BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විශේෂාංග

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා

Nethmini

Nethmini

October 2, 2026 • 3:58 PM

පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මඩුවන්වෙල වලව්ව ආසන්නයේ ම පිහිටි මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාම ටැම්පිට විහාරය මඩුවන්වෙල පරපුරේ ප්‍රදානයකි.
  • එක් වැසි සමයක කිතලබොකු ඔය පිටාර ගැලීම නිසා එදින පන්සලේ හාමුදුරුවන්ට දානය පූජා කිරීමට වලව්වේ ඇත්තන්ට නොහැකි විය.
  • පැරණි ලේබනවල මෙම පරිත්‍යාගයන් පිළිබඳව විස්තර සඳහන් වේ.
  • මෙම වලව් ඔවුන් තනා තිබුණේ විශේෂයෙන් කොළඹට යාම් ඊම් කිරීමේ දී මම පුද්ගලික තානායම්වල නතරවී සිටි අතර එම අවස්ථාවලදී ⁣රාජකාරී කටයුතුවලට කාර්යාල ලෙස ද මේවා භාවිතා කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙය ක්‍රි.ව. 1674 දී පමණ ආරම්භ කර තිබෙන්නේ මඩුවන්වෙල රටේ මහත්තයාගේ මීමුත්තණුවන් ය. එනම්, සීයාගේ පියා වන විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ ය. ඊට පෙර කිතලබොකු ඔයට ඉහළින් විහාරස්ථානයක් පිහිටුවා තිබිණි. එය කිතලබොක්කේ විහාරයයි. එකල එම ප්‍රදේශය බෝගස්හේන නමින් හැඳින්විය. එක් වැසි සමයක කිතලබොකු ඔය පිටාර ගැලීම නිසා එදින පන්සලේ හාමුදුරුවන්ට දානය පූජා කිරීමට වලව්වේ ඇත්තන්ට නොහැකි විය. මෙයින් කම්පාවට පත් අභයකෝන් මුදියන්සේ කිතලබොකු ඔයෙන් මෙගොඩ නව විහාරස්ථානයක් ඉදි කරවීය. ශ්‍රී මුදලින්දාරාමය යනු එම විහාරස්ථානය යි
     
මඩුවන්වෙල රටේ මහත්තයා ද ඇතුළුව එම පරපුරේ අය විසින් මුදලින්දාරාමය හැරුණු විට පනාමුරේ, වලල්ගොඩ, ඕමල්පේ, දාපනේ, ඇඹිලිපිටිය, විජේරිය යන ප්‍රදේශවල පිහිටි පුරාණ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් ඒවායේ දියුණුව උදෙසා තම පරපුරට අයත් ඉඩකඩම් පවා පරිත්‍යාග කර තිබිණි. පැරණි ලේබනවල මෙම පරිත්‍යාගයන් පිළිබඳව විස්තර සඳහන් වේ.
       
මඩුවන්වෙල වලව්ව හැරුණු විට මෙම පරපුරට අයත් තවත් වලව් තිබිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුර, ඇඹිලිපිටිය, රක්වාන, පැල්මඩුල්ල, රත්නපුර සහ පුස්සැල්ල යන ප්‍රදේශවල මෙම වලව් පිහිටා තිබිණි. මෙයින් ඇඹිලිපිටිය සහ පනාමුරේ වලව් දැන් නැත. එකල කොලොන්නේ සිට කොළඹ දක්වා වන ප්‍රධාන මාර්ගය වූයේ කොලොන්න, සූරියකන්ද, රක්වාන, පැල්මඩුල්ල, රත්නපුර හරහා මාර්ගයයි. මෙම වලව් ඔවුන් තනා තිබුණේ විශේෂයෙන් කොළඹට යාම් ඊම් කිරීමේ දී මම පුද්ගලික තානායම්වල නතරවී සිටි අතර එම අවස්ථාවලදී ⁣රාජකාරී කටයුතුවලට කාර්යාල ලෙස ද මේවා භාවිතා කළහ. 
       
