙස්ට් නායක ෂුබ්මන් ගිල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) ඉල්ලා සිටිනවා.
  • කෙසේ වෙතත්, කොවිඩ් වසංගතය දැන් ඉතිහාසයට එක්ව තිබෙන බැවින් එම තහනම සංශෝධනය කිරීම සඳහා කාලය එළඹ ඇතැයි ගිල් විශ්වාස කරන්නේ පන්දුවේ ස්වභාවය පවත්වාගෙන යාම අසීරු වී ඇති බවට තර්ක කරමින්.
  • "ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම්වලට කෙළ පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු බවට මම විශ්වාස කරනවා.
  • අපි ඒ යුගය පසුකර ගොඩක් කල් බව මම හිතනවා." "ඕවර 25, 30කට පස්සේ බෝලය මෙළෙක් වෙනවා නම් හෝ එහි හැඩය වෙනස් වෙනවා නම් සහ පන්දුව නඩත්තු කිරීමට නොහැකිව කෙළ භාවිතා කිරීමටත් ඉඩක් නැතිව තිබෙනවා නම් එය ඉතාම අමාරු වෙනවා" යනුවෙන් ගිල් තවදුරටත් කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

"දැන් කොවිඩ් නැහැ. ඒ නිසා කෙළ පාවිච්චි කරන්න ඉඩ දෙන්න!"
- ඉන්දියා ටෙස්ට් නායක ෂුබ්මන් ගිල්

ක්‍රිකට් පන්දුව ඔප දැමීම පිණිස ඛේටය භාවිතා කිරීමේ තහනම ඉවත් කරන ලෙසට ඉන්දියා ටෙස්ට් නායක ෂුබ්මන් ගිල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) ඉල්ලා සිටිනවා. කවුන්සලය මේ නීතිය හඳුන්වා දුන්නේ කොවිඩ් වසංගතය සමයේ.

කෙසේ වෙතත්, කොවිඩ් වසංගතය දැන් ඉතිහාසයට එක්ව තිබෙන බැවින් එම තහනම සංශෝධනය කිරීම සඳහා කාලය එළඹ ඇතැයි ගිල් විශ්වාස කරන්නේ පන්දුවේ ස්වභාවය පවත්වාගෙන යාම අසීරු වී ඇති බවට තර්ක කරමින්.

"පන්දුව ඔප දමන්නේ නැත්නම් හෝ පන්දුවේ තත්ත්වය පවත්වාගෙන යාම‌ට නොහැකි නම්, විශේෂයෙන් මෙවැනි තණතීරුවලදී පන්දු යවන්නන්ගේ කාර්යය ඉතාම අසීරු කරනවා" යනුවෙන් නවසීලන්තයට එරෙහිව වෙලිංටන් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේ අසාර්ථක පස් වැනි දින ක්‍රීඩාවක් විඳ දරා සිටීමෙන් පසුව ගිල් කියා සිටියා.

"ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම්වලට කෙළ පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු බවට මම විශ්වාස කරනවා. එය කොවිඩ් කාලයේ දැමූ නීතියක්. අපි ඒ යුගය පසුකර ගොඩක් කල් බව මම හිතනවා."

"ඕවර 25, 30කට පස්සේ බෝලය මෙළෙක් වෙනවා නම් හෝ එහි හැඩය වෙනස් වෙනවා නම් සහ පන්දුව නඩත්තු කිරීමට නොහැකිව කෙළ භාවිතා කිරීමටත් ඉඩක් නැතිව තිබෙනවා නම් එය ඉතාම අමාරු වෙනවා" යනුවෙන් ගිල් තවදුරටත් කියනවා.

තහනම කඩ කළහොත් ලැබෙන දඬුවම් මොනවාද?

පන්දුව ඔප දැමීම පිණිස කෙළ පාවිච්චි කිරීම සඳහා ක්‍රීඩකයින්ට අවසර නැහැ. එසේ කළහොත් වැරදි කරන කණ්ඩායමට ඉනිමකට අවවාද දෙක බැගින් නිකුත් කිරීමට ඉඩ තිබුණ ද, නැවත නැවත කෙළ භාවිතා කළහොත් ඊට දඬුවමක් ලෙස ලකුණු පහක් පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට පිරිනැමෙනවා.

පන්දුවල තත්ත්වය පිරිහිලාද?

තරගයේ කලින්ම පන්දු මෙළෙක් වීම පිළිබඳව ද විවේචනයක යෙදුණු ගිල්, එතරම් සහායක් ලබා නොදෙන තණතීරුවල කඩුලු ලබා ගැනීම පන්දු යවන්නන්ට මහත් අභියෝගයක් බව පෙන්වා දෙනවා.

"පන්දුවල තත්ත්වය පහත වැටිලා ද එහෙමත් නැත්නම් මොකද වුණේ කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ වගේ වෙලාවලදී, තණතීරුවෙන් උපකාරයක් නැත්නම් සහ බෝලයත් මෙළෙක් වෙනවා නම්, පන්දු යවන්නන්ට කඩුලු ලබා ගැනීම ඉතාම අමාරු වෙනවා" ගිල් පවසනවා.

"එවැනි තත්ත්වයකදී පන්දුව පිත්තේ අග වැදී යන්නේ නැහැ. ඒ නිසා කඩුල්ල පිටුපස සිට උඩ පන්දු රැක ගැනීම අමාරු වෙනවා. තණතීරුවේ එතරම් සංචලනයක් නැත්නම්, කඩුල්ල මුවා කිරීම තාවකාලිකව නතර කර ගන්නවා" යැයි ඉන්දියා නායකයා ප්‍රකාශ කරනවා.

2025 එංගලන්ත සංචාරයේදීත් මේ ගැටලුව මතු වුණා

මේ ප්‍රශ්නයට තම කණ්ඩායම මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන බව ද ගිල් සඳහන් කරනවා. 2025 වසරේ එංගලන්ත සංචාරයේදී ද ඉනිම මුලදී ම පන්දුව මෙළෙක් වූ අයුරු ඔහු මතක් කර දෙනවා.

"ඕවර 50කට පස්සේ පන්දුව පැහැදිලිවම මෘදු වන බව අපි දන්නවා. නමුත් ඕවර 25-30කට පසුව එය මෙළෙක් වේගෙන යද්දී හෝ එහි හැඩය වෙනස් වෙමින් තිබියදී පන්දුව නඩත්තු කර ගන්නත් බැරිව කෙළ පාවිච්චියත් තහනම්ව තිබෙන විට, එය පන්දු යවන්නන්ට ඉතාම අමාරු කාර්යයක් වනවා" යනුවෙන් ෂුබ්මන් ගිල් වැඩිදුරටත් කියා සිටිනවා.

(සටහන - වර්නන් ගුණසේකර) 

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...