The Leader News
BREAKING
පන්දුවට කෙළ පාවිච්චි කිරීමේ තහනම ඉවත් කරන්නැයි ෂුබ්මන් ගිල් ඉල්ලයි●විනිසුරුට ගල් ගැසූ පාපන්දු ක්‍රීඩකයාට වසර අටක තහනමක්●සීගිරි පර්වතයට කළ හානිය: සංරක්ෂණ ක්‍රියාවලියේ සීමාවන් ප්‍රශ්න කෙරේ●ආරක්ෂක උපදෙස් මත රුසියානු නීතිපතිගේ කොළඹ සාකච්ඡා විකල්ප ස්ථානවලට●චෙම්මනි මිනීවළ: තීන්දුව පුරාවිද්‍යා වාර්තාවෙන් පමණක් නොවෙයි - අධිකරණ ඇමති●මහා පරිමාණ ව්‍යාපෘති අඩාල වීමට බලපෑ සැබෑ හේතු හෙළිවෙයි●දුමින්දට එරෙහි රන් ආලේපිත ගිනි අවි නඩුව ජනවාරි 29 ඇරඹේ●නාවික පුහුණු නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ; යෝෂිත සහ වසන්ත නිවැරදිකරුවන් බව කියති●උසස් පෙළ සිසුවියට අතවර කළ පූජකවරයාගේ අභියාචනය අධිකරණය ඉවත දමයි●අමිතාබ් බච්චන්ට එරෙහිව නීතිමය පියවර: AI වීඩියෝවක දේශපාලන සෙවණැල්ල?●
Top Ad
ක්‍රීඩා

විනිසුරුට ගල් ගැසූ පාපන්දු ක්‍රීඩකයාට වසර අටක තහනමක්

Pasan

Pasan

November 23, 2026 • 10:28 PM

විනිසුරුට ගල් ගැසූ පාපන්දු ක්‍රීඩකයාට වසර අටක තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහාය තරග විනිසුරුවරයෙකුට ගල් ගැසූ පාපන්දු ක්‍රීඩකයෙකුට එක්වදෝරයේ පාපන්දු සම්මේලනය වසර අටක තහනමක් පනවා තිබෙනවා.
  • සියුඩාඩ් ඩි යැන්ට්සාසා (Ciudad de Yantzaza) සහ රියෝ අගුවාරිකෝ (Rio Aguarico) යන පාපන්දු සමාජ කණ්ඩායම් අතර ඔක්තෝබර් 17 වැනිදා පැවති තරගයේදී හටගත් සිදුවීමෙන් පසුව එක්වදෝර පාපන්දු සම්මේලනය (FEF) මේ දඬුවම නිකුත් කළේ පසුගිය බදාදා.
  • වැනි මිනිත්තුවේ සිදුවූ ප්‍රහාරය ආදේශක ක්‍රීඩකයින්ගේ බංකුවේ සිටි පර්ලාසා තරගයේ 96 වැනි මිනිත්තුවේදී විසි කළ ගල ලෙනින් ජියෝවානි ඔජෙඩා නූනෙස් (Lenin Giovanni Ojeda Nunez) සහාය විනිසුරුගේ මුහුණේ වැදුණු අතර තරගය වහාම අහෝසි කෙරුණා.
  • සම්මේලනය පවසන ආකාරයට එම නිලධාරියාට සැත්කමක් සිදු කිරීම හා දින 60ක සුවය ලැබීමේ කාලයක් අවශ්‍යව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සහාය තරග විනිසුරුවරයෙකුට ගල් ගැසූ පාපන්දු ක්‍රීඩකයෙකුට එක්වදෝරයේ පාපන්දු සම්මේලනය වසර අටක තහනමක් පනවා තිබෙනවා.

තෙවැනි ස්තරයේ තරගයක් පැවැත්වෙන අතරතුර ජෝන් පර්ලාසා (Jhon Perlaza) නමැති ක්‍රීඩකයා සහාය තරග විනිසුරු වෙත විසි කළ ගල වැදී එම නිලධාරියාට බරපතළ තුවාල සිදුව තිබෙන්නේ ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට ද අවශ්‍ය වෙමින්.

සියුඩාඩ් ඩි යැන්ට්සාසා (Ciudad de Yantzaza) සහ රියෝ අගුවාරිකෝ (Rio Aguarico) යන පාපන්දු සමාජ කණ්ඩායම් අතර ඔක්තෝබර් 17 වැනිදා පැවති තරගයේදී හටගත් සිදුවීමෙන් පසුව එක්වදෝර පාපන්දු සම්මේලනය (FEF) මේ දඬුවම නිකුත් කළේ පසුගිය බදාදා.

96 වැනි මිනිත්තුවේ සිදුවූ ප්‍රහාරය

ආදේශක ක්‍රීඩකයින්ගේ බංකුවේ සිටි පර්ලාසා තරගයේ 96 වැනි මිනිත්තුවේදී විසි කළ ගල ලෙනින් ජියෝවානි ඔජෙඩා නූනෙස් (Lenin Giovanni Ojeda Nunez) සහාය විනිසුරුගේ මුහුණේ වැදුණු අතර තරගය වහාම අහෝසි කෙරුණා.

සම්මේලනය පවසන ආකාරයට එම නිලධාරියාට සැත්කමක් සිදු කිරීම හා දින 60ක සුවය ලැබීමේ කාලයක් අවශ්‍යව තිබෙනවා.

තරග නිලධාරියෙකුට ශාරීරිකව පහර දීම ගැන පර්ලාසා වගකිව යුතු බවට තීරණය කළ FEF හි විනය කොමිසම ඔහුට 2034 ඔක්තෝබර් 19 වැනි දින දක්වා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

මේ තහනම ලොව පුරා බලපාන පරිදි ක්‍රියාත්මක කරන ලෙසට තමන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා සිටින බව එක්වදෝර පාපන්දු බලධාරීන් කියනවා.

ක්‍රීඩා සමාජයටත් දඩ සහ තහනම්

එම ක්‍රීඩකයා අයත් සියුඩාඩ් ඩි යැන්ට්සාසා පාපන්දු සමාජයට ද ඩොලර් 2,000ක දඩයක් නියම කර තිබෙන අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය කළ ඩොලර් 4,369.73ක මුදල ආපසු ගෙවන ලෙසට ද නියෝග කර තිබෙනවා. මේ ක්‍රීඩා සමාජය ඔවුන්ගේ ඊළඟ සත්කාරක තරග තුන ක්‍රීඩා කළ යුතු වන්නේ යැන්ට්සාසා නගර සභා ක්‍රීඩාංගණයෙන් බැහැරව.

නිවේදනයක් මගින් තරග විනිසුරු කණ්ඩායමෙන් හා ආධාරකරුවන්ගෙන් සමාව ඉල්ලා ඇති පාපන්දු සමාජය, වාචිකව හා ශාරීරිකව කෙරුණු ආක්‍රමණය පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් එම ක්‍රීඩකයා වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

(සටහන - වර්නන් ගුණසේකර)

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විනිසුරුට ගල් ගැසූ පාපන්දු ක්‍රීඩකයාට වසර අටක තහනමක් | The Leader