The Leader News
BREAKING
දෙදහසක් රැවටූ බවට චෝදනා ලැබූ මූල්‍ය අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට●රවී සෙනෙවිරත්නගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව පෙබරවාරි 19 දා●ඩයනාට එරෙහි වීසා චෝදනාවක තීන්දුව ජනවාරියේ●ලක්ෂ 730 ඉඩම් ගනුදෙනු: යෝෂිතගේ නඩු විභාගය දෙසැම්බර් 3ට●වැට් බදු වාර්තා ප්‍රමාදයකට සබීතා අධ්‍යක්ෂ ධුරය දරන සමාගමකට දඩ●මෙන්ඩිස් බිලියනයක බදු නඩුව පෙබරවාරි 25 යළි කැඳවයි●කැනඩා රැකියා පෙන්වා ලක්ෂ 43ක් වංචා කළ පුද්ගලයෙකුට සිර දඬුවම්●ඔක්තෝබර් 7 ප්‍රහාරය ගැන පරීක්ෂණයක්; නෙතන්යාහු තවමත් සටනේ●ඉමාන් කලීෆ්ගේ නැවත පැමිණීම ව්‍යාකූල වෙයි: ප්‍රතිවාදිනිය ඉවතට!●අශෝක හඳගමගේ ‘සඳ දඩයම’: අතීත භීෂණය වර්තමානය මත කඩාපැනීම●
Top Ad
පුවත්

ඩයනාට එරෙහි වීසා චෝදනාවක තීන්දුව ජනවාරියේ

Pasan

Pasan

November 26, 2026 • 10:08 PM

ඩයනාට එරෙහි වීසා චෝදනාවක තීන්දුව ජනවාරියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාවකට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (නොවැම්බර් 26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්තාය.
  • ඒ අනුව, අදාළ චෝදනාව සඳහා ඇයට දඬුවම් නියම කිරීම 2027 වසරේ ජනවාරි 14 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
  • විත්ති කූඩුවේ සිට වරද පිළිගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති චෝදනා හතෙන්, 2015 ජූලි 17 සිට 2016 ජූලි 16 දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව අද අධිකරණයේදී කියවා දෙනු ලැබිණි.
  • එම අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොන් සෙනෙවිරත්න, තම සේවාදායිකාව එම චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාවකට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (නොවැම්බර් 26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත්තාය.

ඒ අනුව, අදාළ චෝදනාව සඳහා ඇයට දඬුවම් නියම කිරීම 2027 වසරේ ජනවාරි 14 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

විත්ති කූඩුවේ සිට වරද පිළිගැනීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති චෝදනා හතෙන්, 2015 ජූලි 17 සිට 2016 ජූලි 16 දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව අද අධිකරණයේදී කියවා දෙනු ලැබිණි.

එම අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොන් සෙනෙවිරත්න, තම සේවාදායිකාව එම චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.

විත්ති කූඩුවේ රැඳී සිටි ඩයනා ගමගේ ද තමන් එම චෝදනාවට වරදකරු බව අධිකරණය හමුවේ ඍජුවම පිළිගත්තාය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අකිලා දල්පදාදු පෙනී සිටියාය.

ඉතිරි චෝදනා හයට සාක්ෂි විභාගය ඉදිරියට

අද එක් චෝදනාවකට වරද පිළිගත්ත ද, ඇයට එරෙහිව ගොනු කර ඇති තවත් චෝදනා 6ක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී තවදුරටත් සාක්ෂි විභාගය පැවැත්වේ.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති සෙසු චෝදනා මෙසේය:

| 2016 ජූලි 14 සිට 2017 ජූලි 16 දක්වා වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රැඳී සිටීම.

| 2018 ජූලි 17 සිට 2019 ජූලි 16 දක්වා වීසා නොමැතිව රැඳී සිටීම.

| 2020 ජූලි 16 සහ නොවැම්බර් 01 අතර කාලයේ වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම.

| 2014 ජනවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම.

නීතිමය පසුබිම සහ අධිකරණ ක්‍රියාමාර්ග

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබිණි.

ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කළ ඇයගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ද මේ වන විට අධිකරණ සේප්පුවේ ආරක්ෂිතව තැන්පත් කර තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...