The Leader News
BREAKING
දකුණු ආසියානු දුමාරයෙන් ලංකාවට එල්ල වන අවදානම සහ විසඳුම්●ආර්ථිකය දිව්වත් රැකියා නැවතුණු බංග්ලාදේශයේ නවතම අර්බුදය●පොලිස් සුනඛ කූඩු දෙකකට ලක්ෂ 54ක්: පක්ෂ විපක්ෂ නායකයන් ප්‍රශ්න කරයි●මංගල දැන්වීම්වලින් කුලය තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද? | අජිත් පැරකුම්●රටේ තීරණ ගැනීමට ජනතාවත් හවුල් කරගන්නැයි එක්සත් ජාතීන්ගෙන් යෝජනාවක්●ත්‍රිපෝෂ බඩඉරිඟු තොගයක් මාස දහයක් තිස්සේ වරායේ●බලන්ගොඩ බිලිඳු මරණය: ඖෂධ හිඟය පිටුපස ඇති නොපෙනෙන බිය●පෘථිවියට සැතපුම් සිය ගණනක් ඉහළින් ඇසුණු තාත්තා කෙනෙකුගේ සතුටු කඳුළු●''ස්තුතියි'' යනුවෙන් ප්‍රතිචාර දක්වන්නට දවසක් අවශ්‍ය ද…?●කාන්තා හිංසනය නතර කිරීමට නීතියත් සමාජ ආකල්පත් වෙනස් විය යුතුයි - අගමැතිනිය●
Top Ad
විදේශ

ආර්ථිකය දිව්වත් රැකියා නැවතුණු බංග්ලාදේශයේ නවතම අර්බුදය

Awara

Awara

November 26, 2026 • 4:58 PM

ආර්ථිකය දිව්වත් රැකියා නැවතුණු බංග්ලාදේශයේ නවතම අර්බුදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටක ආර්ථික වර්ධනය ඉහළ යන විට ජනතාවට අලුත් රැකියා අවස්ථා බිහිවීම සාමාන්‍ය ස්වභාවයයි.
  • එහෙත් 2022 වසරට පෙර බංග්ලාදේශය වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අවධියේදී පවා ඊට සමගාමීව ප්‍රමාණවත් රැකියා උත්පාදනයක් සිදු නොවූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  • උපාධිය තිබුණත් රැකියා නැති තරුණ පරපුර බංග්ලාදේශයේ ප්‍රමුඛ පෙළේ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන ප්‍රතිපත්ති සංවාද කේන්ද්‍රයේ (CPD) විශේෂඥ ආචාර්ය ෆහ්මිදා ඛාතුන් පෙන්වා දෙන්නේ, රටේ සමස්ත විරැකියාව 3.66% ක් වුවත් උගත් තරුණ පරපුර අතර එය බරපතළ මට්ටමක පවතින බවයි.
  • ශ්‍රම බලකා සමීක්ෂණ දත්තවලට අනුව වයස අවුරුදු 15-29 අතර තරුණ විරැකියාව 8.07% කි.
අකුරු ප්‍රමාණය (Font Size):

රටක ආර්ථික වර්ධනය ඉහළ යන විට ජනතාවට අලුත් රැකියා අවස්ථා බිහිවීම සාමාන්‍ය ස්වභාවයයි.

එහෙත් 2022 වසරට පෙර බංග්ලාදේශය වේගවත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අවධියේදී පවා ඊට සමගාමීව ප්‍රමාණවත් රැකියා උත්පාදනයක් සිදු නොවූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 2022 න් පසු හටගත් ආර්ථික පසුබෑම හමුවේ එම අර්බුදය තවත් තීව්‍ර වී තිබේ.

උපාධිය තිබුණත් රැකියා නැති තරුණ පරපුර

බංග්ලාදේශයේ ප්‍රමුඛ පෙළේ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන ප්‍රතිපත්ති සංවාද කේන්ද්‍රයේ (CPD) විශේෂඥ ආචාර්ය ෆහ්මිදා ඛාතුන් පෙන්වා දෙන්නේ, රටේ සමස්ත විරැකියාව 3.66% ක් වුවත් උගත් තරුණ පරපුර අතර එය බරපතළ මට්ටමක පවතින බවයි.