මෙම නිවාස සෑදීමේ දී සැලකිල්ලට ගත් විශේෂ කරුණක්ද තිබෙන බව හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී ජයන්ත විජයරත්න හේරත් මහතා පවසයි. එනම් අශ්වයා සමඟ ගමන් බිමන් යන අවස්ථාවල අශ්වයෙකුට දිනකට යා හැකි දුර පිළිබඳව සලකා ඒ දුර ප්‍රමාණය අනුව මෙම නිවාස තනා ඇති බව ය. ප්‍රවාද තොරතුරුවලින්ද මෙය සනාථ වේ. 
images - 2026-10-02T153238.609.jpg

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රක්වාන නගරයේ මඩුවන්වෙල පරපුර සතු ගොඩනැගිලි කිහිපයක් හඳුනාගෙන ඇත. රක්වානෙහි පිහිටි පැරණි මහේස්ත්‍රාත් අධිකරණය, පොලිසිය සහ පොලිස් නේවාසිකාගාරය පිහිටුවා ඇති ගොඩනැගිලි මඩුවන්වෙල පරපුරට අයත් ය. 

විශේෂයෙන් පොලිසිය පිහිටා තිබෙන ගොඩනැගිල්ල මඩුවන්වෙල රටේ මහත්තයාගේ පියාණන් වූ මොළමුරේ අභයකෝන් රාජපක්ෂ දසනායක වේහැල්ලක මුදියන්සේ රටේ මහත්තයා විසින් එහි තිබූ අශ්ව ගාලත් සමඟම 1885.12.11 දින ලියන ලද අන්තිම කැමති පත්‍රයකින් මඩුවන්වෙල රටේ මහත්තයාට පවරා ඇත. එබැවින් මෙම ගොඩනැගිල්ල අනිකුත් ගොඩනැගිලි අතරින් පැරැණිම ගොඩනැගිල්ල සේ සැලකිය හැකිය. පසුකාලීනව මෙය නවීකරණය කරනු ලැබුවත් පැරණි ගෘහ නිර්මාණය තවමත් ආරක්ෂා වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටු වන ලද දෙවෙනි පොලීසිය මෙම රක්වානේ පොලීසියයි. මෙය ආරම්භ කොට ඇත්තේ 1866.06.01 දින ය. 
     
මඩුවන්වෙල පරපුරට එකල පැවති ඉංග්‍රීසි ආණ්ඩුව මගින් අධිකරණ බලතල ලබා දී තිබිණි. ඔවුන් අධිකරණ කටයුතු කරගෙන යාම සඳහා මෙම ගොඩනැගිල්ල භාවිත කළ බවට පිළිගත හැකි සාක්ෂි තිබේ. හොඳම සාක්ෂියක් වන්නේ ඊට යාබදව ඇති කුඩා රැඳවුම් කුටියයි. එහි සාක්ෂි කරුවන් රඳවා තබා ඇත. රටේ මහත්තයා අධිකරණ කටයුතුවලට මෙම ස්ථානයට පැමිණි අවස්ථාවල තම අශ්වයා නතර කිරීම සඳහා මෙම ස්ථානයේ පිහිටි තවත් ගොඩනැගිල්ලක ස්තාලය පවත්වාගෙන ගොස් තිබේ. කෙසේ වුවද මෙම ගොඩනැගිලි පොලිසියට පවරා ගැනීම තුළ පැහැදිලි වන්නේ පසුකාලීනව ඔහු මෙම ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගෙන නොමැති බවයි. 
rakwana rest house.jpg
     
වර්තමාන රක්වාන තානායම එදා මඩුවන්වෙල රටේ මහත්තයා විසින් තමන් රක්වානට පැමිණි විට නතර වීම සඳහා භාවිත කළ තානායම බව පැවසේ. ඔහු කලවානේ කුමාරිහාමිව කැන්දා ගෙන එන දවසේ පළමු රාත්‍රිය ගතකොට තිබුණේ ද මෙම තානායමේ ය. එසේම ඔහු රක්වානට පැමිණි අවස්ථාවලදී වතු වැවිලිකරුවන් වන තම දෙස් විදෙස් මිතුරු මිතුරියන් හමුවී විනෝද වීමට ද මෙම තානායම භාවිත කර තිබේ. රක්වානෙහි එකල ඉතා සරුවට තේ වගාව සිදුකර තිබිණි. 
       
