The Leader News
BREAKING
Top Ad
පුවත්

ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි

Awara

Awara

October 6, 2026 • 5:59 PM

ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (ඔක්.
  • නොපැමිණීම නිසා නිකුත් වූ වරෙන්තුව ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවක් ඉකුත් 29 වන දා කැඳවනු ලැබූ අවස්ථාවේදී උන්වහන්සේ අධිකරණයේ පෙනී නොසිටියේය.
  • ඉන් අනතුරුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට.
අකුරු ප්‍රමාණය (Font Size):

සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (ඔක්. 6) කොළඹ මහාධිකරණය වෙත රැගෙන එනු ලැබිණි.


උන්වහන්සේ ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

නොපැමිණීම නිසා නිකුත් වූ වරෙන්තුව

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවක් ඉකුත් 29 වන දා කැඳවනු ලැබූ අවස්ථාවේදී උන්වහන්සේ අධිකරණයේ පෙනී නොසිටියේය.

ඉන් අනතුරුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසින් එදින වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

එම වරෙන්තුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට රැගෙන එනු ලැබිණි.

"චීවරය ඉවත් කිරීම ගැන කම්පා වෙනවා" - නීතිඥ සංජය මාරඹේ

අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඥානසාර හිමියන්ගේ නීතිඥ සංජය මාරඹේ:

"ස්වාමීනී.. අද දින ඥානසාර හිමියන්ව බන්ධනාගාරය විසින් චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා කම්පා වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට. ඒත් මෙය කනගාටුදායක තත්ත්වයක්."

සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප

ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වන අතර, ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළවී ඇත. ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ආචාර්ය මහේෂ් හපුගොඩ සහ චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවල තැබූ සටහන් මෙසේය.

ආචාර්ය මහේෂ් හපුගොඩ: "සිවුරේ ලියැවී තිබූ දේ..."

භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්ධයෙන් අපේ අධ්‍යාත්මයේ තියන ගෞරවය එක්ක ගත්තම ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්සේගේ මේ ඡායාරූපය ක්ෂිතිමය එකක්. භික්ෂූ චීවරයේ ඉඳල එකවරම සුදු ඇඳුමින් හෝ ජම්පරයෙන් දැක්කම 'අනේ අපොයි' කියන එක අපිට හිතට එන දෙයක්. ගොඩක් බුකියේ ප්‍රතිචාර දැක්කමත් ඒක සනාථ වෙනවා. මේක සිංහල බෞද්ධ ප්‍රජාව පැත්තෙන් වෙනම මාතෘකාවක් වෙන්නත් පුළුවන් දෙයක්.

මට පවා මේ දසුන තරමක් අවුල් දෙයක්. හැබැයි...

උන්වහන්සේ චීවරය දරන කාලේ හිතන්න තිබ්බ දෙයක් තමයි තමන් චීවරයට අගෞරවයක් නොවන විදියට ඉන්නවා කියන එක. මට මතකයි බොදු බල සේනා ඉතාම ජනප්‍රිය කාලේ උන්වහන්සේ හිටියේ තමන්ට උඩින් වෙන කිසිවෙක් නැහැ කියන ගානට. ඒ වෙලාවේ මහින්දලගේ හයියත් ඒකට පාවිච්චි වුණා.

අද ඒ ස්වාමීන් වහන්සේ කියනවා කිසිම ආණ්ඩුවක් මගේ සිවුරට අත තිබ්බේ නැහැ කියල. හැබැයි අර චණ්ඩියෙක් වගේ දඟලපු කාලේ හිතන්න තිබ්බ යම් දවසක යම් මොහොතක මම මේ යන විදියට ගියොත් යම්කිසි කෙනෙක් මගේ සිවුර පවා ගලවනවා කියන එක. ඒක ඒ වෙලාවේ උන්වහන්සේගේ සිවුරෙම ලියවිලා තිබ්බා. ඒ කියන්නේ අන්තිමට ඒ 'අවසන් තැනටම' අරන් එනවා තමන් යන ගමනේ ස්වභාවය විසින්.

ඒ හයියෙන් තමයි අධිකරණයේ පවා සද්ද දාන්නේ. සිවුරේ හයියෙන්. අවසානයට ඒකම - ඒ සංකේතයම - ඒ ස්වාමීන් වහන්සේට අහිමි වෙනවා.

හැමදාම සිවුර තිබ්බ කියල 'ඕනෑම දෙයක්' කරන්න බැහැ. අපි නීතියට සහ ස්වභාව ධර්මයට යටත්. යම් දේශපාලනයක් කරනකොට ඒ දේශපාලනය නිසා ඇතිවෙන්න පුළුවන් අනික් මිනිස්සුන්ගේ වේදනාව ගැනත් හිතන්න ඕන.

බොදු බල සේනා එකේ ඩිෆෙන්ඩර් පෙරහැර මතක තියෙන කෙනෙක්ට සිහිවෙන්න ඕන සිංහල අපිට පවා බය හිතෙන දේශපාලනයක් එතන තිබ්බා. සුළු ජාතීන් ගැන කුමන කතාද...

මේ ස්වාමීන් වහන්සේ හිතුවේ නැහැ මේ තැනට එයා වැටෙයි කියල. මහා බලසම්පන්න 'සිවුර' නැතිවෙයි කියල. හැබැයි ඒක ඒ වෙලාවේ සිවුරේ ලියවිලා තිබ්බා....

සිවුර තියෙන එකේ දේශපාලනයක් තියනවා වගේම සිවුර ගලවන එකෙත් දේශපාලනයක් තියනවා.

චින්තන ධර්මදාස: "මහජනයා හමුවට එද්දී සිවුරට අවසර තිබිය යුතුයි"

සිවුර පිටින් සිරගත කිරීම සිවුරට කරන අගෞරවයක් විදිහටයි මං දකින්නෙ. සිරගතභාවයේ හිඳිද්දි භික්ෂුවක් වුනත් චීවරය දඬුවමට ලක් නොකර සාමාන්‍ය සිර ඇඳුම හැඳීම වටිනවා. ඒත් ඒකට මාධ්‍ය ප්‍රචාරය ලබා දීම අශිෂ්ට වැඩක්. ඒක සිරකරුවාගේ වුනත් පුද්ගලිකත්වයට කරන අසාධාරණයක්. සිර කුටියේ ඊට අදාළ ඇඳුමෙන් සිටියත් අධිකරණයට හෝ මහජනයා ඉදිරියට එන විට නැවත සිය කැමැත්ත පරිදි සිවුර අඳින්න අවසරයක් තියෙන්න ඕන. සිරකරුවෙක් කියන්නෙ නිශ්චිත කාලයකට දඬුවමකට ලක්වූ මනුස්සයෙක්.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...