ගුස්ටාව් ෆ්ලොබේ 'මදාම් බෝවාරි' ලියන්නේ 1857 දී. ගොවි පවුලක හැදී වැඩෙන එමා, චාල්ස් බොවාරි කියන උගත් කරුණාවන්ත වෛද්‍යවරයා සමඟ විවාහ වෙනවා. හැම දේම තිබුණත් චාල්ස් කියන්නේ තරමක් කුසීත දිවියක් ගත කරන සාමකාමී චරිතයක්. ප්‍රභූ පවුලක නොවුණත් චාර්ල්ස් හැදී වැඩෙන්නේ තරමක නාගරික පහළ මධ්‍යම පන්තික වටපිටාවක. චාර්ල්ස්ට එමා බලාපොරොත්තු වුණු කන බොන අඳින පලඳින, ඉහළ සමාජයේ මැනර්ස් තියෙන සුඛෝපභෝගී ජීවන රටාව නැහැ. හැබැයි චාර්ල්ස් වගකීම්සහගත යි; ගෞරවනීය යි.

එමා පිටිසර පළාතක හැදුණු පහළ පාන්තික ගොවි දියණියක්. ගොවි දියණියක් වුවත් කන්න බොන්න නැති තරමේ අය නෙවෙයි. ඇය අධ්‍යාපනය ලබන්නේ කොන්වන්ට් එකෙන්. කොන්වන්ට් ජීවිතය තුළ දී ඇය නවකතා කියවන්න හුරුවෙනවා. ඉතින් මෙම ප්‍රබන්ධ කතාවල අන්තර්ගත: ඉහළ පාන්තික, වංශාධිපති ජීවිතය, ආදර රොමාන්තිකය, පියකරු ලෝකය, සුඛෝපභෝගීත්වය යොවුන් වියේ දී ම එමා ගේ ෆැන්ටසි ලෝකය වෙනවා. ෆැන්ටසිය තිබුණට එයට ගැළපෙන මුදල්වත් සමාජ තත්ත්වයවත් එමාට හෝ ඇය ගේ පවුලට තිබුණේ නැහැ.
චාර්ල්ස්ව විවාහ කරගත් නිසා ඇයට එකල ප්‍රංශ සමාජයේ, සාමාන්‍ය බුර්ෂුවා සමාජ තත්ත්වයකට හිමිකම් කියන්න පුළුවන් වෙනවා. නමුත් මෙය ඇය ආශා කරන ඉහළ ධනවත් ලෝකය ම නෙවෙයි. ඉතින් ඒමා එයා ගේ ෆැන්ටසි ජීවිතය යි ඇත්ත ජීවිතයයි අතර අතරමං වෙනවා. එමා සුව පහසුව, අවධානයට ලක්වීම, අනුරාගය, පිළිගැනීම, ආදරය, සුඛ විහරණය හඹා යනවා. කතාව ඇතුළේ ඇයව පෙනෙන්නේ කාම දෙවඟනක් වගේ. නමුත් ඇය ඇත්තටම එහෙම දෙයක් සොයන ගැහැනියක් නෙවෙයි.
ගුස්ටාව් ෆ්ලොබේ
සිල්ලර බඩු තෙරපිය
මෙම චරිතයේ විශේෂත්වය තමයි. ඒමා කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ නැති නූතන ඉන්ෆ්ලුඑන්සර් කෙනෙක් වීම. එමා ඇගේ ජීවිතය රංගනයක් ලෙස ගොඩනගනවා. ඇගේ ඇඳුම් පැලඳුම්, ඇගේ නිවස, ඇගේ ශරීර භාෂාව පවා නවීනත්වය මතු කරවන්න, ප්රක්ෂේපණය කරන්න සකස් කරනවා. මෙය නූතන ඉන්ස්ටග්‍රෑම් සංස්කෘතියට බොහෝ දුරට සමාන දෙයක් වන අතර, එහි දී බොහෝ අය තමන් පරිකල්පනය කරන ප්‍රේක්ෂකාගාරයක් වෙනුවෙන් තමන්ගේ ම සෞන්දර්යාත්මක කොපියක් නිර්මාණය කරනවා.