රටේ මහත්තයාගේ මරණයෙන් පසු මෙම ගොඩනැගිල්ල රක්වාන ප්‍රදේශයේ ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවන්ගේ සහ එම ප්‍රදේශයේ වාසය කරන සිවිල් සේවකයන්ගේ සමාජ ශාලාවක් බවට පත් වී ඇත. එවකට සිටි ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා මහ රැජිනගේ අත්සන යෙදූ ලේඛනයක් මගින් මෙය තානායමක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. එම ලේඛනය වර්තමානයේදී ද තානායමෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනු දැකිය හැකිය.
       
474215668_499928539787361_2533011675069111600_n.jpg
පසුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය පිහිටුවන ලද්දේ මඩුවන්වෙල රටේ මහත්තයා ගේ පැල්මඩුල්ලේ තානායමේ ය. දැන් එය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇත. මේ ප්‍රදේශයේ මඩුවන්වෙල රටේ මහත්තයාට ඉඩම් නොතිබුණත් ඔහුට කොළඹ යාමේ දී නතර වීමේ පහසුව තකා තානායමක් ඉදිකර ගැනීම පිණිස එම ඉඩම ප්‍රදානය කර තිබෙන්නේ සමීප ඥාතියකු වූ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ ය. එම බස්නායක නිලමේ ගේ සොහොන් භූමිය ඇත්තේ එම ඉඩමට යාබද ඉඩමේ බව ද පැවසේ. 
     
මඩුවන්වෙල රටේ මහත්තයාට අයත් රත්නපුර තානායම, රත්නපුර තිරුවානකැටිය ප්‍රධාන මාර්ගයේ පිහිටි අතර මේ වනවිට එහි පෞද්ගලික ආපන ශාලාවක් පවත්වාගෙන යයි. ජනප්‍රවාදවල එන ආකාරයට මෙම ඉඩම රටේ මහත්තයාට ලබාදී ඇත්තේ ඇහැලේපොල මහාදිකාරම ය.
images - 2026-10-02T154342.772.jpg
       
රටේ මහත්තයාට අයත් පුස්සැල්ල තානායම, කඳු මුදුනක පිහිටුවා ඇත. ඔහුගේ මව වූ එක්නැලිගොඩ කුමාරිහාමිට විවාහයේ දී දෑවැද්ද ලෙස කුරුවිට කෝරළයේ කැන්දන්ගමුව ප්‍රදේශයේ, මුදුන්කොටුව නමැති අක්කර දහස් ගණනක නින්දගමෙන් කොටසක් ලැබිණි. පසුව මඩුවන්වෙල රටේ මහත්තයා තම ගමන් ගමන් බිමන් යාමේදී නවාතැන් ගැනීමේ පහසුව තකාත්, තම මව් උරුමයෙන් ලැබුණු එම නින්ද ගමෙහි ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහාත් මෙහි නතර වී ඇත. මේ වන විට මෙම ඉඩම අයත් වන්නේ සබරගමු පළාත් සභාවට ය.
     
තවත් කොටසක් ලබන සතියේ 
මෙම විස්තර සපයා දුන් හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය

සටහන : ඉන්දු පෙරේරා

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා  

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා

ඉන්දු පෙරේරා

ලේඛිකා

ඉන්දු පෙරේරා යනු සාහිත්‍ය නිර්මාණ, මාධ්‍ය ලේඛනය සහ සමාජ-මානවීය කරුණු ඔස්සේ සිය අවධානය යොමු කළ ශ්‍රී ලාංකේය සිංහල ලේඛිකාවකි. ඇයගේ ලේඛන තුළ සාමාන්‍ය මිනිසාගේ ජීවිතය, සමාජ අත්දැකීම් සහ මානවීය සංවේදීතා ප්‍රමුඛ ස්ථානයක් ගනී.

View all stories by ඉන්දු පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...