2024 ශ්‍රම බලකා සමීක්ෂණ දත්තවලට අනුව වයස අවුරුදු 15-29 අතර තරුණ විරැකියාව 8.07% කි. විශ්වවිද්‍යාල උපාධිධාරීන් අතර එම අගය 13.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

| අවස්ථා අහිමි වූවන්: වයස අවුරුදු 15-24 අතර තරුණ පිරිසෙන් 19.7% ක් කිසිදු රැකියාවක, අධ්‍යාපනයක හෝ වෘත්තීය පුහුණුවක (NEET) නිරත නොවන බව එම දත්ත හෙළි කරයි.

| ගෝලීය ප්‍රවණතාව: ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නවතම වාර්තා ද තහවුරු කරන්නේ ගෝලීය ආර්ථික මන්දගාමීත්වය හමුවේ ලොව පුරා තරුණ ප්‍රජාවට රැකියා සොයා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

සංඛ්‍යාලේඛනවලට නොපෙනෙන සැබෑ පීඩනය


බංග්ලාදේශයේ දරිද්‍රතාව හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියාවක් නොකර නිවසට වී සිටීමට තරම් ආර්ථික ශක්තියක් නැත. එනිසා ඔවුන් ස්ථිර වැටුපක් හෝ රැකියා සුරක්ෂිතභාවයක් නොමැති එදිනෙදා කුලී වැඩ සහ සුළු ස්වයං රැකියාවලට යොමු වී සිටිති.

ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය අඩු වී තිබුණද, රටේ වැඩිම පිරිසක් තවමත් රැඳී සිටින්නේ කෘෂි ක්ෂේත්‍රයේය. මෙය කෘෂිකර්මාන්තය තුළ පවතින සෘතුමය රැකියා සහ සැඟවුණු විරැකියාවේ (Underemployment) ප්‍රබල ලක්ෂණයකි.

කර්මාන්තශාලා, තාක්ෂණය සහ කාන්තාවන්

2016-2022 කාලයේ නිෂ්පාදන අංශයේ නිමැවුම වාර්ෂිකව 9% කින් පමණ වර්ධනය වුවත්, නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ භාවිතය නිසා එහි රැකියා 10% කින් පමණ අඩු වී තිබේ.

විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ ස්වයංක්‍රීයකරණය හමුවේ කාන්තා ශ්‍රමිකයින්ට නව තාක්ෂණික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා සීමා වීම නිසා ඔවුන් රැකියා වෙළෙඳපොළෙන් කොන් වීමේ අවදානමක් මතුව ඇත.

අධ්‍යාපනය, ව්‍යවසායකත්වය සහ බාධක

විශ්වවිද්‍යාලවලින් සහතික පත්‍ර ලබා පිටවන උපාධිධාරීන් සතුව නූතන රැකියා වෙළෙඳපොළ ඉල්ලන විශ්ලේෂණාත්මක, ඩිජිටල් සහ කළමනාකරණ කුසලතා හිඟ බව ආචාර්ය ඛාතුන් සඳහන් කරන්නීය.

අනෙක් අතට ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උත්සාහ කරන තරුණයින්ට බැංකු ණය සඳහා ඇපකර ඉදිරිපත් කිරීමට සිදුවීම සහ ඉහළ ලියාපදිංචි ගාස්තු විශාල බාධාවකි. කාන්තා ව්‍යවසායිකාවන්ට දේපළ හිමිකම අඩු වීම සහ පවුලේ වගකීම් වැනි අමතර අභියෝගවලට ද මුහුණ දීමට සිදුව තිබේ.

විසඳුම කුමක්ද?


ඉහළ උද්ධමනය, බලශක්ති අර්බුදය සහ බැංකු අංශයේ දුර්වලතා මඟහරවා ගනිමින් රැකියා උත්පාදනය මූලික කරගත් උපායමාර්ගයකට රජය යොමු විය යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

| ආයෝජන විවිධාංගීකරණය: ඇඟලුම් කර්මාන්තයට පමණක් සීමා නොවී ඉලෙක්ට්‍රොනික, ඖෂධ, වෛද්‍ය උපකරණ, කෘෂි සැකසුම් සහ තොරතුරු තාක්ෂණ සේවා සඳහා පෞද්ගලික ආයෝජකයින් දිරිමත් කිරීම.

| ව්‍යවසායකයින්ට අතහිත: කුඩා ව්‍යාපාර සහ මහා පරිමාණ කර්මාන්ත අතර සම්බන්ධතා ගොඩනඟමින්, ව්‍යවසායකත්ව අරමුදල් සැබෑ සුදුස්සන් අතට පත් කිරීම සහ ආර්ථික කලාපවල (Economic Zones) සැබෑ රැකියා උත්පාදනය පිළිබඳ දත්ත විනිවිදභාවයෙන් ප්‍රකාශයට පත් කිරීම.

| ප්‍රායෝගික පුහුණුව සහ විගමනික ශ්‍රමිකයින්: වෘත්තීය පුහුණු විෂයමාලා සකස් කිරීමේදී පෞද්ගලික අංශයේ සේවායෝජකයින් සෘජුව සම්බන්ධ කර ගැනීම සහ විදේශගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන්ට නව රැකියා අවස්ථා සලසා දීම.

මෙම ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක නොවුණහොත්, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට ද පොදු අභියෝගයක් වී ඇති 'උගත් තරුණ විරැකියාව' බංග්ලාදේශයේ ඉදිරි ගමනට තීරණාත්මක බාධාවක් වනු ඇත.


වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය

The Daily Star (මුල් පුවත් විශ්ලේෂණය): Bangladesh needs an employment-led growth strategy



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...