එමා නේක විලාසිතා සහ නවකතා භාවිතා කළාක් මෙන්, නූතන ඉන්ෆ්ලුඑන්සර්ස්ලා ෆිල්ටර්ස්, එෆෙක්ට්ස් එක්ක ජීවන රටා බ්‍රෑන්ඩ් කරනවා. එමා නිමක් නැතිව ණය වෙනවා. හරියට අර වික්‍රමසිංහ ගේ කෙටිකතාවක ඉන්න සිසිලියා වගේ. රෙදි, ගෘහ භාණ්ඩ, සුඛෝපභෝගී බඩු. මෙවැනි දේ අයිතිකර ගැනීම නිසා ඇගේ ජීවිතය අසාමාන්‍ය බවක් ඇති කරයි කියලා එමා විශ්වාස කරනවා. ඒ වගේම දැන් අපිට තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ණය, ඔන්ලයින් සාප්පු සවාරි සහ අපේ හිතේ කාන්සිය, හිස්කම පුරවන 'සිල්ලර බඩු තෙරපිය'. මේ අනුව එමා බෝවරි යනු මූලික වශයෙන් පාරිභෝගික ධනවාදයේ ව්‍යාජ පොරොන්දු පිළිබඳ 19 වන සියවසේ දී සිදු කළ අනතුරු ඇඟවීමක් කියලා කියන්නත් පුළුවන්.
අනෙකා සමග, අනෙකා ගේ ජීවිතය සමග සිදුවන සංසන්දනය

එමාට හිතට ගතට දැනෙන නිරුපද්‍රිත ආදරය මදි ය; ඇයට ආදරය දර්ශනයක් කරගැනීමට වුවමනා ය. ඉටිපන්දම් දැල්වූ රාත්‍රී කාල, වංශාධිපති අලංකාරය, නාට්‍යමය ආශා යනාදිය හරහා ඇයට ආදරය අවශ්‍යය ය. එයත් හරියට අද අපි දකින: චිත්‍රපට, ටික්ටොක් සෞන්දර්යය වගේ තමයි. බොහෝ දෙනෙක් තවමත් පාට්නර් කෙනෙක් පසුපස හඹා යන්නේ නැහැ. නමුත් ප්‍රේම සම්බන්ධය කෙබඳු විය යුතුද යන්න පිළිබඳ ජීවන රටා මනඃකල්පිතයක්, ලයිෆ්ස්ටයිල් ෆැන්ටසියක් පසුපස හඹා යනවා.
එමා ජීවත් වන්නේ ඇගේ එකම ගැලවීමේ මාර්ගය විවාහය පමණක් වූ සමාජයක ය. චාල්ස් බෝවරි අඳුරු ගුප්ත චරිතයක් බව ඇයට වැටහුණු පසු, ඇය කොටු වී ඇති බවක්, තනි වී ඇති බවක් ඇයට දැනෙනවා. නූතන සමාජයේ ගැහැනුන්ට වැඩි ස්වාධීනත්වයක් තිබිය හැකි නමුත්, සම්ප්‍රදායික සමාජ පීඩනයන් තවමත් දකින සියල්ල ලබා ගැනීම කරා ඇයව තල්ලු කරනවා. අලංකාරය, ආදරය, පවුල, රැකියාව, සුඛෝපභෝගීත්වය. එමා ගේ අත්දැකීම වගේම යථාර්ථය ඇය සැදූ සංස්කෘතික පිටපතට නොගැළපෙන බව පැහැදිවම පෙනෙනවා.
එමා විරසක වෙනවා, මානසික සෞඛ්‍යය හානි කරගන්නවා. ඒ අතෘප්තිය ඇගේ සැමියා ගැන පමණක් නොවෙයි. එය ඇය ගේ පැවැත්මයි. ඇයට නිතරම අවිනිශ්චිත බවක් දැනෙනවා. අද, මෙය නිරන්තර අනෙකා සමග, අනෙකා ගේ ජීවිතය සමග සිදුවන සංසන්දනය, සමාජ මාධ්‍ය ඊර්ෂ්‍යාව වැනි දේ ඒක්ක සමපාතී යි. සාමාන්‍ය ජීවිතය සහ පරමාදර්ශී ලෙස හදපු ජීවන රටාවන් අතර පරතරය නිසා අවුලුවන ලද මානසික අවපීඩනය හෝ කාංසාව පිළිබඳ නූතන වසංගතයට සමාන වෙනවා.
ගැහැනිය යනු එකම තේමාවක අඛණ්ඩ පැවැත්මක් ද…?
එමා අපකීර්තියට පත්වෙනවා; ඇය නිසා සදාචාරාත්මක පොලිස්කරණයක් සිදුවෙනවා. එමා චරිතය ඒ යුගයේ දී කොතරම් මතභේදකාරී ද කියනවා නම්, ‘මදාම් බෝවාරි’ අනාචාරය ඉස්මතු කරවූ නිසා නිර්මාණකරුට නඩු විභාගයකට පවා මුහුණ දෙන්න වෙනවා. අද, ලිංගිකත්වය, අභිලාෂය හෝ සාම්ප්‍රදායික භූමිකාවන් පිළිබඳ අතෘප්තිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන කාන්තාවන් බොහෝ විට සමාජ මාධ්‍ය ප්‍රතික්‍රියාවලට මුහුණ දෙනවා. ඔන්ලයින් හිරිහැර කිරීම්, ලැජ්ජාවට පත් කිරීම් හෝ සදාචාරාත්මක විනිශ්චය හරහා ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා.
ක්ලෝඩ් චැබ්රෝල්
'එමා බෝවාරි' ෆිල්ම් එකක් ආවා 1991. ඒක කළේ ක්ලෝඩ් චැබ්රෝල්. ඉසබෛල් හබර්ට් තමයි එමාට හිටියේ. ඒක හරි ලස්සනයි. විශේෂයෙන් ම ඉසබෙල් සිටි අනුරාගී ජවනිකා පෙළ ඉතාම ලස්සනයි. මම මේක බැලුවේ මරදානේ ඔලිම්පියා එකෙන්. එතකොට අපිට ඉහළින්ම පෙනුනේ එහි තිබූ ආලිංගන ජවනිකා. මුලින්ම ෆිල්ම් එකක් කළේ ප්‍රංශ සිනමාකරු ෂොන් රෙනර්. ඒ 1934 දී. එතකොටත් වැඩිය මතභේදයට ලක් වුණේ එහි තිබූ ආලිංගන ජවනිකා සහ එම තේමාව. මේ නිසාම 'එමා බෝවාරි' කියන නම කිව්වාම ඒ චරිතය ගැන ඇතිවන්නේ රාගය, විල්ලෝඩීබව මුසු හැඟීමක්. ලෝරන්ස් ගේ ලේඩි චැටර්ලිත් මේ වගේ තමයි. හැබැයි එමා බෝවාරිලා කියන්නේ මේ මතුපිටින් පෙනෙන විල්ලෝඩි සුන්දරත්වය ම නෙවෙයි කියලා ගුස්ටාව් ෆ්ලොබේ කරන මේ ප්‍රකාශය නිසා හිතෙනවා. ඔහු කියනවා, ඔහුට අවශ්‍ය වූයේ සාමාන්‍ය ජීවිතය යථාර්ථවාදී නොවන ආශාවන් සමග ගැටෙන විට සිදුවන දේ පිළිබඳ, එවිට ඇතිවන නීරසභාවය සහ මායාව පිළිබඳ නවකතාවක් ලිවීමට යි කියලා.
මේ අනුව එමා කියන්නේ මිනිස් දිවියේ විශාල යුග කිහිපයක ම තනි වුණු ගැහැනියක්. මෙම ගැහැනිය තවමත් තනිවෙලා. ඒ කියන්නේ ගැහැනිය යනු එකම තේමාවක අඛණ්ඩ පැවැත්මක්.
උපුටා ගත්තේ Shiranjith Nishantha Gammudhuwattaගේ ගේ face book පිටුවෙන්




